part 9

182 34 21
                                    

   "මේක පිටිපස්සෙ ඉන්නෙ කවුද කියලා හොයා ගත්තද නම්ජූන්"

සුගා නම්ජූන්ගෙන් අහනකොට නම්ජූන් සුගා දෙස බැලුවේ හිස් බැල්මකින්.

"හොසොක් නම් දන්නවා ඇති"

නම්ජූන් හොසොක් දෙස බලා කියනකොට හොසොක්ගෙ මුහුණේ පොඩි හිනාවක් ඇදුනෙ නම්ජූන් කියූ දේ හරි කියලා ඒත්තු ගන්වන්න. ඒත් හැමෝම හොයන උත්තරේ නම් හොසොක්ගෙ කටින් පිට වුනේ නෑ. ඒ වෙනුවට එයා දුන්නෙ වෙන උත්තරයක්.

"ටේහියුන්ග් ඔක්කොම විස්තර ටික හොයන් එනවා. එතකොට බලන්න"

මේ අතරෙ ජන්ග්කූක් හිටියේ හොසොක් ලග බිම වාඩිවෙලා හොසොක්ගෙ කකුලක ඔලුව තියාගෙන. එයා ඉතින් හොසොක්ගෙ හුරතලානෙ. හොසොක් phone එකේ සිහියෙන් හිටියත් සැරින් සැරේ ජන්ග්කූක්ගෙ ඔලුව පිරි මදින එකට ජන්ග්කූක් නොසෑහෙන්න ආස කලා.

මේ අතරෙ මේ දෙන්නා දිහා බලන් හිටිය ජිමින් කෙලින්ම ගියේ ජින් හියුන්ග් ළඟට. ජින්  නම් හිටියෙ වීඩියෝ ගේම් එකක සිහියෙන්. අහල පහල වෙන දේවල් ගැන කිසි දෙයක් එයා ගනන් ගත්තෙ නෑ. ජින් ළඟට හිමින් හිමින් ලං උන ජිමින් බිම වාඩිවෙලා ජන්ග්කූක් වගේම ජින්ගෙ කුකුල උඩ ඔලුව තියා ගත්තෙ එක පාරටම කකුලට දැනුන බරින් ජින් ගැස්සෙද්දි.

"අහකට පලයන් හිකනලා"

ජින්ගෙ හදිසි සද්දෙට ගැස්සුන ජිමින් නැවතුනේ හිටපු තැනින් අඩි දෙක තුනක් ඈතට විසිවෙලා. මේ අතරෙ නම්ජූන් සුගා දෙන්නා අතිනුත් කට වහගෙන හිනා වෙනවා.

"උබලා මොකද යකෝ ගෙවල් නෑ වගේ මගේ ගෙදර අස්සට වෙලාම කරන්නේ? මේක හරි වැඩක් වුනානේ. මේ ගෙදරටම වෙලා පැලවෙලා ඉඳපල්ලා. හැබයි කට්ටිය හදන්නෙ නම් තට්ටු පහේ මාළිගා "

ජින් අන්තිම ටික නම් කිව්වේ ජන්ග්කූක්ගෙ පැත්ත දිහා හොරෙන් බලන ගමන්. එතකොට තමයි ජින් දැක්කෙ ජන්ග්කූක් side eye වලින් එයා දිහා බලන් ඉන්න විදිහ. ඒක දැකල ජින්ට හිනා යන්න ආවත් එයා ඒක නවත්ත ගත්තෙ එයා කේන්තියෙන් ඉන්නෙ කියලා අනිත් අයට පෙන්නන්න.

"ජින් හියුන්ග්ට අපි මෙහෙ ඉන්න එක කරදරයක් ද?"

ජිමින් බොරුවට දුක හිතෙන මුණක් හදන් ඇහුවා.

Divorce  Jhope Ff (Completed)Where stories live. Discover now