මගෙ ආදර ලංසුව - 15

360 68 3
                                    

එතනින් එහාට මොන දේ උනත් ලොකූව බේරලා මම හැමදේම බාරගන්න මම හරි ඉක්මනටම තීරනේ කලේ හේතු කීපයක්ම හින්දා. ලොකූ එපා කියද්දි මේ භයානක සෙල්ලම පටන් ගත්තෙ මම, අනික මට ලොකූට පොඩිවත් නරකක් වෙන එක දරාගන්න බැරි උනා...ඊටත් වඩා අම්මව බලාගන්න ලොකූ හරි අම්මා එක්ක ඉන්න ඕනෙ නිසා. පරාජය හිතින් බාර අරගෙන මම එතන හිටිය පොලිසියෙ දෙන්නා ඉස්සරහට මගෙ අත් දෙක දික් කලා. ලොකූට තිබ්බ ආදරේ වෙනුවෙන්, අම්මට මගෙ තිබ්බ ආදරේ වෙනුවෙන් මම ඒ කැප කිරීම කලේ ලොකූ මාව ඉක්මනට බේරගනී කියන බලාපොරොත්තුව තියාගෙන. මං අත් දික් කලාට පොලිසියෙ අය මාංචු දාන්නෙ නැතුව බලාගෙන හිටිය. තමන්ගෙ දිනුම සමරන්න දිනුක්ල්ලට ශාරුලට තිබ්බෙ හරි ලොකු හදිස්සියක්. හෙලන් හිටියෙ හරි සතුටින්... මගෙ දිහා බලලා මට පාච්චලේට හිනාවෙලා එයාගෙ කතාව පටන් ගත්තා.

" ඉන්ස්පෙක්ටර් ...ඇයි බලාන ඉන්නෙ. ශාරුව මරන්න උත්සහා කලේ මෙයානෙ. විදර්ශනගෙ අම්මත් කිව්ව එකේ, මේ හොරාව ඇරෙස්ට් කරන්න"

" අපේ චීෆ් එනකන් අපි ඉන්නෙ මිසිස් හෙලන්.   අපිට විනාඩි දෙකක් දෙන්න"

ඒපාර පොලිසියෙන් ප්‍රශ්න කරන්න ගත්තෙ දිනුක්

" ඇයි ඉන්ස්පෙක්ටර්  ඒ?".

ඒ හැමෝගෙම ප්‍රශ්නවලට උත්තර අරගෙන ඉස්සරහා දොර ගාවට ආවේ මම හීනෙකින්වත් හිතුවෙ නැති කෙනෙක්. පොලිස් කාන්තාවෙ දෙන්නෙක් එයාගෙ දෙපැත්තෙන් හිටියා. එයා ගෙදර ඇතුලට ආවේ හරියට අර ඉස්සර සිරසෙ ගිය ස්වප්නා ද මොකේද එකේ මිශන් එකක් දිනලා ස්වප්නා එනවා වගේ ගැම්මෙන්.ඒ ගමනෙ තිබ්බෙ ඒතරමට ගාම්භීර කමක්. මගෙ කට ඇරුනෙ ඉබේටමයි... පුදුමෙකට වඩා අලුත් බලාපොරොත්තුවක් එක්ක ලොකු සතුටක් මට දැනුනෙ.

" කාන්ති ඇන්ටි?????????? ඔයා"

" නෑ මිස්ටර් ශනිල්ක... CID ඔෆිසර් කාන්ති රණසිංහ "

මට උඩ පැනලා නටන්න තරම් සතුටුයි. මම ඉක්මනටම බැලුවෙ ලොකූගෙ මූන දිහා. වචනෙන් නොකිව්වට එයයි මායි එවලෙත් ඇස්වලින් කතා කලා...
" අපි දින්නා ලොකූ... අපි දෙන්නා දිනුවා"
කොහොමද මම එතනින් නවතින්නෙ. හෙලන්ගෙ, ශාරුගෙ, දිනුක්ගෙ මූනු එකක් ගානෙ මට බලන්න ඕන උනා. හරි උන්මාදෙන් වගේ හිනාවෙවී ජයග්‍රාහී ලීලාවකින් තිබ්බ ඒ මූනු හැම එකක්ම කලු වෙලා වෙවුලන්න වගේ. එයාලා නෙමෙයි...අපිවත් හිතුවෙ නැනේ මෙහෙම දෙයක්. ගෙදර වැඩට හිටිය කාන්තී CID ඔෆිසර් කෙනෙක් කියලා කවුද ඉතින් හිතන්නෙ. බාච්චු සායවල් හැට්ටවල් ඇඳගෙන හරිම ගොඩේ පාටටකොන්ඩෙ තනි කරලට ගොතලා හැමවෙලේම බයාදු විදිහට මූන හදාගෙන යන්තම් හිනාවෙවී මෙ ගෙදර හිටිය කාන්ති අද මේ වහලෙ යට ඉන්නෙ වෙනම විදිහකට. වැලමිට ගාවට අත් දාපු හැට්ටෙකට, රත්තරන් පාට බෝඩරේ තියෙන සුදු සාරියක් හරි නීට් එකට ඇඳලා, හරි වැදගත් පාටට පේන ඔරලෝසුවක් අතේ බැඳලා ලස්සන කරාඹු දෙකකුයි චේන් එකකුයි දාලා, වෙනදට නට්ටට ගොතපු කොන්ඩෙ අද පිලිවල පැත්තට පීරලා උඩට බැඳලා. අපි මොන නලුවොද...අන්තිමට කාන්ති තමයි හොඳටම කරලා තියෙන්නෙ.

මගෙ ආදර ලංසුව Where stories live. Discover now