part 4

258 44 17
                                    

හොසොක්ගෙ ඩිවෝස් එක ඉවර වෙලා සතියකුත් ගෙවිලා. හැමෝම තම තමන්ගේ වැඩ එක්ක කාර්යබහුල වෙලා. ඒත් හොසොක්ට නම් එහෙම නෑ. ඔහු Jung mansion එකට වී කාලය කා දමන්න පුරුදු වෙලා එයාගෙ වැඩ ටිකත් අනිත් කොල්ලො ටිකට පවරලා.

සෝල් වල ගොඩක් අපරාධ සිද්ධ උනත් ඒවට සම්බන්ධ වෙන්නේ හොසොක්ල නෙමෙයි. මොකද එයාල අහිංසක මිනිස්සුන්ට කරදර නොකර ඉන්න එක ප්‍රතිපත්තියක් කරගෙන තියෙන නිසා. නමුත් සෝල් වල සිදු වූ දරුණු අපරාධ කිහිපයකටම මාෆියා වල හෙඩ් සම්බන්ධ බවට පැතිරෙන තොරතුරු නිසා NIS එක උනත් වැරදි පාරේ යන එක නම් හොසොක් ඇතුලු black mafia කණ්ඩායමටත් හිසරදයක් වෙලා තිබ්බෙ.

"අහක යන කුණු නෙ අපේ ඇගට පාත් වෙන්නේ "

හිතේ ඇතිවුන කේන්තියට කෑගහගෙන ඉස්සරහ තිබුණ මේසයට පයින් ගහපු නම්ජූන්ට දවල් තරු පෙනුනේ kim mansion එකේ තිබුණ තවත් වටිනාම මල් පෝච්චියක් කුඩු වෙන සද්දෙ එයාගෙ සවනට වැටුන නිසා.

"යාආආහ් කිම් නම්ජූන්..."

ඊළඟට ඇහුන ඒ සුමිහිරි නාදයත් එක්කම නම්ජූන් ආපහු එයාගෙ කාමරේට දුවන්න හැදුවෙ එයාගෙ ජින් හියුන්ගෙ සුමිහිරි රැප් එක ඇහුවොත් එයාට හොසොක්ගෙන් බැනුම් අහන්න කන් දෙකක් ඉතුරු නොවෙන නිසා.

"තමුසෙ දන්නවද මං මේ පෝච්චිය කොච්චර අමාරුවෙන් ද හොයා ගත්තෙ කියලා. ඒකත් මං තව කෙල්ලෙක් එක්ක වාද කරල කරල බොහොම අමාරුවෙන් ගත්තෙ. මේවා ලෝකෙටම තියෙන්නෙත් දෙකයි...."

තමන්ගෙ කාමරේට ඇවිල්ලා ජින්ගෙ සද්දෙ ඇහෙන් නැති වෙන්න දොර වහ ගත්තෙ හොඳ හුස්මකුත් පිට කරන ගමන්.

"මාෆියා වැඩ කරන්නත් ඕනේ, හොසොක්ගෙ ගෑනි ගැන හොයන්නත් ඕනෙ බැනුම් අහන්නත් ඕනෙ"

තමන්ටම මුමුණ මුමුණ නම්ජූන් ලෑස්ති වුනේ හොසොක්ව හම්බෙන්න Jung mansion එකට යන්න.

මේ අතරෙ kim mansion ඒකෙම සාමාජිකයෙක් වුන ටේ උදේම ලෑස්ති වෙලා පහළට ආවේ ජින් කටත් බාගෙට ඇරගෙන මේ දිහා බලාගෙන ඉද්දි.

"මොනවා...මෙන්න අපේ ගෙදර පොඩිම එකා උදෙන්ම නැගිටලා...ඕ මයි ගෝඩ්"

ජින් ඇදල පැදල එහෙම කියනකොට කෑම මේසයට ආව ටේ පෑන්කේක් එකක් අරන් කටේ ඔබා ගත්තෙ දවස් ගානකින් කාපු නැති එකෙක් වගේ. එච්චරටම යන්න හදිස්සිය.

Divorce  Jhope Ff (Completed)Where stories live. Discover now