හත්වන කොටස 🌹

1.5K 194 4
                                    

නිවසින් නවයට පමණ පිට වූ නිලේශ් දහවල් තුන පමණ වන විට තම බෝඩිමට පැමිණියේය.එන අතරවාරයේ දෙනුවන්ටද ඇමතුමක් ගෙන ඔහුගේ සැප දුක් විමසීමටද ඔහු අමතක නොකළේය.දෙනුවන් රැකියාවට ගොස් තිබූ හෙයින් ඔහු එනතුරු හවස් වනතුරු බලා සිටීමට නිලේශ්ට සිදුවනු ඇත.එසේත් නොමැති නම් දෙනුවන් ‍රැකියාව අවසන් වී තම පෙම්වතිය මුණ ගැසීමට ගියහොත් දෙනුවන් එනතුරු රාත්‍රී වනතුරු බලා සිටීමටද සිදු විය හැක.යම් හෙයකින් දෙනුවන් අදත් බීමතින් පැමිණියහොත් දෙනුවන්ට සිදු වන්නේ ඔහුගේ හැඟීම් ප්‍රකාශ කිරීමට හෙට වන තෙක් බලා සිටීමටය.

ගමන් වෙහෙසෙන් සහ බඩගින්නෙන් දැඩි ලෙස බැට කමින් සිටි නිලේශ් දෙනුවන්ගේ ඇඳ මත හාන්සි වූයේ ඇඳුම් රැක් එක මත තිබූ දෙනුවන්ගේ සරමක්ද ගෙන තුරුලු කරගනිමිනි.ඔහුට එය හැඟුනේ දෙනුවන්ව තුරුල් කරගෙන ඉන්නාක් සේය.එයින් එන දෙනුවන්ගේ සුවඳත් සමගින් ඔහු සුපුරුදු පරිදි දෙනුවන් පිළිබඳ එකිනෙක වෙනස් වූ සිතුවිලි රාශියකින් සිත පුරවාගත්තේය.එමගින් ඔහුට ගමන් මහන්සියත් බඩගින්නත් අමතක වී ගියේය.

නිලේශ් දිගින් දිගටම කල්පනා කරන්නට විය.කොයි මොහොතක හෝ ඔහු දෙනුවන්ට සියල්ල පැවසිය යුතුය.එමෙන්ම තමා ප්‍රතික්ෂේප වීමට වැඩි ඉඩක් ඇති බවද නිලේශ් දැනගෙන සිටියේය.එයට හේතුව නිලේශ්ට පෙම්වතියක් සිටීමය.සමහරවිට දෙනුවන්ට කෙදිනක හෝ පෙම්වතියගෙන් වෙන් වීමට සිදු වුවහොත් එවිට වත් තමාට අවස්ථාවක් ලැබේ යැයි විශ්වාසයක් නිලේශ්ගේ සිතේ තිබුණි.දෙනුවනුත් ඔහුගේ පෙම්වතියත් යන දෙදෙනා කිසිසේත්ම නොගැලපෙන බව නිලේශ් මෙන්ම දෙනුවන්ද දැනගෙන සිටියේය.එසේම දෙනුවන් සිටින්නේ අවුරුදු ගානක් පෙම්වතියත් සමග සිටි පුරුද්දට ඉන්නවාට ඉන්නවා සේ හිඳීම මිස කැමත්තකින් හිඳීම නොවන බවටත් නිලේශ් හොඳාකාරව දැන සිටියේය.

දෙනුවන් ඉදිරියේ පාපොච්චාරණය කරන්නේ කෙසේද කියා සිතත් එක්ක දහස් වාරයක් පමණ පුහුණු වෙමින් සිටි නිලේශ්ට ඇඟේ තිබූ තෙහෙට්ටුව නිසාම නින්ද ගියේය.ඔහු අවදිවූයේ ඇඟට වැටුනු යම් බරක් නිසා තිගැස්සීය.ඇහැරී බලන විට නිලේශ්ගේ ඇඟ මතට පැන තිබුණේ දෙනුවන්ය.ඔහු නිලේශ්ගේ ඇඟ බදාගෙන සිනාසෙමින් සිටියේය.මේ හීනයක්ද කියා නිලේශ් කිහිප වරක්ම කල්පනා කළේය.

හිරුට පෙම් බැන්ඳෙමි - Sinhala Bl ( COMPLETED )Where stories live. Discover now