පස්වන දිගහැරුම 📌️

260 8 0
                                    

විනීත් ප්‍රථම වතාවට රතීෂ්ගෙ ගෙදර ගියෙ නිදිගෙ අසනීපෙ ගැන රතීෂ් දැනුවත් කරන්න හිතාගෙන..

රතීෂ් විනීත්ව පිලිගත්තෙ කිසිම පැකිලිමකින් තොරවයි.

"වරෙන් මචන් ඇතුලට...පලවෙනිපාර නෙහ් අපෙ දිහා එන්නෙ."

රතීෂ් විනීත්ගෙ කරට අත දාගෙන ගෙට එක්කන් ගියේ වෙනදට වඩා සුහදත්වයක් පෙන්වමින්...

" රතීෂ් මට උඹ එක්ක ටිකක් කතා කරන්න ඕන..ඒකයි මං ගෙදරටම ආවේ..

"ඇයි බන් මට එන්න කීවනම් මං එනවනෙ..."

" බෑ රතීෂ් මේක නිදි සම්බන්ධ කරගන් නැතුව කතා කරන්න ඕන..

"මොකක්ද ප්‍රශ්නෙ."

රතීෂ් බැරෑරුම් බවක් මුහුණෙ මවා ගත්තෙ ඕනෑකමින්මයි.

" රතීෂ් උබ කලබල වෙන්න එපා..නිදිට කැන්සර් එකක්.."

"කැන්සර් එකක්.."

විනීත් බලාපොරොත්තු වූ තරම් රතීෂ්ගෙන් රියැක්ෂන් නොලැබෙද්දි විනීත් පුදුම වුණේ හිතේ කොනක කලකීරිමක් ද ඇතිකරගෙනයි....
ඩොක්ටර් කියපු හැමදෙයක්ම විනීත් පැහැදිලිව විස්තර කරද්දි රතීෂ් අහන් හිටියෙ කිසිම හැඟීමක් නොපෙන්වයි..

" කවුද ඒ බෝයි."

" ඒක අපි දැනට අමතක කරමු රතීෂ් ..දැන් අපි නිදි ගැන බලමු..."

"උඹ කියන්නෙ දැන් අවුරුදු දෙකක් මං නිදි එක්ක..නිදිට ඒම වෙන බෝයි කෙනෙක්ව .........."

" අහපන්කො..ඕක ගැන පස්සෙ බලමු..මුලින් නිදි සනීප කරගමු.."

" ආය කවද්ද යන්න තියෙන්නෙ.."

"හෙට.."

" හෙට..?. මචන් මට හෙට ලොකු වැඩක් නෙ ..

" උබට නිදිටත් වඩා ලොකු වැඩ තියෙද රතීෂ්...මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත්..ඒ උබ ආදරේ කරන කෙල්ල නේද..."

විනීත් යටිගිරියෙන් කෑ ගහද්දි රතීෂ් නක්කලේට හිනා වුණා...

" ඇයි උඹ හිනා වෙන්නෙ.."

" නිදි මාව ආශ්‍රය කරන ගමන් වෙන එකෙක්වත් ආශ්‍රය කරල...ඒකි මට බොරු කරල.උබ මට කියන්නෙ ඒක නිකන් අතඇරලා දාන්න කියලද... කවුද දන්නෙ ඌ එක්ක හොස්පිටල් ගියේ ඇබෝෂන් එහෙකටද කියල.."

you're mine ♥️ (Sinhala)(Completed)Where stories live. Discover now