මගෙ ආදර ලංසුව - 10

390 74 5
                                    

ලොකු තාත්තා කියවගෙන යන එක නතර කරන්න ඕනවටද කොහෙද මහත්තයා ඒ මැදට පැනලා කතා කලා. මං හිතුවට වඩා ඉවසීමකින් මහත්තයා කතා කලේ..

" හෙලන් ආන්ටි මේ අහන්න.. මේ අම්මා මැරි කලාට පස්සෙ ඉඳපු තැන. චූටිගෙ ,තාත්තගෙහැම මතකයක්ම එයාට මෙතන තියෙන්නෙ. ඔයාල බිස්නස් වලටයි අනික් ප්‍රොපටීස්වලටයි ඕන විකාරයක් කරගන්න ආන්ටි. අපිට ඕවා ලොකු නෑ. අපි ඉල්ලන්නෙ එක දෙයයි. අම්මට මේ ගෙදර වත් ඉතුරු කරන්න. මොකද නීතියෙන් ශාරාන්‍යා චූටිගෙ වයිෆ් උනාට ඊට වඩා සෑහෙන්න දුර බැඳීම්ක් අම්මයි පුතයි කියන්නෙ. ඔයාලා මෙච්චර පහත් තත්වෙට වැටෙන්නෙ ඇයි අම්මව පාරට ඇදලා දාන්න තරම්"

" මේ සන්...ඔයා එක්ක අපිට කතාවක් නෑ. මේක අපේ ෆැමිලෙ එකේ ප්‍රශ්නයක්. අපි හොඳට දන්නවා තමුසෙ මේ ගෙදර කලින් සර්වන්ට් කෙනෙක් ග් ළමයා මිසක් මේ අයගෙ පුතා නෙමේ කියලා. අපි කරන්න ඕනෙ මොනවද නැත්තෙ මොනවද කියලා ඔයා අපිට ලෙක්චර් දෙන්න එන්න ඕනෙ නෑ. තමුසෙ මේ ට්‍රයි කරන්නෙ අම්මා පිට දාලා මේ හවුස් එක කොල්ල කාගන්න. විදර්ශන ගෙ මමී මෙහෙම ඉඳලා ටික කාලෙකින් නැතිවෙලා යයි. මගෙ ඩෝටර් තාම පොඩි ළමයෙක්.. මේ මිනිස්සු නිසා ඇයි මගෙ ඩෝටර් ගෙ ජීවිතේ මම නාස්ති කරවන්නෙ... මගෙ තීරණේ වෙනසක් වෙන්නෙ නෑ."

හෙලන් ගෑනි අම්මා ගැන එහෙම කියනකොට මට ආවේ පුදුම කේන්තියක්. ඒ ගෑනි කොහොමද අම්මාට එහෙම කියන්නෙ. මට කරගන්න දෙයක් නැතුව දොර පුදුම වේගෙකින් මිරිකුවෙ මගෙ තරහා පිටකරගන්න. මට ඒකට එහෙම තරහා යනවනම් මහත්තයට කොහොම තරහා යන්න ඇද්ද..  මහත්තයා ගාව එච්චර වෙලා තිබ්බ ඉවසීම  නැතිවෙලාම ගියා.

" කට වහනවා...තමුසෙ කවුද චූටි අම්මට එහෙම කියන්නෙ...තමුසෙත් ගෑනියෙක් නේද? ඊට වඩා අම්මා කෙනෙක් නේද ?? මේ දේ තමුසෙට උනා නම් තමුසෙ මෙහෙමම මැරිලා යන්නද හදන්නෙ...නැත්නම් සනීප වෙන්නද ? තමුසෙලා නම් වැරදිලා මිනිස් ආත්ම ලබපු තිරිසන්නු"

" ස්ටොපිට්... හව් ඩෙයා යූ ටෝක් ටු මයි මමී ලයික් දැට් අයියා.... මම මෙච්චර වෙලා කටවහන් හිටියෙ ඇත්තටම ඔයාලා පව් කියලා හිතලා..ඒත් ඔයා මගෙ මමීට කතාකරන්නෙ මෙහෙම නම් , මගෙන් ඔයාලට කිසිම සමාවක් නෑ"

මගෙ ආදර ලංසුව Where stories live. Discover now