දෙවන කොටස 🌹

2K 239 5
                                    

රාත්‍රිය කෙමෙන් කෙමෙන් ගෙවෙමින් තිබුණි. දහවල් ආහරයෙන් පසු සිදු වූ එකම දෙය වූයේ දෙනුවනුත් ඔහුගේ පෙම්වතියත් දුරකථනයෙන් රණ්ඩු වීමත් නිලේශ් දෙනුවන්ගේ මූණ දෙසම බලා සිටීමත් පමණි.රාත්‍රී හතට පමණ බෝඩිමෙන් පිට වී ගිය දෙනුවන් තාම පැමිණ නැත.යන තැනක් කියා නොගියත් දෙනුවන් පෙම්වතියත් සමග රණ්ඩු වී බෝඩිමෙන් යන හැම අවස්ථාවකම දෙනුවන් නැවත එන්නේ බීගෙන බව නිලේශ් දැන සිටියේය.

රාත්‍රී එකොලහද පසු වී තිබුණි.සිතන්නට බොහෝ දේ ඉතිරිව ඇතත් නිලේශ් මෙවර තම සිත දෙනුවන් කෙරෙහි බැඳුණු ආකාරය ගැන සිතන්නට ගත්තේය.එතැනින් නොනැවතුනු ඔහු හැමදෙයකම පටන් ගැන්ම ගැන සිතන්නට පටන් ගත්තේය.නිලේශ් පිරිමියෙක් වුවත් පිරිමියෙක් කෙරෙහිම සිත ගියේ ඇයිද යන්න ඔහු නොදැන සිටියේය.නිලේශ්ගේ පාසල් කාලයේ ඔහු කොතරම් මිතුරන් ආශ්‍රය කර තිබුණත් ඔහුට මීට පෙර කිසිම අවස්ථාවක පිරිමියෙක් කෙරෙහි හැඟීමක් නොතිබුණේය.නමුත් දෙනුවන් හමුවීමත් සමග එය වෙනස් විය.දෙනුවන්ව ඔහුට හමුවූයේ රැකියාව සඳහා කොළඹට පැමිණීමෙන් පසුවය.දෙදෙනාම එකම රැකියාවක් කිරීමත් එකම බෝඩිමේ සිටීමත් නිසා නිලේශ්ට නිතර ඇහැ ගැටුන තැනැත්තා දෙනුවන් පමණක්ම විය.දෙනුවන් සමග කල් ගත කරද්දී පළමු වරට දෙනුවන්ගේ කොණ්ඩය අතගෑමේ ආසාවක් නිලේශ්ගේ සිතේ ඇති වුණු අවස්ථාවේ නිලේශ් තමාටම බැනගත්තේ පිස්සුද උඹට කියාය.එහෙත් කල් යද්දී තම සිතේ ඇති හැඟීම් මොනවද යන්න නිලේශ්ට තේරුම් ගැනීමට හැකි විය.පාසල් කාලයේදී නිලේශ් ගැහැණු ළමයි කිහිප දෙනෙක් සමගත් සමීප ඇසුරුකම් පවත්වා තිබුණත් ඔවුන් සමගින් සිටියදී ඔහුට නොදැනුනු හැඟීම් දෙනුවන් ඉදිරියේ නොනැවතී එකින් එක දැනෙන්නට විය.බොහෝ අවස්ථාවල නිලේශ් එම හැඟීම් නවත්වා ගත්තේ තමාටම සිතින් දොස් කියමින්ය.

