part 6

208 42 14
                                    

හොසොක් kim mansion එකේ ඉඳලා කෙලින්ම ආවේ එයාගෙ mansion එකට. ඔහු ඇතුලට එනකොට ම වෙනදා වගේම ජින්ගෙන් කෝල් එකක් ආවේ හොසොක් පරිස්සමට ගියාද කියලා ජින් හැමදාම හොයලා බලන නිසා. කෝල් එකටත් answer කරලා හොසොක් ගියේ ඔහු ඉස්සර ඉන්න ආසම උන තැනකට. සුකීගෙන් ඩිවෝස් වුනාට පස්සෙ කවදාවත් ආයේ යන් නෑ කියලා හිතුවත් හොසොක් මත් වෙලා ඉන්න දවස් වලට දන්නෙම නැතුව යන්නෙ එතැනට.

හොසොක් හිමින් හිමින් ලං වුනේ ලස්සන පොකුණක් ළඟට. ඒ පොකුණෙ විශේෂයක් තිබුණා. ඒ හඳ පායන දවස් වලට හඳ එළිය වැටිලා පොකුණෙ වතුර පේන්නෙ රිදී පාටට. ඉස්සර ලස්සන හිනා හඩවල් වලින් පිරිලා තිබුණ ඒ තැන අද පාලුවට ගිහින්. හොසොක්ට එයා ගැනම ලොකු කලකිරීමක් දැනුනා.

ඒත් එක්කම එයාගෙ සිහියට ආවේ සුකීව. ගාර්ඩන් එක බලා ගන්න කෙනාගේ බලවත් විරෝධය මැද සුකී මාළුන්ට කෑම දාන හැටි හොසොක්ට මතක් වුනා.

"ඇති ඔය කෑම දැම්මා. එයාලා වැඩිපුර කාලා මැරෙයි"

"අනේ සොකී තව චුට්ටම චුට්ටයි. පොඩ්ඩක් බලන්නකො අජුස්සි එනවද කියලා "

සුකීට තිබුනෙ ගොඩක් හුරතල් කට හඩක්. හොසොක් සුකීට ගොඩක්ම කැමති එයා අනිත් ගැහැණු ළමයින්ට වඩා ගොඩක් වෙනස් ගතිගුණ තිබුණ කෙනෙක් නිසා. සුකී වැඩිපුරම කතා කරන්නෙ එයා ලඟින්ම ඉන්න අයත් එක්ක විතරයි. පිට අය ඉස්සරහ හරිම නිහඬයි. හැබැයි එයාට එයාගෙ සොකී එක්ක නම් ඉවර වෙන් නැති කතා තිබුණා.

තව එයා ගොඩක්ම ආස කොන්ඩෙ ගොතන්න. හොසොක් නම් ඉස්සර මේකට තදින්ම විරුද්ධ වුනා. එයා හැමවෙලේම කියන්නෙ කෙල්ලෙක්ගෙ ලස්සන පේන්නෙ කොන්ඩෙ කඩාගෙන ඉන්නකොට කියලා. ඒත් සුකී අහනවද? නෑ එයා ගෙදර ඉන්නකොට විතරයි කොන්ඩෙ කඩාගෙන හිටියේ. සුකීගෙ ලස්සන එයාට විතරක් ම බලන්න පුළුවන් වුන නිසා හොසොක්ගෙ යටි හිතේ මේ ගැන සතුටක් තිබුනෙ නෑ කිව්වොත් ඒක බොරුවක්.

සුකීගෙ මේ චාම් ගති පැවැතුම් වලට තමයි හොසොක් ගොඩක් කැමති වුනේ. හොසොක් ඩාන්සින් වලට ගොඩක් ආස කෙනෙක්. සුකීත් එහෙමයි. ඒ දෙන්නා ඉස්සර මේ පොකුණ ළඟට ඇවිත් ඩාන්ස් කරනවා. සමහර දවස් වලට අනිත් කොල්ලො හය දෙනා මෙයාලා ඩාන්ස් කරන දිහා හොරෙන් බලන් ඉන්නවා.

