මගෙ ආදර ලංසුව - 09

387 74 6
                                    

මම ඉඳපු කාමරේ වහලා මාවත් ඇදගෙන මහත්තයා එයාගෙ කාමරේට ගියෙ හරියට මරන්ඩ හරකෙක් දක්කන් යනවා වගේ. හරිනම් මම පැනගෙන ඌවත් ඇදගෙන යන්නෙපැයි මහෙ හිතේ මහත්තයට තියෙන කැමැත්තට. ඒත් ඉතින් එයාගෙ හිතේ එහෙම පොඩිවත් එකක් නෑ කියලා දැන දැනම මම ඕවා හිතුවට වැඩක් වෙන්නෙ නෑනෙ.  මේ වැඩෙන් වෙන්නෙ මට ඒ මනුස්සයව තව තවත් හිතට ඇලවෙන එක කියලා දන්න හින්දද මන්දා මම ගියෙ මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව.
මහත්තයා දොර ඇරගෙන කාමරේට ගිහින් අඳුම් බෑග් එක කාමරේ පැත්තකින් තියලා දොර වැහුවා.

" මොකද මනුස්සයො මේ කනත්තකට ආවා වගේ බය වෙලා...බලනවා මූනෙ හැටි"

" බය නොවී කොහොමද ඉතින් ... මං වගේ අහිංසක කොල්ලෙක් මෙහෙම එක එක අයගෙ කාමරවලට යන එක. අපි වගේ අහිංසක ළමයි කෙලෙසන්න කොච්චර කාමාතුරයො බලන් ඉන්නවද ඉතින් මහත්තයල වගේ... කොච්චර අමාරුවෙන්ද පරිස්සම් වෙලා ඉන්නෙ"

" කෝ බලන්ඩ කිව්ව කට.... කොහෙන්ද ඕවට හිනාවෙන්ඩ ඕනේ? හරි නම් මමයි බයවෙන්ඩෝනේ... එදා දැක්කනෙ...කොන්දෙ බාම් ටික ගාන්ඩ ගිය විනාඩියට දෙකට දාපු සෙල්ලම. කාමරේටම දාගත්තම මොන සෙල්ලමක් දායිද කියලා මට බය"

" බය වෙන්නෙ මොකටද?? මම ඉතින් කොච්චර සෙල්ලම් දැම්මත් මහත්තය කුලප්පු වෙන්නෙ නෑනෙ. මහත්තයල  කුලප්පු වෙන්නෙ සල්ලි, උගත්කම, හැදිච්චකම වගේ ඒවටනෙ..."

" තමුන් එක්ක නම් කතාකරලා බේරෙන්ඩ බෑ නේ... කොහේන් හරි හින්ට් එකක් ගහන්ඩනෙ බලන්නෙ. දත් මැදන් ඇවිල්ලා නිදාගන්නවා පැත්තකින්...මට නිදි මතයි"

" දත් මැදන් එන්ඩ කියන්නෙ ඇයි විශේෂයෙන් ?"

" මොනවා අහනවද මන්දන්නෑ.... දත් මැදන් එන්ඩ කිව්වෙ රෑට නිදාගන්න්  කලින් දත් මදින්ඩ ඕනෙ හින්දා...නැතුව මේ...මොන...පිස්සු තමුන්ට නම් එක වෙලාවකට"

" හරි ඉතින් ...දවසක් දත් මැද්දෙ නෑ කියලා මැරෙනවා ඈ "

" වොශ් එකක් දාලා මිසක් මගෙ ඇඳට එන්නෙ නෑ හරී... එහෙනම් බිම නිදාගන්නවා"

මම මහත්තයට රවලා නිකන් එයාට ඕනවට වගේ බෑග් එකෙන් බුරුසුවයි තුවායයි අරන් මහත්තයගෙ බාත් රූම් එකට ගියා. මම ඕනවට එපාවට දත් මැද මැද ඉන්නකොට අහම්බෙන් වගේ මම දැක්කෙ. මහත්තයා හවස ඇඳන් හිටිය ඇඳුම් ටික. හඳ නැත්නම් තරුවක් හරි මොකෝ කියලා මම ඉතින් මහත්තයා ඇඳන් හිටිය ටීශර්ට් එක අතට අරගත්තෙ ඇත්තටම මං මහත්තයා ගාවින් ආව ඒ සුවඳට මාර කැමති නිසා. මං වත් නොදැනිම මම ටීශර්ට් එක් මූනෙ තියාගෙන ඒ පුරුදු සුවඳ බැලුවා.  කස කාරයො දැක්කට හොඳම නැට්ටුව ආවෙ පස්සෙනෙ... ටීශර්ට් එකට යටින් තිබ්බෙ මහත්තයගෙ යට කලිසම. මම නම් වෙලාවකට කිසිම ලැජ්ජාවක් නැති නැහැදිච්ච ම එකෙක්. අර යට ඇඳුමට මහත්තයා කොයිතරම් ලස්සනට ඉන්නවා ඇද්ද කියලා මම හිතින් මවාගත්තෙ ඒක අතට අරන් බලන ගමන්. ඒ හීන ලෝකේ වැඩි වෙලාවක් ඉන්ඩ හම්බුනෙ නෑ මට. මහත්තයා දොරට තඩි බානවා ඇහුනා.

මගෙ ආදර ලංසුව Wo Geschichten leben. Entdecke jetzt