15 th episode

30 3 0
                                    

ආදිත් දොර වහගෙන මිහිල් පස්සෙම ආවා. මිහිල් තාම බඩු ටික අත් දෙකේ තියාගෙන හිනා වෙවී බලන් ඉන්නවා අභි දිහා. අභි පොඩි එකෙක් වගේ අත් දෙකෙන්ම අස් පොඩි කරනවා. ආදිගෙ හිත ලෝබ කමින් පිරෙන්න කලින්ම ඉරිසියාවෙන් පිපිරුවා. මොකද මිහිල් හිනා වෙවී අභි දිහාම බලන් ඉන්න නිසා. ඒත් ආදි නොහිතුව දෙයක් තිබුනා.

ඒ අභිට සිහිය නැති වෙද්දි අහිට මතක තිබුනෙ ආදි කියපු මළ වදයක් කියපු එක කියලා.

ඉතිම් අභි හරිම සිහියට ආවම ඒක මතක් නොවී තියේවි ද? අභි කියන්නෙ මුලු ඇගේම ලේ වෙනුවට ආඩම්බරකම තියෙන කොල්ලෙක් ඉතිම් නැගිටලා තව දුරටත් ආදි ළග ඉදීවි ද?

........................................................................................................................................................

අභි හෙමිහිට ඇස් අරිද්දිම දැක්කෙ හිනා වෙවී ඉන්න මිහිල්ව.

" චූටි දැන් කොහොමද ? "

මිහිල්ගෙ අතේ තිබුන බෑග් දෙකම අභීට දීලා අභි ළගම ඉදගෙන ඒ ඔලුව අතගෑවා. ආදි මේ හැමදෙයක් දිහාම ටිකක් එහාට වෙලා බලන් හිටියා.

" පොඩි මන් ආයෙම ෆේල් උනා. ෂිට් බලපන් මට ඒ වැඩේ කරගන්න බැරි උනා නෙ. උන්.."

" හරි හරි යසස් අපි ඒ ගැන පස්සෙ කතා කරමු ම්ම්"

ආදිට තේරුනා ආදි ඉන්න නිසා මිහිල් කතාව නතරකරා කියන්න. ඒත් දැන් ඒ දේවල් හිතන්න වෙලාව නෙවෙයි.

මිහිල් අභිට ඇස් වලින් ආදිව පෙන්නද්දි තමයි ආභිට මතක් උනේ ආදිගෙ වචන. ඉතිම් දැන් සිහිය ආව එකේ තවත් කරදර කරන්න ඕන ද?

" මිහිල් මට ගෙදර යන්න ඕන. මෙහෙ ඉන්න බෑ තවත්. "

ඒ මූණ අමුතු වෙද්දි මිහිල් තේරුම් ගත්තා ආදිගෙයි අභිගෙයි අතරෙ මොකක් හරිම දෙයක් වෙලා තියෙනවා කියලා. ඒ මේ ඒක අහන්න වෙලාව නෙවෙයි නිසා කට පියාගෙන හිටියා.

" යසස් ඔයාට ඇවිදින්න පුලුවන් ද නැත්නම් මන් උස්සගන්නද? "

ඉතින් ඒ මිහිල්ගෙ තේරුම් ගැනීම. ප්‍රශ්න දාහක් අහනවට වඩා මිහිල් ඒ හිත තේරුම් ගන්නවා. සමහරවිට ආදිටත් වඩා අභිව දන්නෙ මිහිල් වෙන්න ඇති. ඒත් ආදිගෙ ඇස් ඒ එක්කම මැලවිලා ගියා. ආදිම හිතුවත් අභිට ළං වෙන් නෑ කියලා. ඒත් ඒ ආදරේ හංගන් ඉන්න පුලුවන් ද?

HeArT  bEaTWhere stories live. Discover now