"මොකද අද කලින්..පැය දෙකක් වත් ගියෙ නෑනෙ ඔයා ගිහින්..." දෙනුවන් දුටු නිලේශ් පුදුමයෙන් මෙන් විමසුවේය.
"යකෝ ඇයි මන් කලින් එන්න එපාද...ආ උඹේ ලව් එකට කතා කරන්න බැරිද මන් ඉද්දි...ආ හා හා මල්ලි මන් එළියෙන් ඉන්නම් උඹ කතා කරපන්..." එසේ කියමින් දෙනුවන් බෝඩිමෙන් පිට වීමට සැරසුනේය.නිලේශ් වහා දිව ගොස් ඔහුව නවත්වා ගත්තේය.
"අනේ පිස්සුද අයියේ එහෙම එකක් නෑ.ඔයා ඉද්දි කතා කරන්න බැරිකමක් නෑ.මන් මේ ඇහුවෙ අයියා ඉතින් දෙව්මිව මීට් වෙන්න ගියාම එන්නෙ රෑ වෙලානෙ.."
"ඔව් මන් දෙව්මිව හම්බෙන්න ගියාම රෑ වෙලා තමා එන්නෙ...ඒ විතරක් නෙමෙයි ඒ ගොඩක් දවස් වලට බෝඩිමට එන්නෙත් බීලා.."
"ඉතින් අද එහෙනම් කලින් ඇවිත් තියෙන්නෙ ඇයි මේ..."
"අද මන් දෙව්මිව හම්බෙන්න නෙමෙයිනෙ ගියේ..."දෙනුවන් ගානකට නොගෙන පැවසුවේය.
"මොකක්..එතකොට දෙව්මි....ආ නෑ නෑ.." නිලේශ් කියන්න හැදූ දේ මගින් නවත්වාගත්තේය.
"ඇයි දෙව්මි මොකක්ද.." දෙනුවන් ඇසුවේ තම අතේ වූ කවරයට අත දමමින්ය.
"නෑ නෑ ඒක වැඩක් නෑ..ඒත් එතකොට අයියා අද කොහෙද ගියේ..."
"මෙන්න මේ දෙක ගන්න.." දෙනුවන් පැවසුවේ තම අතේ වූ කවරයෙන් එළියට ගත් කමිසයක් සහ විලවුන් බෝතලයක් පෙන්වමිනි.
"අම්මටසිරි..ඒ ෂර්ට් එක නම් ලස්සනයි.අයියට නියමෙට ගැලපෙනවා..ඒත් මේක අයියට මදි නැද්ද.." නිලේශ් ඇසුවේ කමිසය අතට ගෙන පරික්ෂා කරමින්ය.
"ඔව් ඕක මට මදි තමා..හිරයි..ඕක මන් ඇන්ඳොත් එහෙම බ්ලඩ් ටැෆික් එකක් ඇවිත් වමනෙ ගිහින් මැරෙන්නෙ.." දෙනුවන් සිනාසී පැවසුවේය.
"ඉතින් මේක මදි නම් ඇයි ගත්තෙ..බලලා ගන්න එපැයි.දැන් ඉතින් ආයෙ මාරු කරගන්න යන්න එපැයි.." නිලේශ් කමිසය නැවත කවරයට දමමින් පැවසුවේය.
"මේක මට ගත්ත එකක් නෙමෙයි බූරුවෝ..තමුසෙට ගත්තෙ..මේ ෂෙන්ට් එකත් තමුසෙට.." දෙනුවන් විලවුන් බෝතලය නිලේශ්ගේ අතට දෙමින් පැවසුවේය.
"ඈ...සිරාවටමද...ඒත් අද මගෙ උපන් දිනේ වත් නෙමෙයිනෙ.." නිලේශ් විලවුන් ස්වල්පයක් තම අතට ඉසගෙන සුවඳ බලමින් පැවසුවේය.
ESTÁS LEYENDO
හිරුට පෙම් බැන්ඳෙමි - Sinhala Bl ( COMPLETED )
Historia Cortaඑකම එක පිරිමි හදවතක් වෙනුවෙන් බලා හිඳින යොවුන් ප්‍රේමවන්තයා... කතාවෙ ප්‍රධාන චරිතය නිලේශ්.ඇත්තටම අහිංසක චරිතයක්.නිලේශ්ගෙ එකම ආදරවන්තයා දෙනුවන්.ඒ දෙන්නම එකම තැනක රැකියාව කරන්නෙ වගේම එකම බෝඩිම් කාමරේක නැවතිලා ඉන්නෙ. අපි බලමු නිලේශ් එයාගෙ ආදරේ කොහොම ජය...