Part 2

332 54 10
                                    

In jung mansion

'කවුරු හරි කියනවද මමයි ජිමිනුයි කොරියා වල හිටපු නැති කාලේ මෙහෙ මොනවද උනේ කියලා "

           මෙච්චර වෙලා වෙන දේවල් බල බල හිටපු ටේ මේ සිද්ධ වෙලා තියෙන සේරම හිතා ගන්න බැරුව හිටියේ. මොකද එයයි ජිමිනුයි අවුරුදු දෙකකට කලින් හොසොක්ගෙ වෙඩින් එකට පහුවදා ඇමෙරිකා ගියාට පස්සෙ ආපහු කොරියාවට ආවේ ඊයේ. හරියටම හොසොක්ගෙ ඩිවෝස් එකට කලින් දවසෙ. දැන් එයාලා බලාගෙන ඉන්නේ කවුරු හරි මේ අවුරුදු දෙකේ මෙහෙ මොනවද උනේ කියලා කියනකම් නොඉවසිල්ලෙන්.

" සුකී හිටියේ අපිත් එක්කම එකම clz එකෙනේ. හොසොක් හියුන්ග් හම්බෙනකම් එයාට කිසිම කොල්ලෙක් එක්ක සම්බන්දයක් තිබුනෙත් නෑ.  පාඩුවේ හිටපු අහිංසක කෙල්ලෙක්. මටත් තේරෙන් නැත්තෙ ඩිවෝස් වෙන්න තරම් මොකක්ද තිබුණ වැරද්ද කියලා "

       මේ සේරම අහගෙන හිටිය නම්ජූන් ලොකු හුස්මක් පහළට දැම්මේ අවුරුදු දෙකක් ඇතුළත හොසොක්ගෙ වගේම සුකීගෙ ජීවිත වෙනස් උන විදිහ ටේටයි ජිමින්ටයි කියන්න.

"ඒක ලොකු කතාවක් ජිමින්"

"ඔයාලට මතක ද අපේ ජීවිතේ වැඩියෙන්ම දුක් උන වගේම අපි ගොඩක් වෛර කරන දවස "

       නම්ජූන් අහනවත් සමගම එතැන හිටිය කොල්ලො ටිකගෙ අත් ඉබේම මිට මෙළවුණේ ඒ දවස ගැන මතක් වෙන ගානේ හිතට එන වෛරය නිසා.

"අප්පල ඉස්සරහ mafia භාර ගත්ත දවස. එදා ම තමයි අපේ හොසොක් හියුන්ග් mafia වල head උනේ. අපි වගේම එයත් වෛර කරන එකම දවස "

       ලේ රතු පාට උන ඇස් දෙකකින් ටේ කියාගෙන යනකොට ජිමින් ටේගේ උරහිස උඩින් අතක් තිබ්බෙ ඔහුව සන්සුන් කරන්න.

" එදා ඉඳලා අද වෙනකම් අපි අපේ අනන්‍යතාව හැමෝටම හැංගුවා. අපේ ළඟම යාලුවන්ගෙන් පවා. අන්තිමට අපි එයාලවත් නැති කර ගත්තා. සුගා හියුන්ග්ගෙයි ජින් හියුන්ග්ගෙයි ගැහැනු ලමයි පවා"

"ඔය ටික ආයෙත් මතක් කරන්න එපා නම්ජූන්න්න්න්..."

      සුගා කේන්තියෙන් මේසෙට ගහන ගමන් එතැනින් නැගිටලා එළියට ගියේ තවත් එතැන හිටියොත් එයාගෙ අතින් මොනවා වෙයිද කියලා දන් නැති නිසා.

Divorce  Jhope Ff (Completed)Where stories live. Discover now