ආදිට ඔවිත්ව තේරුම් ගන්න බැරි උනා. ඒත් ඒ කතා කරන ඇස් දිහා බලාගෙන මුකුත් කියන්න බැරි ගතියක් එක්ක මොකද්දෝ හුරු ගතියක් ආදිට දැනුනා. ඒත් ඒ කොහෙදිද කොහොමද කියන්න ආදිට තේරුම් කරලා කියන්න විදියක් තිබුනෙ නෑ.
" ආසි... "
........................................................................................................................................................
" ඇත්තටම මන් කැමති නෑ මිස්ටර් ඔවිත්. ඔයාට පුලුවන් මට සත්සිදු හරි එහෙමත් නැත්නම් ආදිත්‍ය කියලා හරි කියන්න. "
" ආසි ඔයා කැමති උනත් අකමැති උනත් මන් ඔයාට කතා කරන්නෙ එහෙම. "
ආදි බරට හුස්මක් හෙලුවෙ ඔවිත් එක්ක කතා කරලා තේරුමක් නෑ කියලා දැනුන නිසා.
" ඔවිත් මන් ආවෙ ක්‍රිෂාලි ගැන පොඩ්ඩක් කතා කරන්න. "
" මන් දැනගෙන හිටියා ඔයා දවසක මාව මීට් වෙන්න එනවා කියලා නංගි ගැන අහන්න. "
" මිස්ටර් ඔවිත් ට මාත් එක්ක කතා කරන්න දැන් වෙලාව තියෙනවද? "
" වෙලාව නම් තියෙනවා ඒත් මෙතන මන් කැමති නෑ ඒ ගැන කතාකරන්න. ආසි ඔයා වැඩියෙන්ම ඉන්න තැන ඉන්න වෙලාවට අපි කතා කරමු අද. කමක් නැද්ද ? "
ඔවිත් කියපු අප්‍රභංශෙ ආදිට තේරුනේ නෑ. ඒ නිසාම ආදි ඔවිත් දිහා බලන් හිටියා.
" මට තේරුන් නෑ. මිස්ටර් ඔවිත්. "
" කොග්ගල හරිත උද්‍යානය. හවස 6 ට. නංගි කියන්නෙම මගේ වීක් පොයින්ට් එක. ඉතිම් මන් කැමතියි නිදහස් තැනක ඒක කතා කරන්න. වැරදියට තේරුම් ගන්න එපා. "
" හරි කමක් නෑ. ඒත් ඔයා කොහොමද මන් ඒ ටයිම් එතන ඉන්නවා කියලා දන්නෙ? "
"ආසි ඔයා නොදන්නවට මන් ඔයාව දන්නෙ අදක ඊයෙක නෙවෙයි. ඒ නිසා වැඩිය හිතන්න එපා. මගෙන් ඔයාට කරදරයක් වෙන්නෙ නෑ. "
" මිස්ටර් ඔවිත් කැම්පස් එක කාලෙ අමතක කරලා දාන්න කාලෙ ඇවිත්. ඔවිත් කියන දක්ෂයා මැරිලා දැන් ඉන්නෙ මැරයෙක් නෙ. මැරයෙක්ටයි පොලිස්කාරයෙක්ටයි ඇදුනුම් කම් තියෙන්න බෑ. "
ආදි කිව්වෙ ඔවිත්ගෙ ඇස් දිහාම බලාගෙන.
" වෙන්න ඇති ආසි. මන් හිතුවෙ ඔයා මාව අදුරගෙන නෑ කියලා. මන් අද හවස එන්නෙ ඔවිත් කියන කෙනා විදියට ආසිව මුණගැහෙන්න. නැතුව මිරිස්සෙ සුද්දා කියන මැරයා ASP සත්සිදු ආදිත්‍යව මුණ ගැහෙන්න නෙවෙයි. "
YOU ARE READING
HeArT bEaT
Lãng mạn" යසස් මල්ලි අභි කියන නමට ආයෙ පණ දෙන්න බෑ. ආදරේ කියන්නෙ හැගීමක්. හැගීමකට කොහෙද නීති? හැගීමකට කොහෙද සීමා? මන් ආදරේ කරා අභිට. ඒත් එදා රෑ වැස්සෙ මගේ අප්රකාශිත ආදරේ හේදිලා ගියා කදුලු එක්ක. " සත්සිදු ආදිත්‍ය සේනාධීර " ආයෙම එකම එක වතාවකට මට උත්සහ කරන්න බ...