Heart beat ❤️

53 4 0
                                    

2 nd episode

" සර් , සර්ලගෙ බිල් එක මේ වෙද්දි පේ කරලා තියෙන්නෙ. "

රිසෙප්ෂන් එකෙන් කිව්ව ඒ කතාව එක්ක හැමෝම පුදුම උනා.

" ඒ කොහොමද ?"

ආදි ඇහුවෙ නලලත් රැලි කරන්.

" අපේ සර් තමයි කිව්වෙ ගන්න එපා කියලා"

" ඔයාලගෙ සර්? ඒ කවුද ? "

ආදි කියනවා එක්කම වගේ ඒ ළගින්ම කටහඩක් ඇහුනා.

" මම. ඇයි ASP මහත්තයට මොකද්ද එකේ ප්‍රශ්නෙ? "

........................................................................................................................................................

" යසස් උබ ? "

රවීන් ඇහුවෙ අභි දැකපු එකට ගොඩක් සතුටින්. අභි රවින් දිහා බැලුවා විතරයි.

" යසස් අභිරූ. එතකොට අභි රූ හොටෙල් එක උබේ නේද යසස්? "

" ඔව් ඒක මගේ "

රවීන් නම් ගොඩක් සතුටු උනත් ආදි අභි දිහාම ඒ ඇස් රදවගෙනම හිටියා.

" ASP මහත්තයට අල්ලස් නෙවෙයි කියපන් රවීන් මන් දුන්නෙ. උබලා හැමෝම මගේ යාලුවො නිසා. "

අභි කිව්වෙ අර නෝන්ඩි හිනාව දාගෙනමයි.

" අවුලක් නෑ මට. මගේ ගාණ ගන්න. මන් ඔයාගෙ යාලුවෙක් නෙවෙයි නෙ. "

ආදි කිව්වෙ ආදිට ආවේනික උණ ගොරෝසු කටහඩින්.

" ඔයාට ඕනෙ ඒක ද?"

අභි ඇහුවෙත් ආදිට දෙවනි නොවි. රවින් මේ දිහා බලන් හිටියෙ කටත් ඇරගෙන.

" ආදි අයියා ඔයාට මොකද්ද අනේ වෙලා තියෙන්නෙ. යසස් එපා කියපු එකේ අපි එහෙම කරන්න හොද නෑ නෙ. "

රවීන්ගෙ වචන එක්ක ආදි අභිට ගස්සගෙන එතනින් එළියට ආවා. දුමේෂ් ආදි එක්කම අභිට සමු දීලා එලියට ආවෙ නවින්දිවත් එක්කගෙනමයි.

අභිගෙන් ෆෝන් නම්බර් එකත් ඉල්ලගෙන රවීන් , ඩිෂාන් , හර්ෂ තුන් දෙනාම ආවෙ ආයෙ එන පොරොන්දුව පිට.

........................................................................................................................................................

කාලය ගෙවිලා ගියා. ආදිට අමුතු පුරුද්දක් ඇවිත් තිබුනා. අදත් ආදි හිටියෙ මුහුද ඉස්සරහ හැබැයි ආදි බලන් හිටියෙ මුහුද දිහානම් නෙවෙයි. මුහුද දිහාම බලන් ඉන්න අභි දිහා ආදි බලාගෙන හිටියෙ හැමෝටම හොරෙන්. අභි හැමදාම කොග්ගල හරිත උද්‍යානෙට ආවා ගලක් උඩ වාඩි වෙලා කකුල් දෙකත් වතුරට දාගෙන ඉර බහිනකම් අභි හැමදාම බලන් හිටියා. ආදි ගොඩක් දවසට ටයිම් එකටම ආවා. හැබැයි ඒ කවදාවත් අභි දැනගෙන හිටියෙ නෑ කෙනෙක් තමන් දිහා බලන් ඉන්නවා කියන්න.

HeArT  bEaTWhere stories live. Discover now