නමවන දිගහැරුම 📌️

222 8 0
                                    

වෙලාව රෑ එකොලහ හමාරයි...
කාමරේ ඇඳ උඩ,

ඔක්කොමලා මේ වෙනකොට නිදි..මං ඇදට වෙලා ඉන්නවා..කාලෙකින් ඩයරිය ගත්තෙ..හිතේ ගොඩක් දේවල් තියෙනවා...ඒත්  ඒ දේවල් කාටවත් කියාගන්න බෑ මට...මං ඒ හින්දා ලියනවා..මේ වෙනකොට මං ඉන්න තත්වය මට හිතාගන්නවත් බෑ..මං මෙහෙම දෙයක් කවදාවත් බලාපොරොත්තු උන් නැ...මගේ ජීවිතේම මඟ නතර වෙලා..මං ජීවත් වෙයිද...මැරිලා යයිද කියල මං දන් නෑ...කෝමත් මට ජීවත් වෙන්න බලාපොරොත්තුවකුත් නෑ..ඊයේ විනීත් එක්ක මං එලියට ගියා...මිනිස්සු දකිද්දි මට දරාගන්න අමාරුයි...එයාලා සතුටින් ඉන්නවා දැක්කම ඇයි මට ඒ සතුට නැත්තෙ කියල ලෝබයි...මං ඒම දුක් උනාට මං දන්නවා...හැම මනුස්සයෙක්ටම මොකක් හරිම ප්‍රශ්නයක් තියෙනවා...ප්‍රශ්න නැති කවුරුත් මේ ලෝකෙ නෑ...ඒත්  ඒ ප්‍රශ්න අස්සෙන් ලස්සනට හිනා වෙලා ඉන්නෙ කීප දෙනයි..අපිට එයාලව පෙන්නෙ ප්‍රශ්න නැති මිනිස්සු වගේ..ඒම  හිතුවම මට ටිකක් හිතට හයියක් එනවා...හැමෝම ප්‍රශ්න වලට මූනදෙනවනම් මටත් පුලුවන් කියලා...
ඒත් මට පොඩිකාලෙ ඉදලම සතුටක් තිබුනෙම නෑනෙ..මට සතුටක් ඇත්තෙම නෑනෙ...කමක් නෑ...ඒක දෛවය වෙන්න ඇති..
කණ්නාඩිය ඉස්සරහට ගියාම මගෙ ඇඟ දැක්කම මට මං ගැනම දුක හිතෙනවා...මට ආය ඒ විදියට ඉන්නම බැරි වෙයිද..

ඇයි අම්මෙ ඔයාට ඔයගෙ දුවව වටින් නැද්ද...මං මෙච්චර අසනීපෙන් කියල දැනගෙනත් ඇයි මාව බලන්න ආවෙ නැත්තේ...ඇයි ඒ ...මං තාමත් බලාගෙන ඉන්නෙ ඔයා එනකන්...තාත්තා නම් කවදත් ඒමයි...එයාට මාව වටින් නෑ..ඇයි අම්මෙ ඔයා ....මගෙන් වැරැද්දක් උනාද...නොදැනුවත්වම හරි ඒම උනානම් සමා වෙන්න...

මං තීෂ්ව කොච්චර ආදරෙන් බලාගත්තද...අරක ඕන මේක ඕන කියද්දි අතේ තිබුන සතපහත් එයාට වියදම් කරේ එයාට තිබිච්ච ආදරේට..අද එයා වෙන කෙනෙක් එක්ක...මට මේම අසනීපයි කියල දැනගත්තම මං එවෙලෙම තීරණය කලේ ඔයගෙන් අයින් වෙන්න..මං හින්දා ඔයාගෙ ජීවිතේ විනාශ වෙන්න දෙන් නෑ තීෂ්..ඒත් ඔයා ....මාව බලන්න එන්න තරම්වත් ඔයාට මාව වටින් නැද්ද තීෂ්....අපි අවුරුදු ගානක් ආදරේ කරා..මේකද ඔයගෙ ආදරේ තීෂ්...
මේම විදවන් නැතුව මැරිලා යන්න හිතෙනවා මට...කවදහරි මැරෙයි මං..ඒත් ඒ දවස ඉක්මන් උනොත්  මං දුක් විදින එක අඩුවේවි..විනීත් විදින කරදරත් අඩු වෙයි...

විනීත් ....ඔයා මිහිපිට දෙවියෙක් රත්තරන්..මට ඔයාව කලින් හම්බුනා නම් අපිට මීට වඩා සතුටින් කාලයක් ඉන්න තිබුනා..මං වෙනුවෙන් විදින කරදර වලට මට සමාවෙන්න රත්තරන්...ඔයා කරපු යෝජනාව මං රිජෙක්ට් කරන්නෙ ඔයාට තියෙන ආදරේ නිසාමයි.මං ආස ඔයා ලස්සනට ජීවත් වෙනවා බලන්න..මට බලන්න බැරි වෙයි..ඒත් ඔය ඒම ඉන්න ඕන...මාව මැරි කරල මං නැති දවසක ඔයා තනිවේවි..හැමදේකටම මං ඔයාට ණයයි...

ටීනා...
මට හම්බුන හොඳම යාලුව ඔයා..ඔයා කොහෙද මොකද කරන්නෙ සනීපෙන් ඉන්නවද මං දන් නෑ ....හොදින් ඇති කියල හිතනවා.... මාත් එක්ක හැමදේම බෙදාගත්තට තෑන්ක්ස්...අපි අන්තිමට ගත කරපු දවස් කීපයේ අපි අතර පුංචි පුංචි රණ්ඩු ඇති උනත් ..මං කවදාවත් හිතුවෙ නෑ ..ඔයා මට නොකියම යාවි කියලා...මං තව වැඩි දවසක් ජීවත් වෙන එකක් නෑ...මං දැනෙනවා දැන් මං ටික ටික මැරෙනවා...අමාරු කාලවල් වල ලගින් හිටියට පිං...මැරෙන්න කලින් ඔයාව දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

අභි...
ඔයා මතක් වෙද්දිත් මං ගොලු වෙනවා....ඔයාට කියන්න මුකුත්ම නෑ..හැමදේකටම තෑන්ක්ස්...

හැම ගැහැණු ලමයෙක්ටම එයාගෙ ජීවිතෙ ආස දේවල් ලැබෙන්න ඕන...හීන හැබෑ වෙන්න ඕන.. තමන්ගෙ ආත්ම ගෞරවය රැකගෙන එයාල ආසම ඉහලම තැනකට යන්න පුලුවන් වෙන්න ඕන..මං අද ප්‍රාර්ථනා කරන්නෙ ඒම...

දැන් නම් නිදි මතයි.... තව ටිකකින් එලාම් එක වදී බේත් බොන්න තියේනෙ...මං නවතිනවා..

අදට ඉවරයි...ගුඩ්නයිට්..බුදුසරණයි ....!

ඊලඟ කොටසින්🌼♥️ ...

you're mine ♥️ (Sinhala)(Completed)Where stories live. Discover now