මගෙ ආදර ලංසුව - 08

405 73 10
                                    

මට මහත්තයගෙ හැසිරීම එක්ක ඉස්සරහා තිබ්බ දේ දැක්කම මොකද්ද වෙලා ගියා. අම්මට අසනීපයක් නම් ඕක නොකියා ඉන්න තරම් දෙයක් නෑනෙ. මහත්තයා ඒ විදිහට මම එක්ක ඒ දේ නොකියා ගෙදර එක්කන් යන්න හදන්නෙ රිපෝට් එකේ මොනවා හරි නරකක් කියලා මගෙ හිත කිව්වා. මං ඇස් දෙක තද කරගෙන සීට් එකට ඔලුව තියාගත්තා. මට කල්පනා උනේ ගොඩක් නරක දේවල්.ඒ වගේ ලෙඩ කොයිතරම් වේදනාකාරී ද කියලා මම අහලා තියෙනව. ඉස්පිරිතාලෙ පෝස්ටර් වල පවා. මට කල්පනා උනේ ඒවගේ දෙයක් තියේ නම් කොහොමද මම ලෝකෙට මූන දෙන්නෙ කියලා. කොහොමද මනුස්සයො ඉස්සරහට යන්නෙ කියලා. මිනිස්සු ඉස්සරහා කොන් වෙන හැටි, මිනිස්සු මාව පිලිකුල් කරන් හැටි මට මැවිල පෙනුනා. ඒ පීඩනේ මට වැඩි වුනේ සැරෙන් සැරේ මහත්තයා දිහා බලපු හැමපාරම මහත්තයා සෑහෙන අවුලලින් වගේ නොසන්සුන් හැසිරීමක් පෙන්නපු නිසා. මට මගෙ ඔලුවට එන විකාර එක්ක ඒ පීඩනේ තවත් ඉවසන්න බැරි ගානට ඔලුවට වද දුන්නා. ඕන මගුලක් කියලා ඇත්ත මොකද්ද කියලා දැනගන්න මට ඕන උනා. වෙන දෙයක් ඊටපස්සෙනෙ කියලා මම හිත ශක්තිමත් කරගත්තා.

" කාරෙක නවත්තන්න මහත්තයා"

එකපාරටම එහෙම කිව්වම මහත්තය ගැස්සිලා වගේ මහෙ දිහා බැලුවා. අයිනකට අල්ලලා නැවැත්තුවෙ මම ඒක කිව්ව විදිහ ටිකක් සැර හින්දා.

" ප්‍රශ්නෙ මොකද්ද කියලා කියනකන් අපි යන්නෙ නෑ. ඔයා ඔහොම පිස්සුවෙන් වගේ හැසිරෙනවා වචනයක් වත් කතා නොකර.. කියන දෙයක් කෙලින් කියන්ඩ"

" මට තේරෙන්නෙ නෑ මල්ලි.මම කොහොමද මේක ඔයාට කියන්නෙ කියලා. මම හීනෙකින් වත් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ"

මගෙ පපුව එන්න එන්න බර වුනා විතරයි. මහත්තයගෙ ඒ හැසිරීම මට මහ ප්‍රෙහෙලිකාවක්. ඕන දෙයක් වෙන්න කියලා හිතාගෙන මම ඉස්සරහා තිබ්බ ලියුම් කවරෙ අතට අරගත්තා.

" මේ මගෙ රිපෝට් එක නේ?????"

" ආ...ඔව්"

" මෙච්චර ප්‍ර්‍රශ්නවලට මූන දීපු මට මේක දරාගන්න බැරිවෙන එකක් නෑ. මට ඕනෙ ඒක තහවුරු කරගන්න විතරයි. මම දන්නෙ නෑ මේක කියවන්න. නැත්නම් ඒකත් අහ අහ ඉන්නෙ නැ. මහත්තයා කොහොමත් හරි. එදා මග් හැසිරීම දුර දිග ගියා නම් මහත්තයටත් මේ පව් වලට කරගහන්න වෙනව. වෙලාවට ඒ දේවල් එහෙම විසඳුනේ. මම කාලකන්නියෙක් කියලා මම් දන්නවා. මේ දෙ විතරයි අඩුවකට තිබ්බෙ. කමක්නෑ...මම කරපු දේවල්වලට මේක මට දඬුවමක් කියලා හිත හදාගන්න බැරියෑ...මොකද්ද මට තියෙන ලෙඩේ"

මගෙ ආදර ලංසුව Where stories live. Discover now