දෙනුවන් ඉදිරියේ තම පාපොච්චාරණය කිරීමට පෙර නිලේශ්ට තිබූ නින්ද නොයෑමේ අසනීපයක් නොවන අසනීපය තම පාපොච්චාරණය කිරීමෙන් පසු සුව අතට පත් වී තිබුණේය.දෙනුවන් ඔහුව ප්‍රතික්ෂේප කළත් තම හැඟීම් සියල්ල දෙනුවන් ඉදිරියේ මුදාහල නිසාම නිලේශ්ට පසු ගිය දින කිහිපයේ රාත්‍රියේදී හොඳින් නින්ද ගියේය.එහෙත් අද දින නොසිතූ අයුරින් දෙනුවන්ගෙන් ලැබුණු සිපගැනීම නිලේශ්ට ප්‍රශ්නාර්ථයක්ම විය.එහෙයින් අද දිනයේ ඔහුට නින්දක් අසලක වත් නොවීය.ඔහු දිගින් දිගටම දෙනුවන්ගේ අමුතු හැසිරීම පිළිබඳ කල්පනා කළේය.දෙනුවන් කිසිදු වෙනසක් නොකොට ඉන්නවා සේ පැවසුවත් දැන් ඔහු වෙනසක් කර අවසන්ය.ඒ වෙනස හොඳ වෙනසක්ද නරක වෙනසක්ද කියා නිලේශ්ට සිතා ගන්නට බැරිය.දෙනුවන් මුලදී තමාව ප්‍රතික්ෂේප කළත් මේ වෙන විට ඔහුගේ සිත තමා කෙරෙහි බැඳී වත්දෝ කියා සැකයක් නිලේශ්ගේ සිතේ ඇති විය.එසේත් නැතිනම් දෙනුවන් තමාව සෙල්ලමකට අරගෙනද කියා බියකුදු ඔහුගේ සිතේ ඇති විය.
පැය කිහිපයකට පෙර සිදු වූ සියල්ල තම එකම හිතවතිය වූ මයුමිට ඇමතුමක් දී පවසා ඇයගේ අදහස දැනගැනීමට සිතුවිල්ලක් නිලේශ්ගේ සිතේ ඇති වුවත් ඔහු එම සිතුවිල්ල ක්‍රියාත්මක නොකෙරුවේ මේ වන විට අළුයම දෙකද පසු වී තිබුණු නිසාය.ඔහු එය හෙට පැවසීමට කල් දමා අමාරුවෙන් තම කල්පනාවන් පාලනය කරගෙන නින්ද ළං කරගැනීමට උත්සහ කළේය.
"ආ කපල් එක දැන්ද එන්නේ.." පසුදා නිලේශුත් දෙනුවනුත් රැකියාවට ගිය පසු ඔවුන්ගේ සම සේවකයෙකු වූ තාරුක්ෂ පැවසුවේ පරක්කු වී රැකියාවට පැමිණි නිලේශුත් දෙනුවනුත් දෙස බලාය.
"ඔව් ඔව් අඩව්වකුත් අල්ලලා ආවෙ..ඒකයි පරක්කු උනේ.." දෙනුවන් ඇඟට පතට නොදැනී පැවසුවේය.
දෙනුවන් අඩව්වක් යනුවෙන් පැවසුවේ රැකියාවට ඒමට පෙර සිදු වූ සිදුවීමක් ගැනය.නිලේශ් එය නැවත වතාවක් සිහි කළේය.
****************************
වෙනදා මෙන් නිලේශ් උදෑසනින් අවදි වී සුපුරුදු පරිදි දෙනුවන්ව අවදි කිරීමට කීද්දුවත් දෙනුවන් අවදිවන පාටක් පෙනෙන්නට නොතිබුණේය.
BẠN ĐANG ĐỌC
හිරුට පෙම් බැන්ඳෙමි - Sinhala Bl ( COMPLETED )
Truyện Ngắnඑකම එක පිරිමි හදවතක් වෙනුවෙන් බලා හිඳින යොවුන් ප්‍රේමවන්තයා... කතාවෙ ප්‍රධාන චරිතය නිලේශ්.ඇත්තටම අහිංසක චරිතයක්.නිලේශ්ගෙ එකම ආදරවන්තයා දෙනුවන්.ඒ දෙන්නම එකම තැනක රැකියාව කරන්නෙ වගේම එකම බෝඩිම් කාමරේක නැවතිලා ඉන්නෙ. අපි බලමු නිලේශ් එයාගෙ ආදරේ කොහොම ජය...