Part 1

621 65 21
                                    

"අද සිට ඔබ දෙදෙනා නීතියෙන් වෙන් උන දෙන්නෙක්."

අවසාන නඩු තීන්දුවෙන් පසු උසාවියෙන් එළියට පැමිණි පිරිස අතරින් ඉක්මන් ගමනින් තම කාරය දෙසට යන කඩවසම් තරුණයා කාගෙත් අවධානයට යොමු උනේ ඔහුගේ සිත් ඇදගන්නා සුළු පෙනුමටත්, ආඩම්බරකාර කඩිසර ගමනත් නිසාය. ඊටත් වඩා ඔහුගේ තැන්පත් ඉරියව් දුටු ඕනම කෙනෙකුට සිතෙන්නේ දික්කසාදය දක්වා ගමන් කිරීමට තරම් මේ පුද්ගලයාගේ ඇති වැරද්ද කුමක්ද යන්නයි.

ඉක්මන් ගමනින් තාම කාරය වෙත පැමිණියත් ඔහුට මඳක් නැවතීමට සිදු උනේ තම ලෝයර් ගෙ හදිසි පැමිණීමත් සමඟ යි.

"සුබ පැතුම් Mr. Jung Hoseok. ඉක්මනටම divorce එක ගන්න පුලුවන් උන එක ගැන සතුටුයි "

"ඕහ් thankyou Mr.Kang කරපු උදව්වට. මට ගොඩක් වෙලා මෙතැන ඉන්න බෑ මට තැනකට යන්න තියනවා."

ලෝයර්ගෙන් පිළිතුරක් ලැබෙන තුරු වත් රැදී නොසිට හොසොක් කාරයට ගොඩ උනේ ඈතින් තවත් කාරයකට ගොඩ උන ගැහැණිය දෙසද ඇහැ කොනකින් බලන ගමන්.

"ඒ අන්න අරූ එළියට ආපු ගමන් යනවා "

"ඌට යන්න දියන් ජින් ඔය ගියාට ආපහු එනවා"

"හොඳ සිහියෙන් නම් ඕකා ආපහු එන් නෑ නම්ජූනා"

" අපි හැමෝම අද ජන්ග් මැන්ශන් එකට යමු. හොසොක් හියුන්ග්ව තනි කරන්න හොඳ නෑ. එයා හිතයි එයාට කවුරුත් නෑ කියලා. "

ජන්ග්කූක්ගෙ යෝජනාවත් සමඟ එතැන හිටපු කොල්ලො හය දෙනා පිටත් උනේ ජන්ග් මැන්ශන් එකට.

මේ අතර තුර cherry blossom යායක් මැද වාහනය නතර කරපු හොසොක් පාර දිගේ ඔහේ ඇවිදින්න පටන් ගත්තෙ සීතල නිසා වේදනා දෙන අත් දෙක කලිසම් සාක්කුවේ ඔබාගෙන.

ඔව් මේ කොරියාවෙ සීත කාලය. එක මලක් වත් නැති අතු විතරක්ම තියෙන cherry blossom යාය මැදින් හොසොක් ඇවිදන් ගියේ තම අතීත මතක චිත්‍රපට දර්ශන මෙන් එකින් එක ඔලුවට ගලාගෙන එන විට.

නමුත් ඔහු අඩනව ද ? කොහෙත්ම නැහැ ඔහුගේ ජීවිතය තනිකරම කනපිට පෙරලපු ඒ දවසින් පසු යළි කිසි දිනක ඒ ඇස් වලින් කඳුළු වැටුණේ නෑ.

Divorce  Jhope Ff (Completed)Where stories live. Discover now