" ඒ දිනුක්"
" මොකක්ක්....දිනුක් අයියා ඇයි එහෙම දේවල් කරන්නෙ? ඒකියන්නෙ එයයි ශාරුයි මේ හැමදේම කරන්නෙ ඒ දෙන්නගෙ හොර මගුලක් තියෙන හින්දද? "
" ඒක නෙමෙයි ප්රශ්නෙ... මේ එෆෙයාර් එක පටන් අරන් තියෙන්නෙ චූටී ජීවත් වෙලා ඉන්න කාලෙද නැත්නම් නැති උනාට පස්සෙද කියන එක. මට නම් දැන් චූටිගෙ මරණෙත් හරි සැකයක්. "
" අම්මට මෙහෙම දෙයක් කරන්න හැදුවනම් ඒක වෙන්න බැරිත් නෑ ඉතින්. ඒත් ඒක් ඇක්සිඩන්ට් එකක්නෙ"
" හ්ම්ම්...උදේම කෝල් එකක් ආවෙ නුවරඑළිපෙ අපේ ස්ටේට් එකක ප්රශ්නයක් කියලා. චූටි තාත්තා අසනීපෙන් හිටිය නිසා චූටි තමා යන්න හැදුවෙ. ඒත් එයාට ලොකු තේරුමක් නැති නිසා අන්තිමට චූටි තාත්තත් ගියා."
" හරි අපි ඒවා පස්සෙ කතාකරමු...දැන් 28 වෙනිදට මුන්සේරම ඉස්සරහා මම කවුද කියන එක එලි කරන්න හදන්නෙ. කොහොමද ඒත් මුන් ඒක හොයාගත්තෙ?"
" සැක හිතෙන්න ඇති මල්ලි. ශාරුත් බබා වගෙ හිටියට ඔයාගෙ වෙනස්කම් දැනෙන්න ඇතිනෙ. අවුරුදු ගානක් එකට හිටිය කෙනාව දන්නෙ නැද්ද ශාරු"
" ම්ම්....හරි වෙච්ච ඩ්දේ උනා...දැන් මොකද්ද කරන්නෙ? මට ඕන දෙයක්. ඒත් එයාලා අනිවාර්යයෙන් ම ඔයාලවත් මේකට පටලවනවා මහත්තයො "
" වෙන කරන්න දෙයක් නෑ... හෙට රෑ ඔයා ගෙදරින් යනවා. එදා හිටිය හොටෙල් එකේ නැවතිලා ඉන්නවා රට යන දවස එනකන්. මහ දවසක් නෑනෙ. "
" ඇයි ඉතින් අපි එහෙම කරන්නෙ??? සේරම බලු වැඩේ කලේ උන්නෙ. ඇයි අපි පැනල යන්නෙ? එයාලා මගෙ රෙදි ගලවන්න නම් එන්නෙ මම ත් ගලවන්නම් එයාලගෙ රෙදි. එයාලා කියයි මම දේපොල ගන්න රගපෑවා කියලා. ඒත් මම සතයක් වත් හොරකම් කරලා නෑනෙ. එයාලට විරුද්ධව අපි ගාව සාක්ෂි තියෙන්නෙ. අම්මව මරන්න හදපු විදිහ. cctv තියේ. අනික හොඳම සාක්ෂිය ....කාන්ති"
" මට ඔයාව අමාරුවෙ දාන්න බෑ. ඔයා යන්න. මං ඒක තනියෙන් කරන්නම්"
" මං ඔයාගෙ අත අල්ලගත්තෙ ඕනම තැනදි ළඟ ඉන්න බලාගෙන මිසක් පැනලා යන්න නෙමේ. ඔයා කිව්වට මම මේ වෙලාවෙ ඔයාවවත් අම්මවවත් දාලා යන්නෙ නෑ."
YOU ARE READING
මගෙ ආදර ලංසුව
Romanceආදරේ වෙනුවෙන් ලංසු තියලා තියෙනවද කවදා හරි ??? ආදරේ වෙනුවෙන් ලංසු තියපු ජීවිතේකට අවසානෙදි හම්බුන ආදරණීයම ලංසුව ගැන බලන්න... කියවන්න.. මගෙ ආදර ලංසුව