" ටේක් ඉට් ඊසි බ්‍රෝ. ASP මහත්තයා කවදාවත් ඒක නම් හොයාගන්න එකක් නෑ. මේ රටේ කීයෙන් කී දෙනාද ෆිනීව දැකලා තියෙන්නෙ "
මිහිල් කිව්වෙ හිනා වෙලා. ඒත් මිහිල් දැනගෙන හිටියෙ නෑ අභි ඊලගට කියන්න යන දෙයින් ඒ හිනාව නැත්තටම නැති වෙනවා කියලා.
........................................................................................................................................................
" එතනදි නම් උබ වැරදියි චූටි. ආදි මේ වෙද්දිත් ෆිනි එහෙමත් නැත්නම් ෆීනික්ස් කියන්නෙ කවුද කියලා දන්නවා. "
මිහිල් අභි ළගම වාඩි වෙලා මුහුද දිහා බලාගෙනම කල්පනා කරන්න ගත්තා. ඒක නම් බරපතලම ප්‍රශ්නයක්.
" කොහොමද ෆිනී ගැන දැනගෙන තියෙන්නෙ? "
මිහිල් සෑහෙන්න වෙලාවකට පස්සෙ ඇහුවා. අභි උත්තරයක් විදියට උරහිස් හැකිලුවා දන්නෙ නෑ කියන්න.
" අභි මේ හැමදේම සමහරවිට ASP කාරයා දන්නවා ඇති. උබට හිතෙන් නැද්ද සුද්දා ලොකු අයියා එක්ක රණ්ඩු කරන එක නවත්තපු එක පිටිපස්සෙ ඉන්නෙත් ආදිමයි කියලා. "
අභිගෙන් පිටවුණෙ ලොකු හුස්මක් විතරයි.
" දන්නෙ නෑ චූටි. ඒත් ආදි කිව්වා මාව පේන්න බෑ කියලා "
අභිගෙ කටහඩ බිදිලා ගිහින්.
" අභි හිත හදාගන්න. ඔයා මේ ගේම් එක පටන් ගත්තෙ මොන දේ කැප කරලා හරි මේ ගේම් එක ඉන්ඩ් කරනවා කියලා. දැන් ආයෙ ආපස්සට හැරෙන්න බෑ අභි ඒ නිසා මොන දේ උනත් අපිට ඉස්සරහට් යන්නම වෙනවා. "
අභි එහෙමම දනහිස් දෙක නවාගෙන ළගට අරගෙන ඒ උඩ ඔලුව තියාගත්තා.
............................................................................
" ආසි "
සාම චෛත්‍යට ආවත් ආදි ඉන්නෙ වෙන ලෝකෙක. ඒ නිසාම ඔවිත් ආදිට කතා කලා.
" මොනවද උනේ? මොකද්ද ප්‍රශ්නෙ ආසි ? "
" ඔවිත් නිකමටවත් හිතෙනවද ක්රිෂාලි ඔයා දැනගෙන හිටිය කෙනා නෙමෙයි කියලා ?"
එක පාරට ආදි අහපු ප්‍රශ්නයත් එක්ක ඔවිත් උඩ බිම බැලුවා.
" ඇයි ආසිදු එහෙම ඇහුවෙ එක පාරට? "
YOU ARE READING
HeArT bEaT
Romance" යසස් මල්ලි අභි කියන නමට ආයෙ පණ දෙන්න බෑ. ආදරේ කියන්නෙ හැගීමක්. හැගීමකට කොහෙද නීති? හැගීමකට කොහෙද සීමා? මන් ආදරේ කරා අභිට. ඒත් එදා රෑ වැස්සෙ මගේ අප්රකාශිත ආදරේ හේදිලා ගියා කදුලු එක්ක. " සත්සිදු ආදිත්‍ය සේනාධීර " ආයෙම එකම එක වතාවකට මට උත්සහ කරන්න බ...