1 st episode
" යසස් "
උරහිසට දැණුන බර අතක පහස නිසා අභි හිමීට ඇස් උස්සලා බැලුවා. ඇවිත් හිටියෙ රවීන්. රවීන් කියන්නෙ අභිගෙ ඉස්කෝල කාලෙ හිටිය යාලුවෙක්. අවුරුදු ගාණක් ගිහින් පුදුමයි අභි අදුරගත්තා.
" උබ මොකද මෙහේ? "
අභි රවීන්ගෙන් ඇහුවෙ බෙල්ල විතරක් උස්සලා.
" මන් සැකේට උබට කතා කරේ. උබ ඉතිම් ස්කෝලෙන් අවුට් උනා උනාමයි නෙ. මොකෝ නිකමටවත් ගෙට් එකකටවත් එනව කියලද "
රවීන් කිව්වෙ අභි ළගින්ම ගල උඩින් වාඩි වෙලා.
" ම්ම්ම් "
අභි හූමිටි තියන එක විතරක් කරා. මුහුද ඉර ගිලගන්නකම් බලන් ඉන්න එක අභි ආසම දේ.
" යසස් "
රවීන් ටික වෙලාවක් අභි දිහා බලන් ඉදලා ආයෙම කතා කරන්න ගත්තා. සුපුරුදු විදියටම අභි ඇස් උස්සපු එක විතරක් කරා.
" යසස් උබ ගොඩක් වෙනස් වෙලා. මොකද උනේ? මන් උබව හෙව්වත් මට උබව හොයාගන්න බැරි උනා. "
" දැන් ඒවා වැඩක් නෑ රවි. උබ කොහෙද මෙහේ? "
" මෙහේ ආවෙ නම් ට්‍රිප් එකකට යාලුවෝ එක්ක. පොඩ්ඩක් මෙතන නැවැත්තුවම තමා මන් උබව දැක්කෙ. මට සුවර් එකක් තිබුන් නෑ. මේ උබමද කියලා. කෝකටත් කියලා ආව බලන්න. "
අභි හෙමීට බෙල්ල හරවලා බැලුවා. කොල්ලො කෙල්ලො දහයක් විතර වෙරළෙ ඉන්නවා.
" ම්ම් උබත් ගිහින් උන් එක්ක ෆන් එකක් ගනින් ඉතිම්. "
අභි කිව්වෙ ආයෙම ඉස්සරහ බලාගන්න ගමන්.
" යසස් උබ මාත් එක්ක කතා කරන්න කැමති නැද්ද බන්? ඒත් පොඩ්ඩක් මාත් එක්ක යමන්. උබ අදුරන ගොඩක් අය ඉන්නවා එතන. "
" මට බෑ රවි. උබ පලයන්. "
අභිගෙ මේ හැසීරීම රවිට ලොකු ප්‍රහේලිකාවක්. අභි කියන්නෙම දග මල්ලක්. කටකාරයෙක්. මුරණ්ඩු රස්තියාදුකාරයෙක්. ඒත් දැන් මේ ඉන්න අභි. ඒ අභි තවදුරටත් රවින් දැනගෙන හිටිය අභිරූ නෙවෙයි.
ඒත් රවීන් ගොඩක් සතුටින් හිටියෙ අවුරුදු ගාණකට පස්සෙ තමන්ගෙ හොදම යාලුවව හමුවුණ එකට. රවීන් අභිව බලෙන්ම ඇදගෙන ගියා.
YOU ARE READING
HeArT bEaT
Romansa" යසස් මල්ලි අභි කියන නමට ආයෙ පණ දෙන්න බෑ. ආදරේ කියන්නෙ හැගීමක්. හැගීමකට කොහෙද නීති? හැගීමකට කොහෙද සීමා? මන් ආදරේ කරා අභිට. ඒත් එදා රෑ වැස්සෙ මගේ අප්රකාශිත ආදරේ හේදිලා ගියා කදුලු එක්ක. " සත්සිදු ආදිත්‍ය සේනාධීර " ආයෙම එකම එක වතාවකට මට උත්සහ කරන්න බ...