මගෙ ආදර ලංසුව - 16

805 92 22
                                    

වෙන හැමදේම මට දැනුනෙ එක ගෝෂාවක් විදිහට විතරයි. ඇස් දෙකට දැක්කෙ බොඳ වෙච්ච රූප ගොඩක්. මට ඇස් දෙක අරන් ඉන්න ලොකු මහන්සියක් දරන්න උනේ මට නොදැනීම මම ගත්ත හුස්ම ගන්නත් මට සෑහෙන මහන්සියක් දරන්න වෙලා තියෙන වෙලාවක. මට දැනුනා මාව කට්ටිය උස්සන් යනවා. ඒ හැම තැනකදිම පිස්සුවෙන් වගේ කියෝ කියෝ කෙනෙක් මගෙ ලඟ හිටියා. ලොකූ....එක තප්පරේකට හරි මගෙ අත අතෑරිය නම් ඒ මාව ඇම්බියුලන්ස් එකට දාන වෙලාවෙදි විතරයි. ඒක ඇතුලෙදිත් මගෙ අත අල්ලන් මගෙ ඔලුව අත ගගා එයා මගෙ ලග හිටියා. ඇස් දෙක පියාගෙන අමාරුවෙන් හුස්ම අල්ලම් ඉන්න ඉක්මනටම නැවතිලා හැමදේම ඉවරයක් වෙනවනම් කියලා හිතෙන තරමට ලොකු වේදනාවක් මගෙ පපුවෙ ඇතුලෙ දැගලුවත් එහෙම ලේසියෙන් වෙන දෙයක් වෙන්න දීලා මට බලා ඉන්න බැරි හේතුවක් තිබ්බා.ඉතින් මම ගොඩක් අමාරුවෙන් උනත් ඇස් දෙක යන්තමට හරි ඇරගෙන චායාවක් වගේ ලොකූගෙ රූපෙ හිතේ හැටියට බලාගත්තේ කොයිවෙලේ මට ඒ රූපේ නොපෙනී යයිද කියලා මම නොදන්න නිසා. ඒ මනුස්සයට පිස්සු... පිස්සෙක් වගේ කියවනවා. මගෙ ඇස් දෙක පියවෙන්න නොදී මාව ඇහැරවන් තියාගන්න ඕනවට රටේ නැති විකාර මගෙන් අහනවා.
"ආච්චිට හික් ගෑවුනොත් සීයට මොකද්ද ගෑවෙන්නෙ"
" චූටි මේ බොරුව නවත්තලා නැගිටිනවා, මගෙත් එක්ක රෙස්ලින් ගහලා දිනන්න බැරිකමට නේද මේ බොරු කරන්නෙ"
" ඇත්තමයි මම නම් තමුන්ගෙ තාත්තා ගැන බලන්නෙ නෑ. එයා මගෙ කවුරුත් නෙමේනේ. ඔයාට ඉන්නම වෙනවා එයා ගැන බලාගන්න"
" ඔහොම ඉඳලා අම්මා ආයෙම අසනීප වුනොත් මම දෙනවා හොඳ පාරක් ඔයාට ඈ"
" මේ...මේ මෝඩ ළමයො...මේ බලනවා මගෙ දිහා...අම්මා වැඩියෙන් ආදරේ මටද ඔයාටද"

පිස්සෙක් වගේ හිනාවෙනවා, ආයෙම මාව බදාගන්නවා, යන්තමට අඬනවා. මගෙ අත අරන් ඉඹිනවා. මේ ලෝකෙ දාලා යන්න බැරි තරමට මට ලෝබ හිතුනා. තාත්තා , අක්කා මතක් උනා. ලොකූයි අම්මයි මතක් උනා. අපි එකට හිටිය දවස් මට මතක් උනා.ලොකූගෙ ආදරේ දැකලා මම හිටියෙ හරි සතුටින්. එච්චර ආදරයක් මමත් ලබන්න පිං කරලා තිබ්බා කියලා. දාලා නොයා ඉන්න පුදුම හයියක් මම එකතු කරන් ඇස් ඇරන් හිටියත් එක මොහොතකදි මට දැනුනා මගෙ ඇඩ් දෙකෙන් ටිකෙන් ටික ලොකූ බොඳ වෙලා යනවා. එයාගේ ඉවරයක් නැති කියවිල්ල ටිකෙන් ටික නැතිවෙලා යනවා.මට අන්තිමට එයාට වචනයක් වත් කියාගන්න බැරි උන එකට මට දුකක් තිබ්බත් එයාට පේන්න මම හිනාවේගන මගෙ ඇස් පියාගත්තා.

මගෙ ආදර ලංසුව Where stories live. Discover now