ඔවිත් ආදිව බදාගෙන අවුරුදු දෙකක් පුරාවට හිරකරගෙන ගල් කරගෙන උන්න ඒ කදුලු දිය කරනවා. ආදි ඔවිත්ට ඉඩදීලා ඔහේ ඉන්නව. ඒත් මේ හැමදේම තව කෙනෙක් බලන් හිටියා.
........................................................................................................................................................
" ඔවිත් එතකොට ඇයි ඔයයි යසසුයි රණ්ඩු වෙන්නෙ තැන තැන? "
ආදි ඇහුවෙ ඔවිත් ටිකක් සංසුන් උනාම. ඒත් ඔවිත් ආදිගෙ උරහිසෙන් ඔලුව ගත්තෙ නම් නෑ තාම. ආදිට ඒක ගාණක් උනෙත් නෑ.
" නංගි නැති උනාම යසස් හැමදේම නතර කරා. අදින පලදින විදියෙ ඉදන් වෙනස් උනා. කලින් සෙල්ලක්කාරයා වෙනුවට නිහඩ වෙන්න පුරුදු උනා. අපෙ නංගි ආසම තැන තමයි මෙතන. යසස් පුරුදු උනා හැමදාම හවසට මෙතන්ට එන්න. ඇවිත් මහ රෑ වෙනකම් ඉන්න. ඒත් ආසි යසස් ඒ වෙද්දි වෙනස් උනාට මට වැඩක් නෑ නෙ. එතකොට මගෙ නංගි මේ ලෝකෙ නෑ. යසස් හොද වෙද්දි මගේ විදිය ඊට හාත්පසින්ම වෙනස් උනා. යසස් පාඩුවෙ ඉද්දි මට ඕනෙ උනේ නංගිට සාධාරණයක්. ඒ වෙනුවෙන් මන් ඉංජිනේරු පට්ටම විසිකරලා මැරයෙක් උනා. "
" යසස්ට ඉන්නෙ එකම එක යාලුවයි. යසස් ගොඩක් උදව්කරපු මේ පැත්තෙම කොල්ලෙක්. මන් වත්තෙ ගිහාන් එක්ක ගේම ඉල්ලනවා කියලා යසස්ට ආරංචි උනේ ගමන් යසස් ඇවිත් මාව නවත්තනවා. ඒකයි අපි දෙන්නා රණ්ඩු වෙන්නෙ. මගේ නංගිව මට නැති කරපු එකට මට යසස්ට සමාව දෙන්න බෑ ආදි. වත්තෙ ගිහාන්ව අතාරින්න තරම් මන් දැන් හොද එකෙකුත් නෙවෙයි. "
" ඒත් ඔවිත් මේ දේවල් කරන එක මගේ ජොබ් එක. ඒ නිසා දැන් ඕවා නතතන්න. මන් නංගිට සාධාරණයක් කරන්නම්."
ආදි කිව්වෙ මේක ආදිගෙ ජොබ් එක වෙන නිසාමත් නෙවෙයි ආදි කැමති නෑ ඔවිත්ව මේ විදියට නාස්ති වෙනවා දකින්න. මොකද ඒ කාලෙ ඔවිත් තමයි ඉංජිනියරින් ෆැක්ල්ටි එකේ බැජ් ටොප්.
" නෑ ආසි. මන් මේකට පැටලිලා ඉවරයි. මට ආයෙ හැරෙන්න බෑ. ඔයා මේකට පැටලෙන්න එපා. අනික ඔයා නොදන්නවට නීතියෙ ඉන්න උන්මයි වැඩිපුරම වත්තෙ ගිහාන්ට උදව් කරන්නෙ. ඒ නිසා ආසි පැත්තකට වෙලා ඉන්න. හොදින් මේක විසදන්න බෑ ආසි. "

YOU ARE READING
HeArT bEaT
Romantik" යසස් මල්ලි අභි කියන නමට ආයෙ පණ දෙන්න බෑ. ආදරේ කියන්නෙ හැගීමක්. හැගීමකට කොහෙද නීති? හැගීමකට කොහෙද සීමා? මන් ආදරේ කරා අභිට. ඒත් එදා රෑ වැස්සෙ මගේ අප්රකාශිත ආදරේ හේදිලා ගියා කදුලු එක්ක. " සත්සිදු ආදිත්‍ය සේනාධීර " ආයෙම එකම එක වතාවකට මට උත්සහ කරන්න බ...