නවවන කොටස 🌹

1.4K 194 5
                                    

තමා සිටින්නේ මහ පාරේ බව නිලේශ්ට හැඟුනේ නළා හඬත් සමගින් වාහනයක් තමා අසලින්ම ගිය විටය.ඔහුට නැවතත් බෝඩිමට යාමටද සිතක් පහල විය.දෙනුවන් පැවසුවේ කිසිදු වෙනසක් නොකර වෙනදා මෙන් නිලේශ් සමගින් සිටින බවය.එවන් තත්වයක් තිබියදීත් තමා බෝඩිමෙන් පිට වී ආවේ කුමන හේතුවක් නිසාදැයි නිලේශ් වත් හරිහැටි නොදැන සිටියේය.තමා ඉක්මන් වුනා වැඩියැයි නිලේශ්ට මේ මොහොතේ සිතුණි.සමහරවිට ඔහුට බෝඩිමෙන් පිට වී නොයාමට තිබුණි.එසේත් නැතිනම් තම හැඟීම් පාපොච්චාරණය කිරීමට තව ටිකක් කල් පරක්කු කිරීමට තිබුණි.එහෙත් දෙනුවන් කීවාක් සේ හැඟීම් ප්‍රකාශ කිරීමට ප්‍රමාද වීමෙන් සිදු වෙන්නේ දැන් දැනෙනවට වඩා දුකක් දැනීමද..

නිලේශ් ඔහේ ගමන් කළේය.ඔහුට ගමනාන්තයක් සඳහා කිසිම අරමුණක් තිබුණේද නැත.ඔහුට යාමට තිබුණේ තම නිවස පමණක්මය.එහෙත් මේ මොහොතේ ඔහුට නිවසට යාමට අදහසක් නොතිබුණේය.තමා මේ වනතුරු සිටියේ නිරාහාරව වූ හෙයින් නිලේශ් කඩයකට ගොස් තේකක් පමණක් පානය කොට නැවත තම අරමුණක් නොමැති ගමන ආරම්භ කළේය.ඒ අතරතුර ඔහු තම ජංගම දුරකථනය අතට ගෙන බැලුවේ දෙනුවන්ගෙන් ඇමතුමක් හෝ ලැබී ඇත්දැයි පරික්ෂා කිරීමටය.එහෙත් තමා බෝඩිමෙන් පිටවී පැයක් පමණ ගත වී තිබුණත් තවමත් දෙනුවන්ගෙන් ඇමතුමක් නොමැත.මෙච්චර ඉක්මනට දෙනුවන් තමාව අමතක කරලාද...

නිලේශ් හවස් වනතුරුත් සිටියේ අරමුණක් නොමැතිව එහාට මෙහාට ඇවිදමින්ය.ඔහුට කකුලේ වේදනාව මෙන්ම බඩේ ගින්දර තදින්ම දැනුනත් ඔහු එය තැකීමක් නොකළේය.එහෙත් ඔහුගේ අරමුණක් නැති සිතට මේ අවස්ථාවේ ආ පළමු සිතුවිල්ල වූයේ හිතේ දුකක් ඇති වූ විට බොහෝ අය කරන දේ අත්හදා බැලීමටය.ඔහු ඒ සිතුවිල්ල ක්‍රියාත්මක කිරීම සඳහා අවන්හලක් සොයාගෙන ඇවිදන්නට පටන් ගත්තේය.ටික දුරක් යාමෙන් පසු එයට සුදුසු අවන්හලක් සොයාගත් නිලේශ් කිසියම් වූ සැරබීම වර්ගයක්,කෑමට රයිස් එකක් සහ සෝඩා බෝතලයක් ඇණවුම් කළේය.අවසානයේ ඔහු ප්‍රථම වතාවට මත්පැන් වල රස බැලුවේය.

ඇණවුම් කළ භාග බෝතලය අවසන් කිරීමට නිලේශ්ට ගත වූයේ මිනිත්තු තිහකටත් අඩු කාලයකි.ප්‍රථම වතාව වූ නිසා ඔහුට පාලනයක් මෙන්ම තමාට ගත හැකි ප්‍රමාණය පිළිබඳ කිසිම වැටහීමක් නොතිබුණේය.තමා කළ මෝඩකම ඔහුට පසක් වූයේ වමනය යාමට ආසන්න බවක් ඔහුට දැනුන විටය.ඔහු එය හැකිතාක් දුරට ඉවසාගෙන සිටියේය.මුවට දැනෙන අපුල ගතිය අවම කිරීම සඳහා ඔහු තවත් ආහාර කිහිපයක් ඇණවුම් කොට අනුභව කළේය.එයින් ඔහුට වමනය ගතිය අඩු වී ගියේය.

හිරුට පෙම් බැන්ඳෙමි - Sinhala Bl ( COMPLETED )Where stories live. Discover now