අභි සද්දක් ඇහෙන්නෙ නැති වෙන්න දොර ඇරගෙන එළියට ගියා. ආදි තව ටික වෙලාවක් බලාගෙන ඉදලා නැගිට්ටා. නැගිටලා ආදිත් ඉකමනට ලේස්ති වෙලා අභි යන පාර මැප් එකෙන් බලාගෙන යන්න ගත්තා.
ඒත් ටිකක් දුර යද්දි ආදි ගොඩක් බය උනේ අභි යන තැන දැකලා. ඒක එහෙම වෙන්න පුලුවන් ද? ආදිගෙ හිත බය වෙලා ඒ අභිගෙ පරිස්සම ගැන හිතලා.
........................................................................................................................................................
අභි ගියේ මෝදර පැත්තට. හරියටම කිව්වොත් අභිගෙ ගමනාන්තය වැලිගම ගෙවල් 5.
ගෙවල් 5 කියන්නෙ පොඩි තට්ටු නිවාසයක්. ඒත් ඒක නෙවෙයි විශේෂත්වය ඒ අභාවයට යන තට්ටු නිවාසෙ තමයි වත්තෙ ගිහාන්ගෙ ප්ලේස් එක. ඉතිම් අභි මේ කරන්නෙ සිංහ කටට අත දාන එකක් නෙවෙයි ද? ආදිගෙ මුලු ඇගම ගැහෙනවා. ඒ අභිට තියෙන ආදරේට නෙවෙයි ද? ආදි කොච්චර අභිව ප්‍රතික්ෂේප කරන්න හැදුවත් ආදි මුලු හදවතින්ම අභිට ආදරෙයි.
ආදි තවත් වේගෙන් යන්න ගත්තෙ අභි තුවාල වෙලා ඉදිද්දි කාත් එක්කවත් එහෙම ෆයිට් කරන්න බෑ කියලා තේරෙද්දි.
අභි හෙමීට පඩි වලින් නැගලා උඩම තට්ටුවට ගියා. ආදි පුලුවන් ඉක්මනට එතනට ඇවිත් කාටත් හොරෙන් දිග වතුර බටේ දිගේ උඩටම නැග්ගා. දැන් අභිට එතන ඉන්න අය නොපෙනුනාට කියන දේවප් හොදට ඇහෙනවා.
" යසස් උබ මොකද මෙහේ ආ? "
වත්තෙ ගිහාන් අභි දැක්කෙ ගමන් අභිගෙ ඇගට කඩන් පැන්නා.
" උබට තනියම එන්න තරම් දැන් මොළේ හොද නැද්ද යසස්?"
වත්තෙ ගිහාන්ගෙ මූණ ඒක බලන්න බැරි තරම් කේන්තියට කලු වෙලා.
" අයියා චුට්ටක් යසස් කියන දේත් අහපන්කො මුලින්. "
" මිහිල් උබ තමයි මූ කරන හැමදේටම උඩගෙඩි දෙන්නෙ. යකෝ මන් මැරයෙක්. එතකොට උබ ඩොක්ටර් කෙනෙක්. මු හොටෙල් එකක අයිතිකාරයෙක්. කොටින්ම මායි මූයි එළියට තරහ කාරයෝ. මූට මොළයක් නෑ කියපන්කෝ තොටත් නැද්ද ආ? මූ මේවා කරන කොට ඒවා නවත්තන් නැතුව ඒවට තව උඩගෙඩි දෙන්න උබට පිස්සුද මිහිල්? "
ආදිට අදහගන්න බැරි උනා ගිහාන්ගෙ කටින් පිටවුණ වචන. ආදි බට බඩගාගෙන ගාල කඩාගත්තු හරකෙක් වගේ ආවෙ අභිව බේරගන්න. ඒත් මුන් ඔක්කොම යාලුවො. ආදිට හිතුනෙම හැමෝම එකතුවෙලා ඔවිත්ව රවට්ටනවා වගේ හැගීමක්. ඒ එක්කම ආදිට අභි ගැන තවත් පිළිකුලක් දැනුනා.
YOU ARE READING
HeArT bEaT
Romance" යසස් මල්ලි අභි කියන නමට ආයෙ පණ දෙන්න බෑ. ආදරේ කියන්නෙ හැගීමක්. හැගීමකට කොහෙද නීති? හැගීමකට කොහෙද සීමා? මන් ආදරේ කරා අභිට. ඒත් එදා රෑ වැස්සෙ මගේ අප්රකාශිත ආදරේ හේදිලා ගියා කදුලු එක්ක. " සත්සිදු ආදිත්‍ය සේනාධීර " ආයෙම එකම එක වතාවකට මට උත්සහ කරන්න බ...