ලොකුවයි මායි දුවන පාරට තව පොඩ්ඩෙන් මෙට්ටෙ ලිස්සලා හොම්බ බිම ඇනෙනවා. ඒ කිසිම දෙයක් ගානක් නැතුව අපි අම්මා හිටිය තැනට දිව්වෙ. අපි යනකොට අම්මගෙ රෝද පුටුව ගවම තිබ්බ උස මැටි මල් පෝච්චිය තව බඩු ගොඩක් පෙරලගෙන බිම වැටිලා තිබ්බෙ කෑලි හැම තැනම විසිරුවන්. අපි කාමරේට යනකොට කාන්ති ඇන්ටී ඒ ටික අහුලනවා කියව කියව. මල් පෝච්චිය අම්මට ළඟම තිබිලා තිබුනත් වාසනාවට අම්මට පුංචි හීරීමක්වත් වෙලා තිබ්බෙ නෑ.ලොකූගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ ඊටපස්සෙ
" කාන්ති ඇන්ටි විකාරයක් කරනවනෙ. මම බය වුන බයවිල්ලක්. මම හිතුවෙ අම්මට මොනවා හරි වෙලා කියලා ඒ කෑගහපු විදිහට "
" මම කුස්සියෙ ඉඳන් දුවගෙන එනකොට එකපාරටම දැක්කම මට කෑගැස්සුනා බේබි බයට. ඒ වෙලාවෙ කෑගැස්සෙනවානෙ බේබි ඉතින් ... පූස් තඩියෙක් වත් ගෙට පැනලා ඇති. මම මේ ටික අස්කරලා දාන්නම් ඉකමනට"
ලොකූ අම්මා ගාවට ගිහින් අම්මගෙ ඔලුව හේත්තු කරගෙන ඔලුව අතගෑවා. මමත් ඉතින් අම්මා ළඟට ගියෙ ඒක මගෙ එකම වගකීම අම්මව නැගිට්ටවන එක හින්දා.
" ඔය ටික පස්සෙ අස්කරලා දාමු කාන්ති ඇන්ටි... ගිහින් චූටි බේබිටයි මටයි බොන්න මොනව හරි හදන්න. මීටපස්සෙ අම්ම ඇඳට කරලා මිසක් ඔයා වෙන වැඩකට යන්නෙ නෑ. තේරුනානෙ. අනික් දේ...කවුද වගේ බොරුවට කලබල වෙලා කෑගහන්නෙ නැතුව කරන දෙයක් සිගියෙන් කරන්න "
කාන්ති ඇන්ටී කුස්සියට ගියෙ ලොකූ කිව්ව විදිහට අපිට බොන්න මොනව හරි හදාගෙන එන්න. ලොකූ අම්මව පපුවට හේත්තු කරන් ඉන්න අතරෙ මම ගිහින් අනික් පැත්තෙන් අම්මගෙ ඔලුව අතගෑව. වෙච්ච දේ මම කිසිම විදිහකින් බලාපොරොත්තු වුන දෙයක් නෙමේ. රෝද පුටුවෙ ඇන්ද උඩ තියාගෙන හිටපු අම්මගෙ අතේ ඇඟිලි ටික යන්තම් එහෙ මෙහෙ කරලා මගෙ වම් අතේ ඇඟිල්ලක් අම්මා මහ හයියෙන් අල්ලගත්තා. කිසිම හැලහොල්මනක් නොතිබ්බ අම්මගෙ ඇඟිලි එ විදිහට මගෙ ඇඟිල්ලක් අල්ලගන්න තරම් හෙල්ලුවා කියන්නෙ ඉතින් ලොකූ හිතපු හැමදේම ඒ විදිහට හරි ගිහින් කියන එක. ලොකූ ඒ වෙනකොටවත් ඒ දේ දැක්කෙ නෑ. මම ඉක්මනටම මගෙ අනික් අතින් ලොකූට තට්ටුවක් දාලා ඇස් දෙකෙන් අම්මගෙ අතයි මගෙ අතයි පෙන්නුවා.
YOU ARE READING
මගෙ ආදර ලංසුව
Romanceආදරේ වෙනුවෙන් ලංසු තියලා තියෙනවද කවදා හරි ??? ආදරේ වෙනුවෙන් ලංසු තියපු ජීවිතේකට අවසානෙදි හම්බුන ආදරණීයම ලංසුව ගැන බලන්න... කියවන්න.. මගෙ ආදර ලංසුව