27. Little Moments

349 86 92
                                    

යුංගී ජැකියයි එක්ක සර්ගෙ වාහනේ තිබ්බ කැමරාව අරගෙන එන්න ගියපු ටේහ්‍යුන්ග් උන් දෙන්නව මගදාලා පංතිය පැත්තට කලබලෙන් වගේ ආවේ ස්ක්‍රීන් වල මොකද්ද අවුලක් කියෙනවයි කියලා මිස්ට පැණිමද අන්කල්ගෙන් ආව කෝල් එහෙකට

අනේ කිසිවක් නොදත් අසරණයා පංතියෙ පඩිපෙළ දිගේ උඩටම නැගගෙන ගිහින් දොරට ඇරපු සැටියෙ ඇලඩින්ගෙ පාවෙන පීරිසිය වගේ පියාබගෙන ආපු හම්බාවත් තුරුල් කරගෙනම ආයෙ පඩිපෙල් දෙක තුනක පස්ස ඇනගෙන පහළට ගිහින් යාන්තමට අත්වැටේ කෙලවරකින් එල්ලුනේ පශ්චාත්භාගෙට මොනවා උනත් අනාගතේ සුබසිද්ධිය උදෙසා තුනටියේ සෞඛ්‍යමත් බාවය බෙහෙවින් වැදගත් වේන නිසයි

🐯ම්ම්...

🐯💭හම්මට යකෝ මොන හෙණ ගෙඩියක්ත ඒ... කෆීර් එකක් පුප කඩන් ගියා වගේ ෆීලිමක්නේ දැයෙන්නේ

තාමත් පඩිපෙළ උඩ වැටුණ විදියටම ඉන්න ගමන් අත්වැටේ එක අතකින් එල්ලිලා අනික් අතෙම් හම්බාවෙක්ව තුරුල් කරන් හිටපු ටේය්යා අරේම හිතුවෙ සෙනසුරු වළල්ලෙ ඉඳම් බිස්කට් එකක් කන ගමන්

Meanwhile Bogum:අපට විසාල සබ්දයක් ඇසුණා

🦥හම්මට යකෝ.... උබ මොකත මේ ස්පයිඩර් මෑන් වගේ වැටේ එල්ලිලා

කැමරාව ගමරාල වගේ කරේ තියම් ආපු ජැකියා හිටි තැනම හෝල්ට් ගහලා ඇහුවේ ටේ තනි අතෙම් හම්බාවෙක් බදම් අනික් අතෙම් වැට අල්ලන් ඉන්නවා දැකලා

🐱බබා හම්බුණාත...උබ ඕම ඉද්දි මට මතක් වෙන්නෙම ලේබර් රූම්... හම්මෝ... අඩෝ අඩෝ දුවගෙන ආපු විදිහට මම හිතුවා මූ පුප ඇනගෙන ඇති කියලා හොඳ ඇනිල්ලක්

යාලුවට වෙලා තියෙන දේ ගැන හදසංතානෙන් කම්පා වුණ යුංගි මහ හය්යෙන් හිනාවෙවී ජැකීගෙ අතටත් නෙලන්න පටන් ගත්තා

🦥ඕයි රිදෙනවා සෙක්කියා

🐯ඈ ඈ හම්මෝ මගෙ පස්ස යකෝ... කව්ත මේ අහාට වෙයම් මගෙ ඇග උඩිම්.. යෝහ්

මෙච්චර වෙලා ඇක්සිඩන්ට් එකේ මුවාවෙන් ටේය්යගෙ පපුවට තුරුලු වෙලා අවුරුදු පහකින් යන්න තියෙන හනීමූන් එකේ ෆස්ට් ඉස්ටෙප්පුව ගන්න විදිහ ප්ලෑන් කරන ගමන් හිටපු කුක්කගෙ බෙල්ලෙම් අල්ලන් ටේය්යා ඉස්සරහට අදින්න ගත්තේ කුක්කගෙ හීන සේරම සඳ වගේ බොඳ වෙලා යද්දි

𝙼𝚢 𝙲𝚛𝚞𝚜𝚑 𝙽𝚞𝚖𝚋𝚎𝚛 6༼◕ ᴥ ◕༽9  ᵀᴴWhere stories live. Discover now