අටවන කොටස 🌹

1.5K 207 9
                                    

"අඩෝ අඩෝ...ඒකට කමක් නෑ..අඬන්න එපා..කොල්ලෙක්ට ආදරේ කරන එක වැරැද්දක් නෙමෙයිනෙ.." දෙනුවන්ද සැලෙන හදවතින් යුතුව නිලේශ්ව තව තවත් තදින් බදාගනිමින් පිටට තට්ටු කර පැවසුවේය.

නිලේශ්ට කඳුළු වැටෙන එක නවත්වා ගැනීමට නොහැකි විය.ඔහුට ඉතුරු ටිකත් පැවසීමට අවැසි වී තිබුණත් ඔහුට ඒ සඳහා ශක්තියක් නොවීය.

"හිතට හයිය ගනින් කොල්ලෝ.හිත වට්ටගන්න එපා." දෙනුවන් දිගින් දිගටම නිලේශ්ව සැනසුවේය.නිලේශ් කිසිවක් නොපවසා කඳුළු සලනවා පමණි.

"දැන් ඒ කොල්ලා දන්නෙ නැද්ද.." දෙනුවන් ඇසුවේය.

"නෑ අයියේ.." නිලේශ් කඳුළු අතරින්ම පැවසුවේය.

"මල්ලි උඹ ඔහොම තනියෙන් හිතේ තියාගෙන දුක් විඳින්න එපා.ඒ කොල්ලා කැමති උනත් නැතත් උඹ කෙලින්ම කියල දාපන්.ඒ කොල්ලා කැමති උනොත් එහෙමයි නැති උනොත් උඹට අඩු තරමෙ හිත හරි හදාගන්න පුළුවන් වෙයි.උඹ ඕක කියන්න තව පරක්කු වෙලා අන්න එදාට ඒ කොල්ලා අකමැති උනොත් උඹට දැන් ඒ කොල්ලා අකමැතියි කියනවට වඩා දුකක් දැනෙයි.ඒ නිසා දෙකෙන් එකක් වෙන්න කියල ඉක්මනටම කියල දාන එක හොඳයි.කල් යන්න කල් යන්න දුක වැඩි වෙන එක විතරයි වෙන්නෙ." නිලේශ්ව එලෙසින්ම බදාගනිමින් දෙනුවන් කියාගෙන ගියේය.දෙනුවන්ගේ වදන් නිලේශ් දැඩිව සිතට ගත්තේය.ඔහු එවදන් දැන්මම ක්‍රියාත්මක කිරීමට තීරණය කළේය.

"අයියේ...." නිලේශ් ඇසෙන නෑසෙන හඬින් පැවසුවේය.

"ඕඕ කියපන් කොල්ලෝ..." දෙනුවන්ද ඒ ආකරයෙන්ම පැවසුවේය.

"ඔයා....." නිලේශ් වෙව්ලමින් මෙන් පැවසුවේය.

"ඕඕ මන් මොකක්ද." දෙනුවන් නිලේශ්ව බදාගෙන උන් ඉරියව්වෙන්ම ඔහුගේ පිට අතගාමින් ඇසුවේය.

"ඔයා අයියේ....." දෙනුවන්ගේ පපුව මත නිලේශ් තව තවත් මුහුණ සඟවාගනිමින් පැවසුවේය.

"මන් මොකක්ද ඉතින්.." දෙනුවන් නැවතත් ඇසුවේය.

"ම...න්...ආද..රේ කරන්..නෙ ඔ..යා..ට.." අවසානයේ නිලේශ් අමාරුවෙන් වචන ගැටගසා ගනිමින් තම පාපොච්චාරණය කළේය.

සිදු වූ දෙය සිතාගත නොහැකිව මොහොතක් විමතියෙන් බලා සිටි දෙනුවන් තම බදාගැනීම ලිහිල් කොට නිලේශ්ගෙන් ඈත් විය.දෙනුවන් කිසිවක් පැවසූවේ නැත.එසේත් නැතිනම් දෙනුවන් පැවසු දේවල් නිලේශ්ට නෑසුනාද විය හැක.නිලේශ්ට තම ඇඟ වාරු නැති බවක් දැනුනි.ඔහු ඇස් දෙක තදින් වසාගත්තේය.මුළු සියොළඟම දැවී යන්නාක් මෙන් ඔහුට දැනුනි.අවට ලෝකයම මොහොතකට නතර වී ඇති බවක් සිතුණි.ඔහු ඉබේටම ඇඳට වැටුනි.

හිරුට පෙම් බැන්ඳෙමි - Sinhala Bl ( COMPLETED )Where stories live. Discover now