හතර වන කොටස 🌹

1.6K 199 9
                                    

"අම්මා.." සාලයේ පත්තරයක් බලමින් සිටි තම මව දෙස නොබලාම නිලේශ් පැවසුවේය.

"ඕඕ.." අම්මාද පුවත්පත දෙස බලා පැවසුවාය.

"මේ..."

"මොකද බන්." එවර අම්මා පැවසුවේ නිලේශ් දෙස බලාය.

"මේකයි..මම මේ.."

"හයියෝ කියපන්කෝ.." ඒ පැවසුවේ අක්කාය.ඇය සිටියේද සඟරාවක් කියවමින්ය.

"ම..මන්.. කෙනෙක්ට ආ..දරේ කරනවා.." නිලේශ් ගොත ගගහා පැවසුවේය.

"ෂා අපේ කොල්ලා දැන් ලොකු වෙලානෙ." අම්මා සිනාවෙමින් පැවසුවාය.

"ඉතින් ඕකට ඔහොම ගොත ගහන්න ඕනෙයෑ." ඒ පැවසුවේ අක්කාය.

"මේකයි..." නිලේශ්ගේ සියොළඟම දැවෙන්නට විය.මුළු ඇඟම වෙව්ලන බවක් ඔහුට දැනුනි.තමාව අදින් පසු මේ ගෙදර පුතෙක් විදිහට ඉන්න බැරි වේවි යන හැඟීමක් ඔහුට යාන්තමට දැනෙන්නට විය.නිලේශ් බිම බලාගෙනම සිටියේය.

"ඇයි මොකද ඒ කෙල්ලගෙ ගෙදරින් කැමති නැද්ද.? " ඒ ඇසුවේ අක්කාය.අම්මා තවමත් සිටියේ සතුටින් සිනාසෙමිනි.

"මොකට අකමැති වෙන්නද අනේ.මගෙ රත්තරන් කොල්ලට මොනවගෙන් අඩුවක්ද.මූට මේ ලැජ්ජාවෙද කොහෙද." අම්මා සිනාව එලෙසින්ම පවත්වා ගනිමින් පැවසුවාය.

"එහෙම නෙමෙයි අම්මා.." නිලේශ් බිම බලාගෙනම පැවසුවේය.

"එහෙනම් මොකක්ද කියපන්කො." අක්කා පැවසුවේ සඟරාවද පැත්තකින් තියාය.

"ම..මන්.. ආද..රේ කරන්..නෙ කො..ල්ලෙක්ට.." නිලේශ් අවසානයේ කියා දැමුවේය.ඔහුට පොළොව පලාගෙන යන්න සිතුණි.මෙතනින් දුවලා යෑමේ සිතුවිල්ලක් ඔහුගේ සිතට පහල විය.තව දුරටත් ඔහුට අම්මාගේ හෝ අක්කාගේ මුහුණ බැලීමට හැකියාවක් නොවුණි.එහෙත් විනාඩි කිහිපයක් යනකන් අම්මාගෙන් හෝ අක්කාගෙන් කිසිම කතාවක් නොවූ හෙයින් ඔහු දෙදෙනා දෙසම බැලුවේය.ඒ දෙදෙනාම සිටියේ නිලේශ් දිහා බලමින්ය.අම්මාගේ මුහුණේ පෙර තිබූ සිනහව දැන් නැති වී ගොසින්ය.අක්කාද සිටියේ කිසිවක් සිතාගත නොහැකිව නිලේශ් දෙසම බලාගෙනය.

තවත් විනාඩි කිහිපයක් යනකන් කිසිම කෙනෙකුගේ කිසිම වෙනස්කමක් නොවීය.එහෙත් අම්මාගේ මුවේ සියුම් සිනාවක් විය.නිලේශ් එය යාන්තමට දුටුවේය.අම්මාගේ සිනාවේ තේරුම අම්මා තම කැමැත්තට අවසර දෙනවා කියන එකද.නිලේශ්ගේ සිතේ සතුටක් ඇති විය.දැන් තියෙන්නේ දෙනුවන්ගේ කැමැත්ත ගැනීම පමණද.අම්මාගේ සිනහව වැඩි විය.අක්කා නම් තාම එසේමය.

හිරුට පෙම් බැන්ඳෙමි - Sinhala Bl ( COMPLETED )Where stories live. Discover now