අභි අමාරුවෙන් බැස්සා. හැබැයි බැහැලා ආදිට වචනයක් වත් කියන්න නොදී වැනි වැනි පාරට යන්න ගියා. සමහරවිට ඒ හිත හොදටම රිදිලා ඇති.
" ඔහොම ඉන්නවා කොහෙද යන්නෙ? "
ආදි ඇහුවෙ අභි යන දිහා බලාගෙන.
" ඔයාට මාව මළවදයක් නෙ. මන් යනවා ගෙ... "
අභිට කියාගන්න පුලුවන් උනේ එච්චරයි. ආදිටවත් හිතාගන්න බැරි උනා උනේ මොකද්ද කියලා.
........................................................................................................................................................
අභිව එහෙමම කලන්තෙ දාලා ඇදගෙන වැටුනා. ආදි දුවන් ආවත්. අභි ඒ වෙද්දි වැටිලා ඉවරයි. සමහරවිට අභි වැටෙද්දි අමාරුවෙන් එකතු කරගෙන අල්ලගෙන හිටිය අභිගෙ හිතත් වැටිලා බිදිලා යන්න ඇති. හැමමනුස්සයම පිටින් පේන ලෙඩ , තුවාල ගැන උනන්දු උනාට ඇතුලින් හදවතේ ඇතිවෙන වේදනාවල් , තුවාල ගැන දැනුවත් වෙන්නෙ නෑ. ඒවා කාටවත් පේන්නෙවත් දකින්නෙවත් නෑ.
ආදිගෙ හිත ගොඩක් කලබලයි. ආදි දන්නවා ආදි කියපු වචනෙ ආයෙ ඇදලා ගන්න බෑ කියලා. ඒත් ඉතිම් දැන් මොනවා කරන්නද? ආදි අභිව අත්දෙකට උස්සලා අරගෙන ටග්ගාලා ඇනෙක්ස් එකට අරන් ගිහින් ඇදෙන් තිබ්බා.
පුදුමෙ කියන්නෙ අදත් ආදිගෙ ඇස්වල කදුලු. ආදි අඩ අඩ වතුර ගෙනල්ලා අභිගෙ මූණෙ ගෑවා. අභිට යන්තම් සිහිය ආවත් අභි ගොඩක් අමාරුවෙන් ඉන්නෙ.
" මිහිල් උබ ඉන්න තැනකින් විනාඩි 10 ක් යන්න කලින් මගේ ඇනෙක්ස් එකට වරෙන් යසස්ට ගොඩක් අමාරුයි. "
ආදි මිහිල්ට කෝල් එකක් අරන් මිහිල් ආන්ස්වර් කරලා හෙලෝ කියන්නත් කලින් කියාගෙන ගිහින් කට් කරා. ආදි දන්නවා මේ ලෝකෙ කොහේ හිටියත් මොන දේ කරත් අභි සම්බන්ධ දෙයක් නම් මිහිල් තත්පරෙන් එතන කියලා.
ආදි කේන්තියට කියෙව්වට අභිට මාරම ආදරෙයි. මිනිස්සු කිව්වට සමසිරි සම්බන්ධතාවල තියෙන්නෙ සෙක්ස් විතරයි කියලා. ඒත් එහෙම සම්බන්ධතා ඇති. ඒත් ගොඩක් ඒවායෙ රාගයට වඩා එතන තියෙන්නෙ ආදරේ. සමහරවිට අපි නොදැක්ක නොලැබුව පිවිතුරු ආදරේ දකින්න පුලුවන් වෙන්නෙ එතන.
YOU ARE READING
HeArT bEaT
Romance" යසස් මල්ලි අභි කියන නමට ආයෙ පණ දෙන්න බෑ. ආදරේ කියන්නෙ හැගීමක්. හැගීමකට කොහෙද නීති? හැගීමකට කොහෙද සීමා? මන් ආදරේ කරා අභිට. ඒත් එදා රෑ වැස්සෙ මගේ අප්රකාශිත ආදරේ හේදිලා ගියා කදුලු එක්ක. " සත්සිදු ආදිත්‍ය සේනාධීර " ආයෙම එකම එක වතාවකට මට උත්සහ කරන්න බ...