Part 16

344 37 19
                                    

"මිස්ට ජන්ග් හොසොක් ආයුධ භාර දීලා දැන්ම අපිත් එක්ක යන්න එන්න "

  සුකී උස් හඩින් කතා කරනකොට හොසෝක් ඒ  දිහා බලන් හිටියේ පිස්සෙක් වගේ හිනා වෙවී. සුකී හොසොක් දිහා ආර් යූ කිඩින් මී වගේ බැල්මකින් බලන් ඉඳලා ආයේ මොනවා හරි කියන්න කට ගන්නකොටම

"ඔයත් එක්ක යන්න එන්නම් අනිත් අයත් එක්ක නම් බෑ. මොකද කියන්නෙ අපි දෙන්නා ඩේට් එකක්.."

"ජන්ග් හොසොක්!!!"

එතැනින් එහාට හොසොක් මුකුත් කියන්න ගියේ නෑ. එයා කලේ පැණි හිනාවකුත් දාගෙන කේන්තියෙන් රතු වෙලා ඉන්න කෙල්ල දිහා බලාගෙන.

සුකී හිත ඇතුලෙන් ඉල්ලුවේ හොසොක්ට එන්න කියලා. මොකද එයාට මේ වෙලාවේ fight එකක් ඕනෙ කරලා තිබුනේ නෑ. මීට කලින් කිසිම mission එකක අපරාධකාරයෙක්ට යටත් වෙන්න කියලා කියපු නැති සුකී හොසොක්ගෙන් දෙපාරක්ම යටත් වෙන්න කියලා ඉල්ලුවා. ඒ සේරම කලේ දරුවා වෙනුවෙන්. ඒත් සුකීට තේරුණා හොසොක්ට යටත් වෙන්න කියන එක කිසිම වැඩකට නැති වැඩක් කියලා.

ඒත් එක්කම එතැනට ආවේ නම්ජූන් සමග සුගා, ටේ හා ජිමින් හතරදෙනා.

මේ අතරෙ ජින් ජන්ග්කූක් දෙන්නා එළියෙ හැංගිලා mansion එකෙන් පිට ඉන්න නිලධාරීන් ගැන ඇහැගහගෙන හිටියේ.

"අනේ ජින් හියුන්ග් අර මනුස්සයා මගෙ tiger lily මල් පැළ පාගගෙන ඉන්නෙ අනේ හියුන්ග් මොනවා හරි කරනවකො"

"එක මල් පැලයක් දෙකක් පොඩි උනා කියලා මුකුත් වෙන් නෑනේ කටවහගෙන ඉන්නවා "

"කටවහගෙන ඉන්න??හියුන්ග් දන්නවද ඒවා කොච්චර ගනන්ද කියලා. මං කොච්චර හෙව්වද ඒ  මල් දන්නවද දන්නවද තමුසෙ"

"ආ ඇත්තද තෝ අපේ ගෙදරට ගිල ගිල ඉද්දි කොහෙද දන් නෑ ඔය මල් ටික තිබ්බෙ"

ඇත්ත තමයි ජින්ගෙ ගෙදර ඉන්නකොට එයාට ඒ මල් ටික ගැන මතක් වුනේ වත් නෑනේ. ජන්ග්කූක් එහෙමම නිශ්ශබ්ද වෙන්කොට එයාලා ඈතින් දැක්කේ තව ජිප් දහයක් විතර mansion එක පැත්තට එන හැටි.

"ඒ ජන්ග්කුකා NIS එකෙන් ඇයි මෙච්චර එන්නෙ?"

"ඒකනේ හියුන්ග් පොඩ්ඩක් ඉන්න ඒ අරුන් නේද? එදා අපි fight කරපු උන්. උන් ආයේ එන්නෙ පලි ගන්න වගේ "

Divorce  Jhope Ff (Completed)Where stories live. Discover now