මගෙ ආදර ලංසුව - 01
මම බලාගෙන උන්නෙ පාරෙ මාව පහු කරන් යන වාහන දිහා. ඔය යන එන වාහන අතරෙ කොයිම වෙලේ හරි මාව හොයාගෙන එන රෝද දෙකක් මගෙ ලගට ඇවිල්ලා නවත්තනවා කියන දේ මම දැනගෙන ඔහේ බලාන උන්නා. අනාගතේ කියවලා නෙමේ ඉතිං. තාක්ෂණේ හරි දියුනුයිනෙ. අපි වගේ හිතන පතන අය ළඟපාත ඉන්නකොට දැන ඇඳුනගන්ඩ විදි නැතුව ඈ. මම උන්නෙ පාර අයිනෙ තියෙන සල් ගහක් ගාව ගහපු පොඩි බංකු කෑල්ලක් උඩ වාඩිවෙලා. එක කලුලක සෙරෙප්පුව ගලෝගෙන කම්මැලි කමට කකුලෙන් පොලවෙ ඔහේ බලි කුරුටු ඇන්දා. ඔය අතරෙ තමා මම බලාන උන්න ආගන්තුකයා මගෙ කිට්ටුවට ඇවිල්ලා එයාගෙ බයිසිකලේ නැවැත්තුවෙ. කල් තියා විස්තර කතා කරන් උන්නු නිසා දෙන්නට දෙන්නා ලේසියෙන්ම ඇඳුම්වලින් අඳුනගත්තා.
" ආ මල්ලී...බස් එකක් එනකන්ද බලාන ඉන්නෙ ?"
" අනේ නෑ අයියෙ. මම මේ හක්කෙ දතක් එනකන් බලාන ඉන්නෙ "
" අහිංසකයා වගේ හිටියට මේකගෙ කට යකෝ. දැන් උ-ඹ මම කවුරු කියලද හිතාන ඉන්නෙ? ඔහොම ජෝගි දාන්ඩ "
" කවුරු උනහම මයෙ මොකෝ. අහන දේට එපැයි උත්තර දෙන්න "
" ඒකත් එහෙමද? එහෙනම් මම යන්නම්"
" අඬලා නවත්තගන්ඩද කියන්නෙ ?"
" අනේ එපා.කවුරු එනකන්ද දන්නෑ බලාගෙන ඉන්නෙ "
" මොකටද මම කා එක්කවත් කියන්නෙ ?"
" හා හා... ඇති නැගපන් බයිසිකලේට කට වහන් "
" එහෙම නන්නාඳුනන මිනිස්සුන්ගෙ වාහනවලට නගින්ඩ පුලුවනෑ. කවුද කින්ද මන්ද නොකියා "
" ඇයි බයද ? එක්කන් ගිහින් ඇ* දෙක කපාගෙන විකුණගනී කියලා "
වැඩිය කියවන්න නොයා මම කිව්ව එකට හිනා වෙවී බයිසිකලේට නැග්ගා. ඉස්සරහා හැන්ඩ්ල් එකේ එල්ලගෙන ආව අමතර හෙල්මට් එක මගෙ පැත්තට දික් කලේ එයත් වෙන මොකුත්ම නොකියා. මම ඉතින් අරගෙන දාගත්තා. නිලුයි සුදුයි අලි සයිස් කොටු කොටු කමිසෙ ඇඳලා හිටියෙ සුදු පාට වගේ ඩෙනිමකට. ඇස් කඩාගෙන යන පෙනුමට එහා මනුස්සයගෙ නහය කඩාගෙන යන සුවඳ. මම ඉතින් කටින් වචන පිට නොකලට හිතට විවේකයක් තිබ්බෙම නෑ. ඇස් වලින් ඌව කන්ඩ ගියාම මොන කතාවක්ද. ඉතින් ආයෙම කතාව පණ ගහලා ගත්තෙ එයාමයි.
YOU ARE READING
මගෙ ආදර ලංසුව
Romanceආදරේ වෙනුවෙන් ලංසු තියලා තියෙනවද කවදා හරි ??? ආදරේ වෙනුවෙන් ලංසු තියපු ජීවිතේකට අවසානෙදි හම්බුන ආදරණීයම ලංසුව ගැන බලන්න... කියවන්න.. මගෙ ආදර ලංසුව