සති කිහිපයක් ගෙවී ගියේය.එහෙත් ගෙවී ගිය සති කිහිපයටම දෙනුවනුත් නිලේශුත් දෙදෙනාම කතා කර තිබුණේ වචන තිහ හතිලහකටත් අඩු ප්‍රමාණයකි.දෙදෙනාම එකම බෝඩිම් කාමරයක සිටියත් ඔවුන් දෙදෙනාම සිටියේ එකිනෙකා නාඳුනන දෙදෙනෙකු ලෙසටය.රැකියාවට පිටත්ව යාමේදී පවා නිලේශ් සහ දෙනුවන් වෙන වෙනම පිටත් වූ අතර රැකියා සගයන්ටද මෙම වෙනස් වීම විශාල ප්‍රශ්නයක් වී තිබුණි.ඔවුන් දෙදෙනාගේ ඉතාම හිතවත් මිත්‍රයෙකු වූ තාරුක්ෂද බොහෝ අවස්ථා වල ඒ ගැන පවසා විහිළු කරත් ඔවුන් දෙදෙනාම එයට ප්‍රතිචාර දැක්වූයේ සිනහවකින් පමණි.නිලේශ්ට මෙම පවතින තත්වය දරාගැනීමට නොහැකි තරම් කම්පාසහගත දෙයක් වුවත් ඔහු ඒ පිළිබඳ දෙනුවන්ගෙන් ඇසීමට ගියේද නැත.දෙනුවන් බොහෝ වෙලාවට බෝඩිමේ සිටියේද නැත.ඔහු බෝඩිමට පැමිණෙන්නේ නිදාගැනීමට ආසන්න වූ පසුවය.ඒ බොහෝ අවස්ථා වල දෙනුවන් පැමිණියේ බීමතින්ය.දෙනුවන් ළඟ සිටින හැම මොහොතකම නිලේශ් දෙනුවන්ගේ මුහුණ මගහැරියේය.ඒ වෙනුවට ඔහු දෙනුවන් නින්දට ගිය පසු සිතේ හැටියට දෙනුවන්ගේ මුහුණ දෙස බලා සිටියේය.
අලුත් අවුරුදු උදා වීමට තවත් තිබුණේ දින කිහිපයක් පමණි.දෙනුවන් දැක දැකත් පිටස්තරයෙක් ලෙස එකම කාමරයක් තුල සිටීම නිලේශ්ට ඉතාමත් අසීරු කර්තව්‍යයක් වීම නිසා අවුරුද්දට ගෙදර ගොස් ටික දවසක් ගත කිරීමට නිලේශ් සිතුවත් හෝටල් කළමනාකාරුගෙන් නිවාඩු අනුමත නොවීය.ඔහුට මේ අවස්ථාවේ නිවසට යාමට තදින්ම වුවමනා වී තිබුණේය.එබැවින් ඔහු සිතා ගත්තේ රැකියාවෙන් අස් වී හෝ නිවසට ගොස් ටික දවසක් විවේකීව ගත කරන බවටය.ඔහු එම අදහස හැකි ඉක්මනටම ක්‍රියාත්මක කරේය.නිලේශ් රැකියාවෙන් ඉවත් වූ බවට දැනගත් පසුත් දෙනුවන් එයට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්කුවේය.නිලේශ් ගෙදර යන බව පවසා දෙනුවන්ගෙන් වෙන් වෙන මොහොතේ පවා දෙනුවන් කරේ හිස දෙපසට සැලීම පමණකි.
නිලේශ් නිවසට පැමිණි මුල් දවසේම අම්මාට,අක්කාට සහ ඇයගේ සැමියාට දෙනුවන් ගැන විස්තරය පැවසුවේය. නිලේශ්ගේ අම්මාත් අක්කාත් දෙනුවන්ගේ විස්තරය අසා සතුටු වූයේ වත් දුක් වූයේ වත් නැත.එය නිලේශ්ටද යම් තරමක සහනයක් වූවේය.අක්කාගේ සැමියා නම් විස්තරය අසා පැවසුවේ "මන් දෙව්මි එක්ක යාළු වෙන්නම්.උඹ ගිහින් ආයෙ දෙනුවන් එක්ක සෙට් වියන්." යන්නය.එහෙත් නිලේශ් සිටියේ විහිළු වලට සිනාවීමට තරම් මානසිකත්වයකින් නොවුණේය.නමුත් තම මස්සිනා පැවසූ දේ සැබෑවටම වෙනවා නම් කොතරම් හොඳද කියා සිතා නිලේශ් සතුටු වුණේය.
ESTÁS LEYENDO
හිරුට පෙම් බැන්ඳෙමි - Sinhala Bl ( COMPLETED )
Historia Cortaඑකම එක පිරිමි හදවතක් වෙනුවෙන් බලා හිඳින යොවුන් ප්‍රේමවන්තයා... කතාවෙ ප්‍රධාන චරිතය නිලේශ්.ඇත්තටම අහිංසක චරිතයක්.නිලේශ්ගෙ එකම ආදරවන්තයා දෙනුවන්.ඒ දෙන්නම එකම තැනක රැකියාව කරන්නෙ වගේම එකම බෝඩිම් කාමරේක නැවතිලා ඉන්නෙ. අපි බලමු නිලේශ් එයාගෙ ආදරේ කොහොම ජය...