Part 12

191 36 19
                                    

සතියකුත් ගෙවිලා ගියේ දන්නෙම නැතුව. හැමෝම එයාලගෙ වැඩ එක්ක කාර්යබහුල වෙලා. සුගා නම් මේ ටිකේම හිටියේ hospital එකේ. නැවතිලා නෙමෙයි උදේ යනවා ආයේ එන්නෙ හවස් වෙලා. හොසොක් නම්ජූන් දෙන්නත් යනවා තනියට.

සුගාට ගොඩක්ම හිතට අමාරු සේහිගෙ අක්කට මුකුත්ම මතක නැති එක. සැරින් සැරේ මතකෙ එනවා ආයේම නැති වෙලා යනවා.

එහෙන් මේ ඔක්කොම මං නිසා තමයි කියලා සුගා සැරින් සැරේ කන් කෙඳිරි ගානවා. ඩොක්ටර්ස්ලා නම් කියන්නෙ දැන් සුගාත් ඇවිල්ලා ඉන්න නිසා ඉක්මනට මතකෙ ස්ථීරවම ගන්න පුලුවන් වෙයි කියලා. දැන් කාලයට ඉඩ දීල ඉවසගෙන බලන් ඉන්න එක තමයි කරන්න තියෙන හොඳම දේ.

කොහොම උනත් නම්ජූන් නම් හොඳටම තේරුම් අරන් තිබුනෙ ආදරය කියන්නෙ තනිකරම ගිනි ගොඩක් කියලා.

හැමදේම කලින්ට වඩා ටිකක් සාමකාමී වෙලා තිබුණ එක එයාලට සහනයක් උනා. ඒත් එයාලා දැනගෙන හිටියද දන්නේ නෑ කුණාටුවකුත් අත ළග එනවා කියලා. සමහර විට දන්නවත් ඇති.


රෑ 10 ටත් කිට්ටුයි. හැමතැනම ඇල්කොහොල් සිගරට් ගද පිරිලා තිබුණ පාට පාට ආලෝක රටා එහෙ මෙහෙ යන club එකේ බිත්තියකට හේත්තු වෙලා හිටියේ වෙන කවුරුත් නෙවෙයි ඒ සුකී.

සුකී එයාලගෙ පලවෙනි mission එක පටන් අරන්.

Flashback

"සුකී ඔයාට කරන්න තියෙන්නෙ මෙච්චරයි. අද හොසොක් රෑට club එකට ආවම කොහොම හරි මේ drug එක එයාගෙ ග්ලාස් එකට දාන්න ඕනේ. ඊට පස්සේ ඌව room එකකට දාල අපිට කතා කරන්න. අපි එන්නම්.   Got it?"

"Yes sir"

සුකීට නම් හිතුනෙ මේක හිතුවට වඩා ලේසි වැඩක් කියලා. මොකද ඉතින් එයා මේ වගේ වැඩ ගොඩක් කරලා තියෙනවා නේ. ඒ උනත් එයා අද හැප්පෙන්න යන්නෙ හොසොක් එක්ක. සුකී VIP rooms තියෙන කොරිඩෝ එක දිගේ ඇවිදගෙන ගියා.

ඒත් ඇස් පිල්ලම් ගහන නිමේෂයකින් ඇය හිටියේ ශක්තිමත් දෑතකට අහු වෙලා. සුකීට හිතා ගන්නවත් බෑ මොකක්ද එක පාරටම උනේ කියලා දැන් එයා ඉන්න තැන පුදුම නිශ්ශබ්ද බවක් තියෙන්නෙ. සැරින් සැරේ නිවි  නිවි පත්තු වෙන ලයිට්ස් එක්ක එයාට තේරුණා එයා ඇදිලා ගියේ room එකකට කියලා.

Divorce  Jhope Ff (Completed)Where stories live. Discover now