part 8

179 29 13
                                    

"බොස් උන්ගෙ කට්ටිය එච්චර නෑ වගේ "

හොසොක්ගෙ කණ්ඩායමෙන් ඔත්තු බලන්න ගිය කෙනා එහෙම කියනකොට හොසොක් ඔලුව දෙපසට වැනුවේ ඒ ගැන වැඩි බලාපොරොත්තු තබා ගන්න එපා කියන්න. මොකද කොරියා වල මෙතෙක් සිදුකළ ලොකුම රන් ජාවාරමට එන පිරිස අඩු වෙන්න විදිහක් කොහෙත්ම නැහැ කියලා හොසොක් දැනගෙන සිටියා.

"ඔයාල පිටි පස්සෙන් එන්න මං ජන්ග්කූක් එක්ක ඇතුලට යන්නම් "

"Ok boss"

හැමෝම හොසොක්ට ආචාර කරලා එතනින් විසිර ගියේ සැලැස්මේ හැටියට බිල්ඩින් එක වට කරලා ස්ථානගත වෙන්න. මේ අතරෙ හොසොක් ජන්ග්කුක් දෙස බැලුවේ ආව වෙලාවෙ ඉඳලා කිසිම දෙයක් කිව්වේ නැත්තෙ ඇයි කියල බලන්න.

වෙනදා හොසොක් එක්ක deal එක කතා කරන්න යන්නෙ නම්ජූන්. නමුත් අද හොසොක් එක්ක යන්නෙ ජන්ග්කූක්. ජන්ග්කූක් මීට කලින් fight වලට විතරයි සහභාගි වෙලා තිබුනේ. ඉතිං මේ ජන්ග්කූක්ගෙ පලවෙනි පාර නිසා බය හිතුනෙ නැතත් තමන් නිසා mission එක fail වෙයි කියලා හැගීමක් එයාගෙ හිතට දැනිලා තිබුණා.

"ජන්ග්කූක් ඔයා හොඳින් නේද?"

හොසොක් ජන්ග්කූක්ගෙන් අහනකොට ජන්ග්කුක් එයා හොඳින් කියලා ඇඟෙව්වත් හොසොක්ට තේරුනා ජන්ග්කූක් ඉන්න තත්වය. හොසොක් කලේ ඔහුගෙ උරහිස් දෙකෙන් අත් තියලා ජන්ග්කුක්ව තමන්ගෙ පැත්තට හරව ගත්ත එක.

"මේ අහන්න කූක් මගෙ පලවෙනි mission එකේදිත් ඔයා වගේම මට්ටමක තමයි මාත් හිටියෙ. ඒත් හැමදේම අපිට ඕනෙ විදිහට සිද්ද වෙයි. මං ඔයාවම මේ වැඩේට තෝර ගත්තෙ ඔයා තමයි මේ වැඩේට සුදුසු කියලා හොඳටම දන්න නිසා. දැන් කියන්න ඔයාට ඔයාගෙ හොබී හියුන්ග්ව විශ්වාසයි නේද?"

"දේ හියුන්ග් මට විශ්වාසයි."

පොඩි එකා හිනා වෙලා එහෙම කියනකොට හොසොක් ඔහුගෙ අතට mask එකක් දුන්නා. දෙන්නම mask දාගෙන කාර් එකට ගොඩ උනේ mission area එකට යන්න.

Mission area එක හිතපු තරම් අදුරු තැනක් නෙවෙයි කියලා හොසොක්ට තේරුණේ කාර් එකෙන් බැහැලා වට පිට බැලුවට පස්සෙ. මේ නිසාම හොසොක්ගෙ හිත පොඩ්ඩක් තැති ගත්තත් හොසොක් ඒක පිටතට නොපෙන්වා ඉන්න වග බලා ගත්තා.

Divorce  Jhope Ff (Completed)Where stories live. Discover now