29. Hey Baby Boy

449 83 174
                                    

නැනවන් විමානෙට දවස් ඇවිල්ලා යන්නේ හතුපිපෙන තරම් වේගෙම්...නෑ නෑ හතු පිපෙන ඒවා ගැන වැඩිය හිතන්න ඕනි නෑ... ඒකෙන් අදහස් කලේ එක්කො ඒකත් ඕන්නෑ...ජනවාරි මාසෙටත් ඇවිදිල්ලා කෝම හරි කට්ටිය

කඩයිම් විභාගෙට දවසෙන් දවස ළංවෙද්දි හිතේ ඒ ගැන පොඩි චකිතයක් ඇතිවෙන එක ටිකක් සාමාන්‍ය දෙයක් උනත් ජංකුක් ඇතුලු පිරිස ඒ දවස් ටිකත් ගතකලේ හරිම සැහැල්ලුවෙන්... කොච්චර සැහැල්ලු ද කියනවා නම් ඒ අයට මතකවත් තිබ්බෙ නෑ තව මාස දෙහෙකිම් එයාලගෙ A තුනේ exam එක ලියන්න තියනවාය කියලවත්...

මේ පිරිස ගැන කෙටියෙන් කතා කලොත් පංතියෙ ආතල් ගන්නවා වගේම පේපර් ක්ලාස් වල ලකුණු අතරම රැඳෙන ගමන් ඉගෙනීම් වැඩකටයුතු ටිකත් සේපෙ කරගන යනවා...

ජිමින් මින්හෝ වගේම චෑන්යොල් තුන්දෙනා හැමදාම පේපර් ක්ලාස් එකේ ටොප් ටෙන් අතරෙ හිටියා වගේම ජන්කුක් කොල්ලත් කැඩි කැඩී හරි ඉඳලා හිටලා ටොප් ටුවෙන්ටි අස්සට රිංග ගත්තා

යුන්මින් ආදර කතාව ගැන කියනවා නම් ඩොමිනන්ට් බොටම් ජිමින්ෂී සහ සබ්මිසිව් ටොප් යුංගි නිතර නිතර පුංචි පුංචි රණ්ඩු සරුවල් ඇති කරගත්තත් දවසෙ විනාඩි කිහිපයකට හරි ආදරෙන් කතා බහ කරලා ඉන්න තරම් ඒ දෙන්නගේ බැඳීම ශක්තිමත් උනා... හරිම ආදරණීයයි

ඒ වගේම international playboy ඇතුලු තාරා හොට ප්ලැටිපස් JKJK සංවිධානය විසින් දියත් කරන ලද හොබීතස් ෆෝන් ඇටෑක් ප්‍රහාරය හරහා මීට සති දෙහෙකට පමණ උඩතී ජැක්සන් අය්යා විසින් හොබීත මල්ලීට රහසේ කරන ලද යෝජනාව පිළිබඳව අනාවරණය කරගන්නත් ඩබලට හැකියාව ලැබිලා තිබුණා

ජංකුක් ගෙ අනික් යාලුවෝ ගැන කියනවා නම් පවුල් සිටියවුන් පවුල් ලෙසටද අන්තර්ජාතික තනිකඩයින්ගෙ සංධානයේ සිටියවුන් නව නිලතල හොබවමින්ද සම්ප්‍රදානුකූලව සමාදානයෙන් කල් ගත කලහ...

නමුත් මේ අතර වාරයේ එම සංධානයේ සභාපති ධූරයේ වැඩබැලමින් වගකීම් සහගතව ධූර කාලය හෙබවූ කුක්කාන්ත සොයුරාගේ යම් යම් අස්ථාවර වීම මතුවෙන්නට පටන් ගත්තෙ අනෙකුත් සාමාජිකයින්වත් මහත් ආන්දෝලනයකට පත් කරමින්

𝙼𝚢 𝙲𝚛𝚞𝚜𝚑 𝙽𝚞𝚖𝚋𝚎𝚛 6༼◕ ᴥ ◕༽9  ᵀᴴTahanan ng mga kuwento. Tumuklas ngayon