තෙවන දිගහැරුම 📌️

300 8 0
                                    

පුටුවට බර වෙලා හිටිය විනීත් සැරින් සැරේ නැගිට එහෙ මෙහෙ ගියේ සිතේ ඇති වී ඇති නොසන්සුන්කම නිසයි..

" දැන් පේෂන් ව බලන්න පුලුවන්.."

නර්ස් ඇවිත් කියපු සැනින් විනීත් කඩාගෙන බිඳගෙන ඇතුලට යද්දි නිදි මද සිනාවකින් තොල් ඈත් කරගෙන විනීත් දිහා බලන් හිටියෙ ඇඳ වියලට හේත්තු කරපු කොට්ටෙකට හේත්තු වෙලයි..

නිදිගෙ අත විනීත්ගෙ අත් දෙක අතරට ගෙන මුකුත් නොපවසා නිදි දිහා බලන් හිටිය විනීත් ඇස් අගින් බේරෙන්නට පටන් ගත්ත කඳුලු පිසදැම්මෙ නිදිගෙන මුහුණ අහකට ගනිමින්..

"විනීත් ඔයා අඬනවද.."

විනීත් මූණ හංගද්දි නිදි ඇහුවෙ මූණට එබෙමින්...

" ඔයාට දැන් හොඳයිද.."

" ඔව් මට දැන් හොඳයි..අඬන්න තරම් දෙයක් වෙලා නෑ මට.."

නිදි කීවෙ සිනාසෙමින්...

" මොකද උනේ එකපාර ...ඇයි ෆේන්ට් වුණේ.."

" මන්දා විනීත් මං දවස් දෙක තුනක් නිදි මැරුවනෙ ඒක හින්දා වෙන්න ඇති.."

රතීෂ් සමඟ ඇතිවුණ රණ්ඩුව විනීත්ට වසන් කලේ ඒකට හේතුව විනීත් බව දැන ගත්තොත් විනීත් නිදිගෙන් ඈත්වෙයි කියල බයෙන්...නිදිටත් නොදැනුවත්වම නිදිට විනීත්ව ඕන වෙලා තිබ්බා..

"ඒක නෙවේ කෝ තීෂ්..."

දොර දෙස බලමින් නිදි අහද්දි විනීත් නිදිගෙ ඔලුව අතගෑවෙ ආදරෙන්

" එයාට හදිස්සි වැඩක් කියල මට ඔයාව බලා ගන්න කියල ගියා..."

" හ්ම්ම්ම්.."

නිදි දිග සුසුමක් හෙලද්දි විනීත් නැවතත් අතින් අල්ලගත්තා..
ඒත් එක්කම ඩොක්ටර් රූම් එකට එද්දි විනීත් නිදීගෙන් චුට්ටක් ඈත් වුණා.

" මේ නිදිගෙ හස්බන්ඩ්ද.."

ඩොක්ටර් අහද්දි නිදි විනීත් දිහා බලමින් හිනා වුණේ ඇස් බැමි උඩ යවමින්...

"නෑ..ඩොක්ටර් අපි යාලුවො.."

"රිපෝට්ස් එන්න තව දවස් දෙකක් යනවා.. අපි ඒක ගැන දන්වන්නම්..දැනට නිදිව ඩිස්චාර්ජ් කරනවා...නිදිව පරිස්සමට බලාගන්න.."

you're mine ♥️ (Sinhala)(Completed)Where stories live. Discover now