හයවන කොටස 🌹

1.5K 195 9
                                    

රාත්‍රී දොළහ පහුවෙනවාත් සමග අයියා පැමිණි බවට නිලේශ් දැනගත්තේ දොරේ සීනුව නාද වූ විටය.නිලේශ් කාමරයෙන් එළියට නොගියේය.අක්කා හෝ අම්මා දොර විවෘත කරන්නට ඇත.එහෙත් අයියා සිටින්නේ බීමතින්ද නැද්ද යන්න දැනගැනීමට නිලේශ්ට හැකියාවක් තිබුණේ නැත.සාලය දෙසින් ඇසුනු අයියාගේ කටහඬින් නිලේශ් එය අනුමාන කිරීමට උත්සහ කරත් අනුමාන කිරීමට තරම් සාක්ෂි නොලැබුණේය.නිලේශ් ඔහේ ඇඳට වී කල්පනා කරන්නටම විය.අයියා බීමතින් සිටියත් නැතත් අක්කාට ඔහුත් සමග සිදු වූ දේවල් ගැන කතා කිරීමට කොපමණ කාලයක් ගතවේද යන්න පිළිබඳ නිලේශ්ට හරිහැටි අවබෝධයක් නොවීය.

කෙමෙන් කෙමෙන් රාත්‍රී එකද පසුවෙමින් තිබුණි.ඒ වන විට නිලේශ්ට කුමක් හෝ හෝඩුවාවක් දැනගැනීමට දැඩි උවමනාවක් ඇති වුණේ අක්කාගේ වත් අයියාගේ වත් කටහඬක් යාන්තම් වත් ඔහුට නෑසුන නිසාය.සමහරවිට ඔවුන් ඒ පිළිබඳ කතා කිරීමට පසුදා එළිය වැටෙන තුරු ඉන්නවා වත්ද.එසේත් නැත්නම් තවමත් ඔවුන් ඒ පිළිබඳ කතාබහ කරනවද.නැතිනම් දැනටමත් ඔවුන් නිලේශ් පිළිබඳ තීරණයක් අරගෙනද.මෙම කිසිම පැනයකට පිළිතුරක් නොදන්නා හෙයින් නිලේශ් සාලයට ගියේය.ඒ වන විටත් සාලයේ ලයිට් නිවා දමා තිබුණි.අක්කාගේ කාමරය දෙසින් ඉතා පහත් ස්වරයේ කතාබහක් ඇසුනත් එය පැහැදිලිව ඇසුනේ නැත.නිලේශ් සද්දෙන් අඩි තබා කුස්සියට ගොස් මහ හයියෙන්ම කරාමය ඇර වීදුරුවකට වතුර පුරවා බීගෙන බීගෙන ගියේය.ඉන්පසු සද්දෙ ඇසෙන සේ වීදුරුවද පිඟන් රාක්කයේ තබා නැවතත් සද්දෙන් අඩි තබා සාලයට ගියේ අතරමගදී හමුවන පුටු මේස වල වැදි වැදී ඒවා එහාට මෙහාට කරමින්ය.එහෙත් ඒ කිසිම ශබ්දයකට කිසිම අයෙකුගෙන් ප්‍රතිචාරයක් නොවීය.පැමිණි වැඩෙන් කිසිම ඵලක් නොවූ හෙයින් අවසානයේ නිලේශ් පෙර තිබූ තොරතුරු දැනගැනීමේ කුතුහලයත් එලෙසින්ම තබා ගනිමින් නැවතත් කාමරයට ගියේය.

නිලේශ් කල්පනා කරමින් තවත් පැයක පමණ කාලයක් ගත වන විට ඔහුගේ කාමරයේ දොරට තට්ටු කරන හඬක් ඇසුනේය.නිලේශ් දොර විවෘත කර බලන විට සිටියේ අක්කා සහ අයියාය.දැන් උදා වී ඇත්තේ නිලේශ් මෙච්චර වෙලා බලා සිටි තීරණය දැනගැනීමට කාලයයි.තීරණය සුභවාදී එකක් වේවා යැයි නිලේශ් සිතින් පැතුවේය.ඒත් සමගම සියුම් බයක් මෙන්ම ලැජ්ජාවක්ද නිලේශ්ගේ සිතට ඇති විය.

හිරුට පෙම් බැන්ඳෙමි - Sinhala Bl ( COMPLETED )Where stories live. Discover now