දාහතරවන කොටස 🌹

1.3K 180 4
                                    

"අනේ මෝඩයා..මන් බොරුවක් කිව්වෙ..." දෙනුවන් යම් තරමක සිනහවකින් යුතුව පැවසුවේය.

නිලේශ් එය ඇසුනු වහාම හුන් තැනම නැවතුනේය.ඇසුණු දේ සතුටු හිතෙන දෙයක් වුවත් මේ මොහොතේ නිලේශ්ගේ ඇස් වලින් කඳුළු ගලාහැලෙන්නට විය.එයට හේතුවක් වත් නිලේශ්ට දැනුනේ නැත.ඉන්පසු කඳුළු පිසගත් නිලේශ්, දෙනුවන් දෙස බලා මුව පුරා විහිදුනු සිනහවකින් ඔහුට සංග්‍රහ කළේය.

"මෙහෙ වරෙන්කෝ...." දෙනුවන් නිලේශ්ට කතා කළේ දෑතම දිගුකොට බදාගැනීමකට ආරාධනා කරන අයුරකිනි.

දෙනුවන් සිටියේ හිටගෙන දෑත දිගුකොටය.නිලේශ් තප්පරයක් වත් පරක්කු නොකර වේගයෙන් දිව විත් දෙනුවන්ගේ ඇඟ වටා දෑත යවා තදින් බදාගත්තේය.එම අයුරින්ම දෙනුවන්ගේ පපුව මත ඔළුව තබා සුළු මොහොතක් සිටි නිලේශ් ඉන් අනතුරුව මදක් ඉස්සී දෙනුවන්ගේ බෙල්ල සිපගැනීමට උත්සයක් දැරුවේය.නිලේශ් අපහසුවෙන් මෙන් ඉස්සි ඉස්සී දෙනුවන්ගේ බෙල්ල සිපගැනීමට උත්සහ දරන බව දැනුනු දෙනුවන්, නිලේශ්ව ඔසවා ගත්තේය.නිලේශ්ගේ කෙසඟ සිරුරේ බර දෙනුවන්ට මදකුදු දැනුනේ නැත.ඔහු නිලේශ්ට කැමති පරිදි තමාව සිපගන්නට ඉඩ දී බොහෝ වෙලාවක් යනතුරු නිලේශ්ව තම හැඩි දැඩි අත් වලින් ඔසවාගෙන සිටියේය.නිලේශ් එම අවශ්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තේය.ඔහු දෙනුවන්ගේ බෙල්ල පුරාවට ගෑවෙන නොගෑවෙන පරිදි තම දෙතොල් එහා මෙහා ගෙන ගියේය.යම් උච්ඡතම අවස්ථා වල ඔහු රිදෙන නොරිදෙන පරිදි දෙනුවන්ගේ බෙල්ල මුවින් හැපුවේය.ඇස් වසාගෙන දෙනුවන්ගේ ගතින් විහිඳෙන සුවඳ විඳගත්තේය.දෙනුවන්ගේ බෙල්ල වටා අත යවමින් දෙනුවන්ගේ දෙතොල් මත තම දෙතොල් තබා සිපගත්තේය.ඔහු දෙනුවන්ගේ දෙතොල් තම මුව තුලට ඇදගන්නාක් මෙන් සිපගත්තේය.

නිලේශ් උමතු වූවෙකු මෙන් නොනවත්වාම සිපගනිද්දී දෙනුවන් ඔහුව ඔසවාගෙන සිටි අයුරින්ම ගෙනැවිත් ඇඳ මතින් තැබුවේය.ඉන්පසු දෙනුවන් නිලේශ්ගේ සිරුර මතට පැමිණ ඔහුගේ දෙතොල් සියුම් අයුරකින් සිපගත්තේය.නිලේශ්ගේ මුහුණ පුරාද දෙතොල් එහා මෙහා යවා සිපගත් දෙනුවන් නිලේශ්ගේ සිරුර මතින් නැගිට නිලේශ්ගේ කමිසයේ බොත්තම් එකින් එක ගැලෙව්වේය.බැනියමද සිරුරෙන් ඉවත් කෙරූ පසු නිලේශ් ලැජ්ජාවෙන් මෙන් දෙනුවන් දෙස බලා සිටිද්දී දෙනුවන් එය නොසලකා නිලේශ්ගේ නිරුවත් පපුව සිපගත්තේය.ඔහුගේ කුඩා තනපුඩු තම දෙතොල් වලින් හපමින් ඇද්දේය.පපුව පුරාවටම සිපගත්තේය.නිලේශ් එය ඇස් පියාගෙනම විඳගත්තේය.තවත් බොහෝ වේලාවක් යනතුරු මෙලෙසින්ම එක්වී සතුටු වූ ඔවුන් දෙදෙනා සියළු කටයුතු නිමා වී දෙදෙනාට දෙදෙනා තුරුල් වී සංවාදයක් සඳහා සැරසුනේය.

හිරුට පෙම් බැන්ඳෙමි - Sinhala Bl ( COMPLETED )Where stories live. Discover now