තර්ජනයක් හරි යෝජනාවක් හරි, කැමති විදිහට බාරගන්න පුළුවන්. හැබැයි මේකට අනිවාර්යයෙන් ම ශනිල්ක මට උදව් කරන්ඩ ඕනේ
" හරි දැන් මම බෑ කිව්වොත් ඇයි මට මොනවා කරන්නද ? "
" මොනවද කරන්ඩ බැරි ශනිල්ක ? සල්ලි ටිකක් වියදම් කරන්න පුළුවන් නම්, දැන ඇඳුනුම්කම් තියේ නම් නිවැරදි මනුස්සයෙක් උනත් වැරදිකාරයෙක් කරන්න පුළුවන් රටක් මේක. එහෙම එකේ පාරවල් ගානේ පිට් පොකට් ගහන කොල්ලෙක්ව...ආ නෑ දෙන්නෙක්ව, පොලිසියකට කොටු කරවන එක මට කරන්න බැරි වැඩක් කියලද හිතන් ඉන්නෙ ?"
" අපි වගේ පොඩි පොඩි ගේම් දෙන උන්ටනෙ කොහොමත් පොලිසියෙ උන්ගෙ බැටන් පොලු නැමෙන්නෙ. දැන් එතකොට තමුසෙ හදන්නෙ මාව විදර්ශන වගේ රඟපාවලා දේපොල ටිකට ගේමක් දෙන්ඩනෙ. අපි හොරු නම් තමුසෙලා කම්බ හොරුනෙ ඕයි "
" මහත්තයො කියලා කතා කරපු කටෙන්ම නේ තමුසෙ කිය්න්නෙත්..නේ ? "
" ගරු නම්බු දීලා කතා කරන්ඩ තිබ්බා, ගෞරවෙයි නම්බුවයි තියෙන කෙනෙක්ට. ජැන්ඩියට ඇන්ද පලියට, කාරෙකක බැස්ස පලියට හැමෝම මහත්තුරු වෙන්නෙ නෑ කියලා අපිටත් අමතක වෙනවනෙ "
මහත්තයා කියපු හාදයා මගෙ දිහාට හැරිලා මම අමුතු හිනාවක් දාලා උරහිස්සට තට්ටුවක් දැම්මා. ඊටපස්සෙයි ආයෙම කතාව පටන් ගත්තෙ.
" දන්නවද ශනිල්ක. පෙලක් හොරුන්ට හොරකම එන්නෙ පුරුද්දට. හැබැයි පෙලක් අය හොරකම් කරන්නෙ නොකර බැරි කමට. දෙගොල්ලොම බයානකයි. හැබැයි ඔය දෙවනි කාන්ඩෙ තමා ටිකක් හරි මනුස්සකමක් තියෙන අය. මම අර යෝජනාව කරාට හරි ඩවුට් එකකින් උන්නෙ ශනිල්ක කොයි වගේ හොරෙක්ද කියලා නොදන්න හින්දා. ඒත් දැන් ඒ ඩවුට් එක නෑ. "
" මොකක්ද තිබ්බෙ ?"
" ඩවුට්...සැකේ සැකේ..."
" ආ...සැකේ. දැන් ඇයි එහෙම කියන්නෙ?"
" මොකද ශනිල්ක කියන්නෙ අර කිව්ව කාන්ඩ දෙකෙන් පලවෙනි කාන්ඩෙ හොරෙක් නොවෙන හින්දා "
" එතකොට මම ද දැන් අර ඩවුඩ් එකද මොකද්ද එක තියාගන්න ඕනේ ? "
"ම්ම්... එහෙම ඕන වෙන එකක් නෑ. මොකද ඔයා තාම සම්පූර්ණ කතාව මගෙන් ඇහුවෙ නෑනෙ "
YOU ARE READING
මගෙ ආදර ලංසුව
Romanceආදරේ වෙනුවෙන් ලංසු තියලා තියෙනවද කවදා හරි ??? ආදරේ වෙනුවෙන් ලංසු තියපු ජීවිතේකට අවසානෙදි හම්බුන ආදරණීයම ලංසුව ගැන බලන්න... කියවන්න.. මගෙ ආදර ලංසුව