දෙනුවන් අවදි වී තම ජංගම දුරකථනයෙන් වේලාව බලන විට උදෑසන හතයි හතලිස් තුන ලෙස සටහන්ව තිබුණි.වෙනදා හය වෙද්දි නිලේශ් තමාව අවදිකළත් අද එසේ අවදි නොකිරීමට හේතුව කුමක්දැයි ඔහු කල්පනා කරන්නට වූවේය.බෝඩිම් කාමරය පුරාවටම නෙත් යැවූ දෙනුවන්, නිලේශ් කාමරයේ නැති බව වටහාගත්තේය.සමහරවිට ඔහු කවදාවත් නැතුව තමාව අවදි නොකරම රැකියාව සඳහා පිටව යන්නට ඇති බවට ඔහුට සිතුණි.එහෙත් එසේ කරන්නට හේතුව කුමක්ද..පෙර දින රාත්‍රියේ නිලේශ්ගේ ආදරය තමා ප්‍රතික්ෂේප කළ නිසා නිලේශ් වෙනදා මෙන් තමා ගැන සොයා බලන්නේ නැති වෙලාද.ඇඳට වී ටික වෙලාවක් යන තුරු කල්පනා කරමින් සිටි දෙනුවන් රැකියාවට යෑම සඳහා මුහුණ සේදිමට පටන් ගත්තේය.
නිලේශ්ගේ ඇඳුම් කිසිවක් ඇඳුම් රැක් එකේ නොමැති බවට දෙනුවන් වටහාගත්තේ මුහුණ සෝදා අවසානයේ අඳින්නට ඇඳුමක් සොයන අවස්ථාවේය.දෙනුවන්ට එයින් සියල්ල පසක් විය.ඔහුගේ අත කිසිදු අනුදැනුමකින් තොරවම තම ජංගම දුරකථනය වෙතට ගොස් නිලේශ්ගේ දුරකථන අංකය අංකනය කළේය.එහෙත් එය නාද වීමට පෙරම විසන්ධි කර දැමුවේය.සමහරවිට මේ මොහොතේ නිලේශ්ට සිත හදාගැනීමට කාලයක් දිය යුතුයැයි දෙනුවන්ට සිතුණේය.
නිලේශ් වෙනදා මෙන් රාජකාරියේ යෙදී සිටියත් ඔහුගේ සිතේ නිතරම තිබුණේ නිලේශ් පිළිබඳවමය.පෙර දින රාත්‍රියේ නිලේශ් පැවසූ වදන් ඔහුගේ සිත තුළ නැවත නැවත ඇසෙන්නට විය.තම තුරුලේ නිලේශ් වකුටු වී උන් හැටි ඔහුට මැවි මැවි පෙනුනේය.තමන්ට වත් නොතේරෙන අමුතු හැඟීමක් ඔහුට නිලේශ් කෙරෙහි දැනුනේය.නිලේශ්ගේ සියුම් තොල්පෙති වල පහස ඔහුට තවමත් දැනෙන්නාක් සේ දැනුනේය.මීට පෙර සිපගැනීමකදී දෙව්මි වත් නොදෙන සහයෝගයක් ඔහුට නිලේශ්ගෙන් ලැබුණේය.සුළු මොහොතාට වුවත් නිලේශ්ගෙන් ලැබුණු සිපගැනීම දෙනුවන් ඇස් දෙක පියාගෙනම නැවත නැවතත් විඳගත්තේය.
සය වෙනි වතාවටත් නිලේශ්ට ඇමතුමක් ගැනීමට සිතා දෙනුවන් දුරකථනය අතට ගත්තේය.එවෙලෙහිම දුරකථනය නාද වීමෙන් එම අවස්ථාවත් ගිලිහී ගියේය.දුරකථන තිරයේ දෙව්මි ලෙස සටහන් වී තිබුණි.ඒ දෙනුවන්ගේ පෙම්වතිය ය.
YOU ARE READING
හිරුට පෙම් බැන්ඳෙමි - Sinhala Bl ( COMPLETED )
Short Storyඑකම එක පිරිමි හදවතක් වෙනුවෙන් බලා හිඳින යොවුන් ප්‍රේමවන්තයා... කතාවෙ ප්‍රධාන චරිතය නිලේශ්.ඇත්තටම අහිංසක චරිතයක්.නිලේශ්ගෙ එකම ආදරවන්තයා දෙනුවන්.ඒ දෙන්නම එකම තැනක රැකියාව කරන්නෙ වගේම එකම බෝඩිම් කාමරේක නැවතිලා ඉන්නෙ. අපි බලමු නිලේශ් එයාගෙ ආදරේ කොහොම ජය...