රාත්‍රී දෙළහ ආසන්න වන විට දෙනුවන් බෝඩිමට පැමිණියේය.නිලේශ් සිතූ ආකරයටම දෙනුවන් සිටියේ බීමතින්ය.දොර අසලට ගොස් දෙනුවන්ගේ කර වටින් අත දැමූ නිලේශ් ඔහුව වත්තන් කරගෙන ඇඳ මතින් හින්ඳුවේය.දෙනුවන් වත් නිලේශ් වත් කිසිම කතා බහක් නොකෙරුවෝය.නිලේශ් දෙනුවන්ගේ සපත්තු ගලවා කමිසයේ බොත්තම් එකින්නෙක ගලවා කමිසයද ගැලෙව්වේය.ඉන්පසු ඇඳුම් රැක් එකෙන් සරමක් ගෙන දෙනුවන්ගේ අතට දුන්නත් දෙනුවන් සරමත් බදාගෙන හාන්සි වන්නට වූ හෙයින් නිලේශ් සරමද දෙනුවන්ට ඇන්ඳුවේය. එහෙන්මම දෙනුවන් නිදාගන්නට වූ නිසා නිලේශ්ද කාමරයේ බල්බයේ එළිය අඩු කොට තම ඇඳට ගොස් නිදන්නට සැරසුනේය.

නින්ද අහලක වත් නොවීය.බල්බයේ අවම එළියෙන් දෙනුවන්ගේ මුහුණ බැබළෙන අයුරු නිලේශ් ආසාවෙන් බලා සිටියේය.ඔහුගේ මුහුණ සහ කැරළි ගැසුනු කොණ්ඩය අතගෑමේ ආසාවක් නැවත නැවතත් නිලේශ්ගේ සිතේ ඇති විය.එම ආසාව ඉටු කරගැනීමට දෙනුවන් බීමතින් තද නින්දේ සිටින මෙවන් අවස්ථවක් තව කොහෙන්ද..නිලේශ් එම අවස්ථවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට සිතා දෙනුවන්ගේ ඇඳ අසලට ගියේය.නිලේශ් සිතේ හැටියට දෙනුවන්ගේ කැරළි ගැසුනු කොණ්ඩය අතින් පිරිමැද්දේය.ඉන්පසු ඉතා සෙමෙන් අත ගෑවෙන නොගෑවෙන පරිදි දෙනුවන්ගේ මුහුණ පුරා අත යැව්වේය. දෙනුවන්ගේ දෙතොල්ද සෙමෙන් පිරිමැදීමෙන් පසු නළල මත සියුම් හාදුවක් තැබූ නිලේශ් නැවතත් තම ඇඳ වෙත ගියේ ලෝභකමින් යුතුවය.

තම සිතේ ඇති හැඟීම් හෙළි කළ යුතු කාළය මෙය නොවේද.තම ඇඳට පැමිණි නිලේශ් දිගින් දිගටම තමාගෙන්ම අසා ගත්තේය.එහෙත් දෙනුවන් කුමන ප්‍රතිචාරයක් දක්වයිද.අවසානයේ තමාට දෙනුවන් ළඟින් සිටීමට වත් නොහැකි වේද...ඔහුත් සමග කතා කිරීමට වත් නොහැකි වේද..කතා කිරීමට තියා ඔහුව දැක ගැනීමට වත් නොහැකි වේද.එවන් තත්වයක් ආවොත් තමන්ට එය දරා ගැනීමට හැකි වේද..සමාජයෙන් මොන විදිහේ කතා කිව්වත් එය ඉවසා දරාගැනීමට නිලේශ්ට හැකිය.එහෙත් දෙනුවන් කුමන ප්‍රතිචාරයක් දක්වයිද සහ එය දරාගැනීමට නිලේශ්ට හැකිවේද කියා ඔහු නොදනීය.අවුරුදු දෙකකටත් ආසන්න කාලයක් තිස්සේ නිලේශ් තම හැඟීම් සිත පතුලේම සිර කරගෙන සිටියේය.එහෙත් දැන් එම හැඟීම් ඔහුට තවත් සිරකොට තබා නොසිටිය හැකි තත්වයකට පත්ව ඇත.නිලේශ් තීරණයක් ගත යුතුය.අවසානය කුමක් වුවත් එය භාරගැනීමට නිලේශ් දැඩිව සිතා ගත්තේය.

හිරුට පෙම් බැන්ඳෙමි - Sinhala Bl ( COMPLETED )Tempat cerita menjadi hidup. Temukan sekarang