part 5

240 45 8
                                    

" ඇයි ජන්ග්කූක් තාම නැත්තෙ?"

හොසොක් ඇවිල්ල ඉන්න අනිත් අයගෙන් ඇහුවෙ දැන් එයා ඇවිල්ලා ගොඩක් වෙලා උනත් තාම එයාලගෙ පොඩි එකා ඇවිත් නැති නිසා.

"මං ඊයේ හැමෝටම කිව්වනෙ කූක්ට තමයි මුලින්ම කිව්වෙත්. එයා එනවමයි කිව්වා. අනික පොඩි එකා ගොඩක් සතුටු වුණා පාටි එක ගැන අහලා"

ජින් මූණත් බෙරි කරගෙන කිව්වම ජිමින් ෆෝන් එක අතට ගත්තෙ ජන්ග්කූක්ට කෝල් එකක් ගන්න.

මේ අතරෙ කම්මුලට අතකුත් තියාගෙන කල්පනා කරන ටේ ව නම් කාටවත් පෙනුනේ නෑ. වෙනදා ජන්ග්කූක් එන්න පොඩ්ඩක් පරක්කු උනත් හොයන ටේ අද පැත්තකට වෙලා ඉන්නවා. එයා හිතන්නේ සේහි ගැන ද?නෑ

ඊයේ සුගාව මීට් වෙන්න ගියාම දැක්ක දෙයක් ගැන තමයි ටේ කල්පනා කරන්නෙ. ඊයෙ සුගා එයාගෙ වොලට් එක එළියට ගත්තම එකේ තිබුණ ෆොටෝ එකක් ටේ දැක්කෙ අහම්බෙන් වගේ. ඒක කෙල්ලෙක්ගෙ ෆොටෝ එකක්. නිකන්ම කෙල්ලෙක්ගෙ නෙමෙයි එයාට උදේ හමුවුන සේහිගෙ ඔන්නි.

"ඒ  කියන්නෙ සුගා හියුන්ග් යාලු වෙලා හිටියේ සේහිගෙ ඔන්නිත් එක්කද?"

"මොනවාද ටේ ඔයා තනියම කුටු කුටු ගාන්නේ?"

ජිමින් කෝල් එක අරන් එනකම් වට පිට බල බල හිටපු සුගා දැක්කෙ තනියම කියවන ටේ ව. සුගා කතා කරපු සද්දෙට ගැස්සිල මේ ලෝකෙට ආපු ටේ ඇස් දෙකත් ලොකු කරන් සුගා දිහා බලන් හිටියේ එයාගෙ කටින් දැන් ටිකකට කලින් කියවුන දේ සුගාට ඇහුනද කියලා බලන්න. ඒත් වාසනාවට ඒක එයාට ඇහිලා නෑ.

"නෑ නෑ හියුන්ග් මුකුත් නෑ"

ටේ එහෙම කියලා දොර දිහා බලද්දි දැක්කෙ ලොකු හදිස්සියකින් වගේ දුවගෙන එන ජිමින්ව.

"අනේ හියුන්ග් කූක් කෝල් එක ගන් නෑනේ"

"මොනවා"

ටේ දැන් තමයි දැන ගත්තෙ ජන්ග්කූක් තාම ඇවිත් නෑ කියලා. එයා ඉක්මනට key එක ගත්තෙ ජිමින් එක්ක කූක්ව හොයන්න යන්න උනත් හොසොක් එක පාරටම ගේට් එක දිහාට දුවන්න පටන් ගත්තම කට්ටියම එක්ක හොසොක් පිටි පස්සේ ගියේ මොකක්ද හදිස්සිය කියලා බලන්න.

Divorce  Jhope Ff (Completed)Where stories live. Discover now