Part 10

208 36 17
                                    

Mission එකෙන් පසු හොසොක් ඇතුලු පිරිසගෙ ජීවිත තරමක් දුරට සාමකාමී වුනේ එයාලගෙ අප්පලා මාෆියා වැඩ ටික කලකට බාර ගත්ත නිසා. ඒ  නිසා කොල්ලො සේරම  කාලය ගත කරන්න තෝරගෙන තිබුනෙ kim mansion එක.

හැබයි එක්කෙනෙක් හැර.  එයා නම් ඉන්නෙම  මහපාරේ.

"ටේ ඇයි ඔයා හදිස්සියේම මට එන්න කිව්වෙ"

  සේහි දෙවෙනි පාරටත් ටේගෙන් ඇහුවෙ ආව වෙලාවෙ ඉදලා තමුන්ගෙ ඉස්සරහ පුටුවට වෙලා රතු උන මූණකින් මේසේ දිහා බලන් ඉන්න ටේගෙන්.

මේක දිහා බලන් හිටිය සේහි හුස්මක් පහලට දාලා ටේගේ අතින් ඇල්ලුවෙ ඒ ස්පර්ශයට ගැස්සුන ටේ සේහිගෙ මුහුණ දෙස බලද්දි.

"මේ මේ මම...මං...ම..මං..මට.."

"මොකක්ද ටේටේ?"

සේහි හිනාවෙලා බලන් හිටියෙ තමන් ඉස්සරහ කතා කර ගන්න බැරුව වචන ගොත ගහන පිරිමි ළමයා දිහා. කලින් වගේ බැරෑරුම් පෙනුමක් වෙනුවට ඒ මුහුණෙන් සේහි දැක්කෙ හුරතලයක් විතරයි.

"මං ඔයාට ආදරෙයි"

සේහිට දැනුනෙ එයාගෙ හදවත මොහොතකට නතර වුනා වගේ. එයාට තාමත් හිතා ගන්න බෑ එයාගෙ කන් වලට ඇහුන දේ හරියටම හරිද කියලා. සේහි තවමත් එයාගෙ ඉස්සරහ ඉන්න ටේ දිහා බලන් ඉන්නවා.

"සේහි සේහි මේ අහන්නකො ඔයා කලබල වෙන්න එපා බාබා මේ.."

"මාත් ටේටේ"

"මොකක් ද?"

"මාත් ආදරෙයි ටේටේ"

ටේ තවත් හිත හිත හිටියෙ නෑ. එයා ඉක්මනට සේහි ලගට ගිහින් ඇයව ආදරයෙන් වැළද ගත්තෙ හිත අමුතු සතුටකින් පිරී යද්දි.

"අද අපේ ගෙදර යමුද? මට ඔයාව අදුන්වල දෙන්න කට්ටියක් ඉන්නවා"

"ඒත් ටේටේ"

"බය වෙන්න එපා එයාලා මුකුත් කියන් නෑ එන්නකො මාත් එක්ක "

ටේ සේහිගෙ අතිනුත් අල්ලගෙන පිටත් වුනේ kim mansion එකට. ටේ හිතුවා වගේම mansion එකේ කට්ටියම හිටියා. සේහිත් බයෙන් බයෙන් ටේගෙ පිටිපස්සෙන් ගියේ එයා කවදාවත් මෙච්චර ලොකු mansion එකකට ගිහින් නැති නිසා.

"ආ ආවද පොඩි මහත්තයා..."

ටේ ඇතුලට එනවා දැකල බනින්න ලෑස්ති වුන ජින්ගෙ කට ඉබේම නතර උනේ ටේගෙ පස්සෙන් හිමින් හිමින් එන කෙල්ලව දැකල. මේ අතරෙ අනිත් කොල්ලො ටිකත් බලන් ඉන්නෙ සේහි දිහා. ජිමින් හැර අනිත් අයට නම් සේහි කියන්නෙ අලුත් කෙනෙක්. හැබැයි ජිමින් නම් දන්නවා සේහි ගැන මොකද එයා පහුගිය දවස් දෙකේ ටේ පස්සෙ ගිහින් කෙල්ල කවුද කියලා දැන ගත්තා. එයාම තමයි ටේට හිතේ තියෙන දේ කියලා දාන්න කියල උපදෙස් දුන්නෙත්.

Divorce  Jhope Ff (Completed)Where stories live. Discover now