මගෙ ආදර ලංසුව - 02

544 93 5
                                    

ඈ..... චූටි ? ඒ පාර මේ මනුස්සයා මොකාටද එන්ඩ හදන්නෙ ? අඳුරන්නෙ නෑ වගේ රඟපානවා කියන්නෙ මොකද්ද මූ ? ශුවර් එකටම මූ මාව ගොනාට අන්දවන්න යන්නෙ. සල්ලි ගැන නම් ගානක් නැතුව ඇති. ඒත් අපි එකතු වෙලා ඌව රැවැට්ටුව එකට මූ මට රිටන් එකක් දෙන්න තමා ඒ වටෙන් වටෙන් එන්න හදන්නෙ...

" කතා කරනවකො ප්ලීස්. කොහොමද ඔයා මෙහෙට ආවේ. ඇයි අඩුම මටවත් කිව්වෙ නැත්තෙ ? අනික හැමෝගෙන්ම ඈත් වෙලා වෙනම මනුස්සයෙක් වගේ ජීවත් වෙන්ඩ තරම් ඔයාට වෙච්ච  ප්‍රශ්නෙ මොකද්ද මල්ලි ? "

" දැන් අර මහත්තයා  කලින් කිව්ව ඩ්‍රාමා එකෙ කොටසක්ද මේ යන්නෙ ? එලෝ විකාරෙන් වගේ මොනවද මේ කියාන යන්නෙ ?"

" මොකද්ද ඕයි චූටි වෙලා තියෙන්නෙ ? මට මේ හැමදේම පැටලිලා තියෙන්නෙ. එදා අර චැට් එකෙන් ඒ ෆොටෝ එක එව්වම මම සීතල වෙලා ගියා. ඒකයි මම පන්න පන්නම ආවේ මීට් වෙන්ඩම මම කවුද කියලා නොකිය.. එදා අර ඔයාගෙම යාලුවා කියන එකා පැනලා කතා කරන්න තිබ්බ චාන්ස් එකත් කාලා දැම්මා. ඊටපස්සෙ බලනකොට මාව්  බ්ලොක් කරලා."

ඒ මහත්තයා ඒ ටික කියනවත් එක්කම මගෙ ඔලුවට ආවේ එදා චැට් කරන්න පටන් ගත්ත දවස. සෑහෙන ගානක් එක්ක චැට් ක‍රන මට ඒ චැට් එක මතක හිටින්ඩ හේතු දෙකක් තියෙනවා. එකක් ඒ තාක් අපි ගලවපු ලොකුම දත ඒක. අනික මගෙ පොටෝ කෑල්ලක් යැව්වාම මේ ඉන්නෙ උඹමද, බොරු කියන්නෙපා, මේක උඹේ වෙන්න බෑ. එහෙනම් ඔප්පු කරපන් ගගා කලබල වෙච්ච හැටියට කිසිම කෙනෙක් මම එක්ක චැට් කරලා නෑ. හම්බ වෙන්න ආව වෙලෙත් ඇස් දෙක ලොකු කරන් බලාන උන්නා මිසක් වැඩිය කතා කරන්ඩ ඕනකමක් තිබ්බෙම නෑ. හරියට මැරිච්ච එකෙක් පණ ඇවිල්ලා ආව වගේ මම දිහා බලාන කට ඇරන් ඔහේ මොනවද කියෝ කියෝ උන්නා. වැඩිවෙලාවක් ඒ විකාරෙ දකින්න උනේ නෑ.මගෙ යාලුවා එයාගෙ මදාවි චරිතෙ රඟපාන්ඩ සීන් එකට එන්ටර් උනේ හරි ඉක්මනට. ඔය වෙනස කල්පනා කර කරා මම වචන ගැලපුවෙ කියන අපබ්‍රන්සෙ අගක් මුලක් හොයගන්ඩ.

" මහත්තයට පැටලිලා තියෙන බව පේනවා... ආච්චිට හික් ගෑවෙන්ඩ මාව මේ නැති මගුල්වලට පටලන්ඩ හදෙන්නෙපා හරී. මොන චූටියෙක් ගැනද කියන්නෙ ? එදා තමා පළවෙනි පාරට මම මහත්තයව දැක්කෙත්. අද දෙවනි පාර. සල්ලි ටික ආපහු දෙන්නම් කිව්වනෙ. විකාර කියවන එක නතර කරගන්ඩ.මට මහත්තයගෙ කෙරුවාව නම් වැඩක් නෑ. හැබැයි අපේ අක්කව බඳිනවනම් එව්වා ඒ විදිහට වෙන්ඩෝනේ. බැඳලා ඊටපස්සෙ අරවගේ කොල්ලො හොයාන යන්ඩ හිතාන ඉන්නවනම් මගෙ පිට දාලා හරි කමක් නෑ මහත්තයගෙ මංගල යෝජනා අකුලන් යන්ඩ. මම හින්දා මගුල කැඩුනා කියලා නැන්දා සාප කරයි වැඩිම උනොත්. ඒකට කමක් නෑ. මොකද කාට මොනවා උනත්, මගෙ අක්කට වරදක් කරන එකෙක්ව මම ලේසියෙන් අතාරින්නෙ නෑ."

මගෙ ආදර ලංසුව Where stories live. Discover now