*** අයියගෙ වෙඩින් එක තිබුන නිසා කතාව ටයිප් කරන්න ටයිම් තිබුනෙ නෑ. ආයෙ වෙනදා වගේ කතාව දානවා දිගටම.***
........................................................................................................................................................
මිහිල් යනකම් බලන් හිටිය ආදි රවාගෙන අභි ළගට ගියා. අභි ඔලුව ඉස්සුවෙවත් නෑ බිම බලාගෙනම ඉන්නවා.
ආදි අභිගෙ මූණ බලෙන්ම උඩට ඉස්සුවා. උස්සලා අභි දුන්නා වගෙම ඒ ලිප්ස් වලට පෙක් එකක් තිබ්බා. දැන් නම් අභිගෙ ඇස් ලොකු වෙලා.
........................................................................................................................................................
" තමුසෙ දීපු ඒවා තමුසෙම තියාගන්නවා මට එපා ඒකයි දුන්නෙ. ආයෙ මාව අල්ලන්න හිතන්නවත් එපා. "
අභි තත්පරයකට හිතුවෙම ආදි අභිව කිස් කරා දැන් හැමදේම හරි කියන්න වගේ. ඒත් අන්තිමට අභි දුකින් ආදි දිහා බලන් හිටියා විතරයි. එතනින් එහා මොනවත්ම කිව්වෙ නෑ. ඒත් ආදි නොදැක්කට ඒ ඇස්වල තෙතමනයක් තිබුනා. ඔවිත් ආදිට බයික් එක එවලාත් තිබුනා.
" යසස් අපි යමු. මන් කාර් එක ගෙනාවා. "
මිහිල් කාබරේට ආවෙම එහෙම කියාගෙන.
" එපා පොඩි. මන් ගෙදර ඉන්නම්. ඔයා ඉන්නවා නෙ මාව දවසකට සැරයක් චෙක් කරලා බෙහෙත් දාන්න. "
අභිගෙ කටහඩ අද ඒක ගොඩක් වෙනස්. වෙනදා තියෙන අහංකාර ගැඹුරු කටහඩ නෙවෙයි. ආදිට ඒක නෝට් නොවුනත් මිහිල්ට ඒක නෝට් උනා.
" යසස්. මොකද උනෙ? අවුලක් ගන් එපා. උබ ඉන්නවා නම් මන් නිවාඩු කොහොම හරි ගන්නම්. දෙන්නත් එක්ක ඉමු. "
මිහිල් කිව්වෙ අභි ළගට යන ගමන්.
" දැන් මොකද එන්න බැරි?"
ආදි ඒ ඇස් තරහට රතු වෙලත් එක්ක.
" මට ඕන නෑ කාටවත් කරදරයක් වෙන්න. මට පුලුවන් මාව බලාගන්න. මන් ඉන්නම්. එනි වේ මාව එවෙලෙ බලාගත්තට ගොඩක් පිං. "
ඒ වචන වලට නම් ආදිගෙ තරහ වාෂ්ප උනා.
" මට කරදරයක් නෙවෙයි. මන් බලාගන්නම්. දැන් ලෑස්ති කරපු එකේ මෙයාව එක්කන් එන්න මිහිල්."
YOU ARE READING
HeArT bEaT
Romantizm" යසස් මල්ලි අභි කියන නමට ආයෙ පණ දෙන්න බෑ. ආදරේ කියන්නෙ හැගීමක්. හැගීමකට කොහෙද නීති? හැගීමකට කොහෙද සීමා? මන් ආදරේ කරා අභිට. ඒත් එදා රෑ වැස්සෙ මගේ අප්රකාශිත ආදරේ හේදිලා ගියා කදුලු එක්ක. " සත්සිදු ආදිත්‍ය සේනාධීර " ආයෙම එකම එක වතාවකට මට උත්සහ කරන්න බ...