පළමු දිගහැරුම 📌️

794 21 1
                                    

"නිදි යන්කො අනේ  ...ප්ලීස් බබා එන්නකො..."

"තීෂ් ප්ලීස්...ලීව් මී අලෝන් ..මට මේ වැඩේ අද ඉවර කරගන්න ඕන"

" ඔයාට ඔයාගෙ ජොබ් එක ඇරෙන්න වෙන කිසිම දෙයක් ලොකු නෑනෙ නේ...ඔය හැමදේකටම පස්සෙනෙ මාව ඕන වෙන්නෙ නේ...ඕන එකක් කරගන්න බබා..මං යනවා.."

රතීෂ් බොරු තරහක් මවා ගනිමින් යන්නට හැරුනෙ නිදි ඔහුව නවත්වාවි යැයි බලාපොරොත්තුවෙන්..ඒත් නිදි කොල ගොඩක් පෙරල පෙරල බලන්නෙ තීෂ්ව ගනන් නොගනිමින්...
තවත් බලා නොසිටීමට වග බලා ගත් ‍රතීෂ් පිටව ගියේ කාර් එකේ දොරෙන් තරහ පිටකරමින්..

රතීෂ්ට ඕන උනේ නිදි එක්ක පොඩ්ඩක් එලියට යන්න...ඒත් නිදි හිටියෙ වැඩ ගොඩක හිරවෙලා..

නිදි වෘත්තියෙන්  චිත්‍ර ශිල්පිනියක්..නිදි සියල්ලටම වඩා  පලමු තැන දුන්නෙ තම වෘත්තියට..නිදිට රතීෂ් හම්බුනෙ අහම්බෙන්. එදා නිදි හිතුවෙ එයාගෙ අනාගත හස්බන් රතීෂ් වගේ කෙනෙක් වුනොත් හොඳයි කියලා ..එත් දැන් නම් නිදිට එහෙම හිතෙන් නෑ...
නිදි ගොඩක් නිදහස හොයන කෙනෙක්..ඒත් රතීෂ්ගෙන් නොලැබෙන එකම දේත් ඒකමයි..
තවමත් රැකියාවක් වත් නොමැති රතීෂ් යැපුනෙ නිදිගෙන්..රතීෂ් වෙනුවෙන් නිදි උනත් වියදම් කලේ කිසිම පැකිලීමකින් තොරව..
ඒත් රතීෂ් නිදි  එක්ක ඉන්නෙ නිදිගෙන් සල්ලි කඩා ගන්න බව නිදි තේරුම් ගත්තෙ නෑ..

නිදියි රතීෂුයි අතර ගොඩක් නොගැලපීම් තිබුනා.. අඩුම තරමෙ ඒ දෙන්නා පෙනුමෙන් වත් මැච් උන් නෑ..මොනා උනත් කවදාවත් නිදි රතීෂ් ගැන වැරදියට හිතුවෙ  නෑ..

ටික වෙලාවක්  කොලයක් දිහා බලන් හිටපු නිදි කොලේ පැත්තකින් තියල පෝන් එක අතට ගත්තෙ ගැඹුරු හුස්මක් පිට කරමින්...

" හෙලෝ .අයිම් සොරි තීෂ්...මං වැඩ ගොඩක හිරවෙලා ඒකයි මට තරහ ගියේ..අයිම් සොරි බේබ්.මං රෙඩි වෙන්නම් ඔයා කා එක හරවන් මං ගන්න එන්න.."

"ඕන් නෑ  බබා ඔයා වැඩ ටික කරගන්න.. මං වෙන කා එක්ක හරි එලියට යන්නම්.."

"යැයි යැයි යැයි "

එහා පැත්තෙන් ටිකක් සැරට වචන පිටවෙද්දි
නිදි  පෝන් එක දිහා බලන් රතීෂ්ට නෑසෙන ලෙස ඇද කරේ නැවතත් පෝන් එක කනට ගනිමින්..

you're mine ♥️ (Sinhala)(Completed)Where stories live. Discover now