" මොනවද අප්පා මේ විකාර. මෙහෙම ඒවා කියලා නෙමේනෙ එක්කන් ආවේ "
" විකාර නෙමේ ළමයො. ඒ මනුස්සයා කලේ ඔයාව පිරිසිදු කරපු එක. බොරුනම් බලන්නකො ඔයාගෙ මූනෙයි කකුල් දෙකෙයි වෙනස. "
" යැයි යැයි යැයි යැයි තමා... ආච්චිට හික් ගාවනවා මම අරූ තව අරක උල උලා හිටියනම් "
" මේ මේ...ඔය කතා බහ දැන් පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනෙ මල්ලි ඈ. ඔයා ඉස්සරහට ජීවත් වෙන්නෙ කෝටිපති පවුලක හැදිච්ච ළමයෙක් විදිහට මිසක්. අර වත්තෙ ඉන්න රස්තියාදුකාර කොල්ලා විදිහට නෙමෙයි. ඒක නෙම්...මොනවද ඔය බෑග් එකේ "
" ආච්චිගෙ පෙට්ට්ගම තියෙන්නෙ... මගෙ ඇඳුම් ටික. වෙන මොනවා ගේන්නද මම. කොටින්ම උප්පැන්නෙ වත් ගෙනාවෙ නෑ. "
" ඔව් ඔව්ව්... ශනිල්කගෙ කිසිම දෙයක් මීටපස්සෙ ඕනෙනෑ. ඔය ඇඳුම් උනත් නැතත් කමක් නෑ. මොකද ඕනතරම් ඇඳුම් ගෙදර තියෙනවා. හැබැයි අන්ඩර්වෙයාර් නම් පරන ඒවා අඳින්න බෑනෙ... ශොප් එකකින් අරගම්මු "
" අන්ඩවෙයාර් කොයන්නෙ ජොක්කුනෙ???? නෑ නෑ ඔනෙ නෑ. මේ තියෙන ටික ඇති. මොකද කවුරුත් කලිසම ගලවලා මගෙ ජොකා බල බලා යන්නෙ නෑනෙ අලුත් ද පරනද බලන්න "
එතනින් එහාට මගෙ එක්ක තර්ක කරන එක නවත්තලා මහත්තයා කාරෙක එලවන් ගිහින් නැවැත්තුවෙ හෝමගම කිට්ටුව හෝටලයක් වගේ තැනක.
" ඇයි මෙතන ??මේ ගෙදර නෙමේනෙ... හොටෙල් එකක්නෙ"
" යෙප්...පෙනුමට ඔයා දැන් විදර්ශන උනාට හැසිරීම කතා බහ හැම දේම තාමත් අර ශනිල්කගෙ මල්ලි. ඔයාව විදර්ශන විදිහට දවස් කීපයක් ට්රේන් කරවලා තමයි මට ගෙදර එක්කන් යන්න වෙන්නෙ. එතකන් ඔයාට මේ රූම් එකේ ඉන්න පුළුවන් "
" දැන් මෙච්චර පුරුදු කරවලා ගෙනියන්නෙ ඇයි චුටි අම්මට හරි හමන් සිහියක් තියෙන එකක් ඈ වෙනස තේරෙන්ඩ. මේ දන්නෙවත් නැති බංගසාල හෝටල්වල මම කොහොමද තනියෙන් ඉන්නෙ. කවදාවත් ඉඳලා නෑ "
" කමෝන්.... ගෑනු ළමයෙක් නෙමේනෙ. අනික ඔයාගෙ කෑම එකේ ඉඳල තේ එක වෙනකම්ම කාමරෙව්ටම එනවා. ඔයාට උපරිම නිදහසේ මෙතන ඉන්න පුළුවන් කිසිම ප්රශ්නයක් නැතුව. ඔච්චර මූන එල්ලගන්න දෙයක් නෑ ළමයො මෙතන. හරියට බැලුවොත් ඔයාට මේ සුවිප් එකක් ඇදිලා තියෙන්නෙ."
YOU ARE READING
මගෙ ආදර ලංසුව
Romanceආදරේ වෙනුවෙන් ලංසු තියලා තියෙනවද කවදා හරි ??? ආදරේ වෙනුවෙන් ලංසු තියපු ජීවිතේකට අවසානෙදි හම්බුන ආදරණීයම ලංසුව ගැන බලන්න... කියවන්න.. මගෙ ආදර ලංසුව