මගෙ ආදාර ලංසුව - 13

400 68 3
                                    

අපේ ජීවිතවල ලස්සනම දවස් ඔය විදිහට පටන් ගත්තා. පහුවදා රෑටත් ශාරු එක්ක තිබ්බ තරහා පිට දාලා මම මෝඩ ගුරාගෙ කාමරේට රිංගුවා. නිමෙන්න ළඟ පහන් හරි දිස්නෙට දැල්ල ගහනවා කියනව වගේ මගෙ ජීවිතේ කිසිම පිරිමියෙක්ගෙන් මම ලබපු නැති තරම් ආදරයක් සතුටක් මට ඒ හැම රෑකදිම ලොකූ ගාව දි කිසිම අඩුවක් නැතුව මට හම්බුනා. පහුවදාත් අපි ආයෙ ආයෙම අපි දෙන්නගෙ ඇඟවල් අපි දෙන්නගෙ නමට ලියාගත්තෙ කාමරේ කලුවරට සාක්ෂි දරන්න ඉඩ දීලා. නටන්න පුළුවන් සෙල්ලම් සේරම නටලා තමා දෙන්නට දෙන්න තුරුල් වෙලා අපේ අවිනිශ්චිත අනාගතේ ගැන කතා කලේ... ළඟදිම දවසක දෙන්නට දෙන්නා වෙන් වෙලා ඈතටම යන්න වෙනවා කියල හොඳටම දැනගෙන අපි දාලා යන දවසට අඬන්න හේතු එකතු කලා.

" ලොකූ..."

" මොකද මෝඩ ළමයො"

" මට රට නොයා මෙහෙම කොහෙහරි ඉන්න බැයිද?"

" ඒක රිස්ක් එකක් මල්ලි. ශාරුලා නිකන් ඉන්න එකක් නෑ ඔයා මොකුත්ම හොරකම් නොකර ගියත්. තාත්තගෙ පැත්තෙ සෙට් එක කතාව හදන්නෙ මාවත් ගාවලා ඕකට. අම්මටත් ඉන්න දෙන එකක් නෑ හොඳ උනත්. "

" රිස්ක්?? ඒකියන්නෙ"

" අයියෝ...‍රිස්ක් එකක් කියන්නෙ අවදානමක්... යන්න කලින් ඔහේ නෑවොත් නාන්නෙ ඕන් ඔය ඉංග්‍රීසිය හින්දා. කොච්චර වචන කියලා දෙනවද. මතක තියාගන්නවකො"

" කතා කරන දේ පැත්තකට දාලා වෙන මනස්ගාත ඇදලා ගන්නෙපා අනේ. මං රට ගියහම මට ඔයාව නැතිවෙයිනෙ"

" මං ගාව ඒකට උත්තරයක් නෑ. ඔය වෙලාවට තමා හිතෙන්නෙ අපි දුරින්ම හිටියනම් එකක් කියලා ඕයි. ඇත්තටම මං දන්නෑ මොනවා කරන්නද කියලා. තාත්තව මම බලාගන්නම්...සමහරවිට කාලයක් ගිහින් මං ඔයා ගාවට එන්නම්... එක්කො ඔයා ආයෙම මෙහෙ එන්න. අපි බලමු එන විදිහකට"

" අම්මට ඇත්ත කියන්නෙ කවද්ද අපි? එයා ආයෙම ලෙඩ වෙයිද ඒක අහලා"

" මං දන්නෑ... රිපෝට්ස් නම් සෑහෙන්න හොඳයි. යන්තමට තනියෙන් ඇවිදිනවත් එක්කනෙ... මම ටික ටික කියන්නම් අම්මට"

" මම ගියාට පස්සෙ හෙලන් ලා ඔයාලට ආයෙම යන්න කිවෝත්?"

" එහෙම බෑනෙ...මේවා විදර්ශන ගෙ නමට ලියලා තියෙන්නෙ චූටි අම්මලගෙ ජීවිත භුක්තිය තියන්නෙ. එතකොට අම්මා සිහියෙන් ඉන්නකොට එයාලට ඕන ඕන ඒවා කරන්න බෑනෙ මල්ලි. කලින් ප්‍රශ්නෙ උනේ එයාට කිසිම සිහියක් නොතිබ්බ එකනෙ."

මගෙ ආදර ලංසුව Donde viven las historias. Descúbrelo ahora