ආදි ඒ පැටියා කේෂ් ළගට යනකම්ම බලන් හිටියා. ඊටත් පස්සෙ ආදිගෙ මූණට ආවෙ එවිල් හිනාවක්. ඒත් ඒ හිනාව දකින්න කවුරුවත් ම ඒ ළග හිටියෙ නෑ.
........................................................................................................................................................
ආදි බඩ ඉරිගු පාර්සල් එක උකුලින් තියාගෙන එකක් අතට අරන් හොදට පේන විදියට ෆොටෝ එකක් ගත්තා. ඊටත් පස්සෙ ඒ ෆොටෝ එක fb , whatsapp ස්ටේටස් විදියට දැම්මා.
ආදි අභි දීපු බඩ ඉරිගු ටිකත් විසි කරන්නෙ නැතුව අමාරුවෙන් හරි කෑවා. ඒත් ආදිට ඕන උනේ අභිව අවුස්සන්න. ආදි අභිව කෙයා කරන් නෑ කියලා පෙන්නන්න. ආදි වැඩ එක්ක බිසි වෙද්දි අභි ආදිගෙ ෆොටො එක දැකලා ගොඩක් කේන්තියෙන් පිබිනවා.
අතිසාර්තක ලෙස ආදි අභිව හොදටම තරහ ගස්සලා තිබුනා.
ඒත් ඒ තරහ පිට කරන්න කලින් අභිට ඊට වඩා ප්‍රශ්නයක් ආවා.
" හලෝ "
" හලෝ ෆිනී "
" මොකද සාජන් මහත්තයා ප්‍රශ්නෙ? "
" අපේ ASP මහත්තයා වැඩ පටන් අරන්. අන්න අර අනාත කෙල්ල ගැන හොයන්න අරන්. අද දුමෙෂ් සර් ඇවිත් කෝල් ඩීටේල්ස් ඔක්කොම අරන් ගියා. "
" වට් ? මොකද මිනිහො මට කලින් කිව්වෙ නැත්තෙ? "
" එක පාරටම ඇවිත් දුමේෂ් සර් පර්සනලි ඔක්කොම කරේ. වෙන කාටවත්ම කරන්න දුන් නෑ. මාත් දැක්කෙ සිස්ටම් එකෙන් හොයද්දි අහම්බෙන්. "
" ඕකෙ අපිට එයාලව නවත්තන්න විදියක් නැද්ද ?"
" පිස්සුද ෆිනී. ASP සත්සිදු ආදිත්‍ය කියන්නෙ ලේසි පාසු මිනිහෙක් නෙවෙයි. ඊටත් හැමෝම දන්නවා අනිත් කේසස් වලට වඩා මිනිහා මේක සීරියස් අරන් තියෙන්නෙ. හේතුව නම් කවුරුවත් තාම දන්නෙ නෑ. මේ කේස් එක පාර පස්සෙ පන්නවා වැඩි. "
" ඕකෙ ඕකෙ විස්තරේ කිව්වට තෑන්ක්ස්. "
එතනින් එහා අභිට අමතක උනා ආදි එක්ක තිබුන තරහත්. අභි බය උනා මේ කේසස් අස්සෙ තියෙන ඇත්තම හේතුව ආදි හොයාගනි කියලා. දම්වැලක පුරුක් වගේ ඒ හැමදේම එකකට එකක් සම්බන්ධයි. ඉතිම් ආදි එක පුරුකක් යා කරගත්තොත් නිකම්ම දම්වැල හැදෙනවා. අවුරුදු දෙකක් හංගගෙන වලදාලා තිබුනත් දැන් ඒ හැමදේම උඩට ඇවිත්. සමහරවිට අභිට තවදුරටත් ඒ හැමදේම පාලනය කරන්න බැරි වෙයි. මොකද අභි හැමදාම හැමදේම හැංගුවෙ වත්තෙ ගිහාන් , මිරිස්ස සුද්දා අස්සෙ. ඒත් දැන් දැන් ආදි ඒ බොරු වලට රැවටෙන් නෑ.
YOU ARE READING
HeArT bEaT
Romance" යසස් මල්ලි අභි කියන නමට ආයෙ පණ දෙන්න බෑ. ආදරේ කියන්නෙ හැගීමක්. හැගීමකට කොහෙද නීති? හැගීමකට කොහෙද සීමා? මන් ආදරේ කරා අභිට. ඒත් එදා රෑ වැස්සෙ මගේ අප්රකාශිත ආදරේ හේදිලා ගියා කදුලු එක්ක. " සත්සිදු ආදිත්‍ය සේනාධීර " ආයෙම එකම එක වතාවකට මට උත්සහ කරන්න බ...