හොසොක්ට මතක් වුනේ සුකී එයාලා හොරෙන් බලන් ඉන්නවා කියලා දැක්කම ලැජ්ජාවට හොසොක්ට මුවා වෙලා හැංගෙන හැටි. "කියුට්" හොසොක්ට හිතුනෙ එහෙම.

ඒත් හොසොක් වැඩි වෙලා සුකීගෙ ලෝකෙ අතරමං වෙලා හිටියෙ නෑ. හොසොක්ගෙ සිහියට ආවේ සුකීව මුලින්ම club එකක ඉන්නවා දැකපු හැටි. එතැනින් එහාට හොසොක්ට සුකී ගැන හිතන්න ඕනෙ උනේ නෑ. එයා පොකුණ ලඟින් නැගිටලා ගියේ සුකී ගැන තියෙන වෛරය තව වැඩි වෙද්දි.

මේ අතර මාළු ටැංකියක් දිහා බලාගෙන කල්පනා කරන සුකී ළඟට ආව මරියා බලන් හිටියෙ කොයිවෙලාවෙද සුකී එයාගෙ භාවනාව ඉවර කරන්නෙ කියලා. කොච්චර වෙලාවක් බලන් හිටියත් සුකී ඉවර කරන පාටක් නැති නිසා මරියා තීරණය කරා සුකීට කතා කරන්න.

"සුකී මට ඔයාගෙන් දෙයක් අහන්න තියනවා"

"ම්ම් අහන්න"

"මුකුත් හිතන්න එපා මං මේක එච්චර හිතලා නෙමෙයි අහන්නෙ බැරි වෙලාවත් මාෆියා වල හෙඩ් හොසොක් වුනොත්?"

  මරියා එහෙම කියාද්දිම එයාගෙ පැත්තට හැරුණ සුකී වේගෙන් ඔලුව දෙපැත්තට වැනුවෙ කවදාවත් එහෙම වෙන්න බැහැ කියන්න.

"නෑ නෑ හොසොක් නෙමෙයි. මොනවද මරියා ඔයා කියවන්නෙ "

කේන්තියෙන්ම කියලා අහක බලා ගත්ත සුකීට කියා ගන්න දෙයක් නැති වුනේ මරියා ඊලඟට අහපු ප්‍රශ්නෙ එයාටත් හිතන්න දෙයක් තිබුණ නිසා.

"හරි ඉතින්. ඒත් ඔය දන් නෑනෙ සල්ලිකාර හොසොක් ඒ සල්ලි හොයන්නෙ කොහොම ද කියලවත්. ඇත්තටම එයා කරන බිස්නස් මොනවද සුකී?"

මේක අහලා සුකීට කෙලත් ගිලුනෙ ඇත්තටම එයා හොසොක්ගෙ බිස්නස් වැඩ ගැන මුකුත්ම නොදැන හිටපු නිසා. හොසොක් කොහෙත්ම කැමති වුනේ නෑ එයා mafia වැඩ කරනවා කියලා සුකී දැන් ගන්නවට මොකද එහෙම වුනොත් සුකී එයාව දාලා යයි කියලා හොසොක් හිතපු නිසා. ඒ නිසයි අවුරුදු දෙකක් එක වහලක් යට ඉඳලත් සුකීට මුකුත් දැන ගන්න ලැබුනෙ නැත්තෙ. හොසොක් එයාගෙ වැඩ ගොඩක් රහසිගතව කරපු නිසා.

"එ එ  එයා කරන්නෙ පලතුරු බිස්නස් ඔ ඔව් පලතුරු තමයි"

යන්තම් ගොත ගහ ගහ සුකී බොරුවක් ගැට ගහ ගත්තෙ මරියා ඇස් දෙක කරකවල අහක බලා ගන්නකොට.

____________________________________________

කියන්න දෙයක් නෑ ඇත්ත වශයෙන්ම 🥲🥲🥲❤

Divorce  Jhope Ff (Completed)Where stories live. Discover now