Part 14

184 34 8
                                    

"උඹ ඊයෙ රෑ කොහෙද හිටියේ?"

"ම්ම්"

"හ්ම් හ්ම් ගාන් නැතුව කියපන් ෆෝන් එකත් off කරගෙන කොහෙද උඹ හිටියේ?"

     ජින් හැන්දකුත් වන වන අහපු දේට හොසොක් ඔලුව  උස්සල ජින් දිහා බලලා ආයේ සෝෆා එකට හේත්තු වෙලා නිදා ගත්තෙ එයාට නිදිමතේ කිසි දෙයක් කියන්න මතක් වෙන් නැති නිසා. හැබැයි මේ දිහා ජින් නම් බලන් හිටියෙ කේන්තියෙන්. මූණත් රතු කරගෙන.

"Club ගානේ ගිහින් බීලා බීලා කෙල්ලො එක්ක නටලා දැන් මෙතැන ඉන්නවා කබරයා වගේ "

ජින් ඒ සැරේ කියපු දේට නම් හොසොක්ගෙ මූණෙ මනමාල හිනාවක් ඇදුනෙ හීනෙන් වගේ සුකීව මතක් වුන නිසා.

ජින් ඉනටත් අත තියාගෙන හොසොක් දිහා ටික වෙලාවක් බලන් ඉඳලා ආපහු kitchen එකට ගියේ එයාගෙ කෑම එක ගැන බලන්න.

මේ අතරෙ ටේත් ලස්සනට ලෑස්ති වෙලා පහළට ආවේ එයාගෙ සුපුරුදු ගමන යන්න. සිංදුවකුත් මුමුණ මුමුණ perfume එකකුත් නාලා එයා ලඟින් යන ටේ දිහා එක ඇහැක් ඇරල බලපු හොසොක් ඇස් දෙකම ඇරියෙ ටේ ඇදන් ඉන්න shirt එක හොඳට දැකල පුරුදුයි පුරුදුයි වගේ නිසා.

ඒත් ඒක ගනන් ගන් නැතුව ආයේ ඇස් පියා ගත්තම තමයි හොසොක්ට මතක් වුනේ ඒක එයාගෙ හොඳම ඇදුම් collection එකෙන් එකක් කියලා.

ආයෙම ඇස් ඇරල ටේ දිහා බලපු හොසොක් දැක්කෙ kitchen එකෙන් පෑන්කේක් එකකුත් උස්සල කටේ ඔබාගෙන යන ගමන් හොසොක්ටත් ඇහැක් ගහගෙන ෂේප් එකේ මාරු උන ටේව.

ටේ දැන් බය නැතුව සේහිව මීට් වෙන්න යනවා. ටේ මුකුත් හංගන් නැතුව සේහිට ඇත්ත කිව්වා. සේහිත් ටේ මාෆියා වලට සම්බන්ධයි කියලා දැන ගත්තම කලබල උනේ නෑ එයා ටේව හොඳට තේරුම් ගත්තා. කොහොමහරි ටේ නිසා එයාගෙ අක්කට සුගාවත් හම්බුන නිසා දැන් අක්කට ටික ටික සනීප වීගෙන එනවා. ඒ නිසා සේහි නම් ඉන්නෙ සතුටින්.

හොසොක් "අල්ලගන්නම්කො පොඩි එකාව " කියලා හිතින් හිතන ගමන් ආයේ නිදා ගන්න හැරුණම ගැස්සිල ඇහැරුනෙ තාරාවෙක් කෑ ගහන සද්දෙට. ඔව් ජිමින් උදෙන්ම එයාගෙ singing practise පටන් අරන්.

ඒ අතරෙ හොසොක්ට දැනුනෙ කුකුලෙ මොකෙක්ද එකෙක් ඇතිල්ලෙනවා වගේ. හිමීට ඔලුව පහළට කරලා බලනකොට තමයි දැක්කෙ ජන්ග්කූක් හොසොක්ගෙ කකුලකට හේත්තු වෙලා නිදි.

Divorce  Jhope Ff (Completed)Where stories live. Discover now